මිනිසුන්ගේ දාසයන්ද නැතිනම් දෙවිගේ සේවකයන්ද?
“යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඇත්තෙන්ම අගය කිරීම සුදුසු වෙනවා.” එසේ පවසයි සේයර්, ග්රියුබ්ල’, එන්ටූසියාස්ටන් (දර්ශන මවන්නන්, මෙනෙහි කරන්නන්, උද්යෝගීන්) යන ජර්මානු පොත. සාක්ෂිකරුවන් ගැන යම් දුරකට විවේචනාත්මක වුවත්, එය මෙසේ පිළිගන්නවා: “සාමාන්‍යයෙන් ගත්තොත්, ඔවුන් නිර්දෝෂ, මධ්‍යම පන්තියේ ජීවිතයක් ගත කරනවා. ඔවුන් ඔවුන්ගේ වැඩ ගැන උනන්දු මෙන්ම සාවධාන වන අතර, ශාන්ත පුරවැසියන් වගේම අවංක බදු ගෙවන්නන්ද වෙනවා. ඔවුන් ධනය උමතුවෙන් ලුහුබැඳීමෙන් වළකිනවා. . . . සමුළුවලදී ඔවුන්ගේ හික්මවීම ප්‍රශංසනීයයි. ඔවුන්ගේ ආත්ම පරිත්‍යාගී ආත්මය ගත් කල ඔවුන් අන් සෑම ආගමික කණ්ඩායමක් හා එකම තලයක ඉන්නවා; මෙහෙය ගත් කල අන්‍යයන් සියලුදෙනාවම අබිබවා යනවා. ඔවුන්ව වෙනත් සෑම ක්‍රිස්තියානි පල්ලියකටම හා කණ්ඩායමකටම වඩා උසස් කරන දෙය නම් සියලු තත්වයන් මධ්‍යයේ හා සියලුම අවදානම් හමුවේ බිඳිය නොහැකි පූර්ණ අධිෂ්ඨානයකින් යුතුව ඔවුන්ගේ මූලධර්ම ප්‍රකාශ කිරීමයි.”a
එවැනි ඒකාන්ත ප්‍රශංසාවක් මධ්‍යයේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව වෙනත් රූපයකින් දැක්වීමට ඇතැම් මතධාරීන් උත්සාහ කරනවා. ලෝකයේ රටවල් බොහොමයක, දශක ගණනාවක් පුරා සාක්ෂිකරුවන් කිසිම බාධාවකින් තොරව තම ආගමික සේවාවන් එළිපිටම කරගෙන ගොස් තිබෙනවා. මිනිසුන් මිලියන සංඛ්‍යාතදෙනෙක් ඔවුන්ව දන්නවා; ඔවුන්ට ගෞරව කරනවා; එමෙන්ම ඔවුන්ට ඔවුනගේ ආගම පිළිපැදීමට අයිතියක් තියෙන බවට එකඟ වෙනවා. එසේනම්, ඇයි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ හැඳිනුම ගැන යම් අනුමානයක් තිබෙන්නේ?
සමහරක් විට මෙම අනුමානයට එක් හේතුවක් වන්නේ මෑත කාලවලදී වෙනත් ආගමික කණ්ඩායම් ගණනාවක් දරුවන් අනිසි ලෙස යොදාගැනීම, සමූල ඝාතන හා ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ වීමයි. ඇත්තෙන්ම මෙවැනි වෙනතකට යොමුවීම්, දැහැමි ජීවිත ගත කරන අය අතර පමණක් නොව, සෑම තැනකම දක්නට ලැබෙනවා. කෙසේ වෙතත්, ආගම් සම්බන්ධයෙන් ගත් කල, මිනිසුන් බොහොමයක් ඒවා ගැන සැක සහිත වී තියෙන අතර, සමහරුන් එදිරිවාදීද වී තියෙනවා.
මිනිසුන්ව අනුගමනය කිරීමේ ඇති අන්තරාවන්
“නිකායක්” හඳුන්වන්නේ “යම් වෙනස් මූලධර්මයකට හෝ නායකයෙකුට ඇලී සිටින කණ්ඩායමක් හැටියටයි.” එයාකාරයෙන්ම, යම් “ලබ්ධියකට” අයත් අයට “පුද්ගලයෙක්, අදහසක් හෝ දෙයක් කෙරෙහි දැඩි භක්තියක්” තියෙනවා. ඇත්තෙන්ම, මනුෂ්‍ය නායකයන්ට හා ඔවුන්ගේ අදහස්වලට තදින් ඇලී සිටින ඕනෑම ආගමික කණ්ඩායමකට අයත් සාමාජිකයන් මිනිසුන්ගේ දාසයන් වීමේ අන්තරාවට නතු වෙනවා. දැඩි නායක සම්බන්ධතාවක් චිත්තවේගීයව හා ආත්මිකව අහිතකර රඳා පැවතීමකට මඟ පාදන්න පුළුවන්. පුද්ගලයෙකුව ළමා අවධියේ සිට නිකායවාදී පරිසරයක ඇති දැඩි කර ඇති විට අන්තරාව තවත් සංකීර්ණ විය හැකියි.
ආගමක් සම්බන්ධයෙන් එලෙස සැලකිලිමත් වන අයට රඳාපැවතිය හැකි තොරතුරු අවශ්‍යයි. එහි සාමාජිකයන්ව දාසයන් කරවන, ඔවුන් කෙරෙහි ආධිපත්‍යමය ආකාරයකින් පාලනය හොබවන, ඔවුනගේ නිදහස අනිසි සේ සීමා කරවන හා සමස්තයක් වශයෙන් සමාජය සමඟ එකඟතාවක් නොදක්වන අය බවට පත් කරවන ආගමික සංවිධානයකට යෙහෝවාගේ සාක්ෂිකරුවන් අයත් බව සමහරුන්ට කියා තිබෙනවා විය හැකියි.
තියුණු සැලකිල්ලට බඳුන් වූ මෙවැනි දේවල් අසාධාරණ බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දන්නවා. එහෙයින්, ඔවුන් ඔබටම පරීක්ෂා කර බැලීමට ඇරයුම් කරනවා. පරෙස්සමින් සලකා බැලීමෙන් පසු, ඔබේම නිගමන ඇති කරගන්න. ඔවුන්ම කියා සිටින පරිදි, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ සේවකයන්ද නැත්නම් ඇත්තෙන්ම මිනිසුන්ගේ දාසයන්ද? ඔවුන්ගේ ශක්තියේ ප්රභවය කුමක්ද? එවැනි ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන උත්තර පිටු 12-23 දක්වා ඇති ලිපි දෙකෙන් සපයාවි.
[පාදසටහන]
a ඉහත සඳහන් ප්‍රකාශය 1950 මුල් සංස්කරණයේ අන්තර්ගත වූයේ නැත. වර්ෂ 1982දී කළ සංශෝධිත සංස්කරණයේ එම ප්‍රකාශය දක්නට ලැබෙන අතර, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව වඩාත් හොඳින් තේරුම්ගැනීමක් කෙරෙහි නැඹුරුවාවක් දක්වනවා.