දෙවිගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වීම
“මම [දෙවිය], මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ [තැනැත්තාය].”—යෙසායා 46:9, 10.
1, 2. පොළොවේ කාරණා කෙරෙහි දෙවිගේ මැදිහත් වීම සම්බන්ධයෙන් තිබෙන වෙනස් මතයන් සමහරක් මොනවාද?
දෙවි පොළොවේ කාරණාවලට කොතරම් දුරට සම්බන්ධ වී සිටිනවාද? ඒ සම්බන්ධයෙන් තිබෙන අදහස් විවිධයි. එක් මතයක් වන්නේ ඔහු කොහෙත්ම සම්බන්ධ නොවන බවයි. මනුෂ්‍යයන්ව මැවීමෙන් පසු අප වෙනුවෙන් ක්‍රියා කිරීමට දෙවි එක්කෝ කැමති නැහැ. එසේ නැතිනම් ඔහුට හැකියාවක් නැහැ. මේ මතයට අනුව දෙවි ක්‍රියා කරන්නේ හරියට තම පුතාව අලුත් බයිසිකලයක් මත තබා, එය කෙළින් කර, පාර දිගේ ඉදිරියට යෑමට තල්ලුවක් දෙන පියෙක් වගේයි. ඉන්පසු පියා අයින් වෙනවා. ළමයා තනියම මාර්ගයේ යනවා. ඔහු සමහරවිට වැටෙන්න හෝ එසේ නොවෙන්න ඉඩ තිබෙනවා. මොනවා වුණත්, දැන් ඉතිරි හරිය තිබෙන්නේ පියාගේ අතේ නෙවෙයි.
2 තවත් මතයක් වන්නේ, දෙවි අපේ ජීවිතයේ සෑම අංගයක්ම ක්‍රියාකාරි ලෙස මෙහෙයවන බව සහ ඒ හේතුවෙන් තම මුළු මැවිල්ලේම සිදු වන සෑම සිද්ධියකටම ඔහු ඍජු ලෙස සම්බන්ධව සිටින බවයි. කොහොමවුණත් එය සැබෑවක් නම්, දෙවි සිදු කරන්නේ යහපත් දේවල් පමණක් නොවෙයි කියාත්, මනුෂ්යවර්ගයාහට දුක් පමුණුවන අපරාධ සහ ඛේදජනක දේවලුත් සිදු කරනවා කියාත් ඇතමෙක් නිගමනය කරන්න පුළුවන්. දෙවි සිදු කරන දේවල් ගැන සත්‍යය දැනගැනීම, ඔහුගෙන් අප කුමක් බලාපොරොත්තු විය යුතුද කියා දැනගැනීමට අපට උපකාර කරනවා. එමගින් ඔහුගේ පොරොන්දු නිශ්චිත ලෙස ඉටු වන බවට ඇති අපේ ඇදහිල්ලත් ශක්තිමත් වෙන්න යනවා.—හෙබ්‍රෙව් 11:1.
3. (අ) යෙහෝවා අරමුණුසහගත දෙවි කෙනෙක් බව අප දන්නේ කොහොමද? (ආ) යෙහෝවා තම අරමුණු ‘හැඩගස්වනවා’ සහ ‘සකස් කරනවා’ කියා පැවසිය හැක්කේ ඇයි?
3 මනුෂ්‍ය කාරණාවලට දෙවිගේ සම්බන්ධ වීම ගත් විට, යෙහෝවා අරමුණේ දෙවි කෙනෙක්ය යන කාරණය ප්‍රධාන තැනක් ගන්නවා. එය ඔහුගේ නමෙන්ම ඇඟවෙනවා. “යෙහෝවා” යන්නෙහි අර්ථය “ඔහු යමක් බවට පත් වෙයි සහ ඔහු සිදුවීමට සලස්වයි” යන්නයි. ප්‍රගතිශීලීව ක්‍රියා කිරීම තුළින් තමන් දුන් සෑම පොරොන්දුවක්ම ඉටු කරන්නා බවට යෙහෝවා තමන්වම පත් කරගන්නවා. ඒ හේතුව නිසා යෙහෝවා අනාගතික සිද්ධීන් හෝ ක්‍රියාවන්වලට අනුව තම අරමුණු ‘හැඩගස්වනවා’ හෝ සකස් කරනවා කියා පැවසෙනවා. (2 රාජාවලිය 19:25, NW; යෙසායා 46:11) මෙම යෙදුම් රැගෙන තිබෙන්නේ යා·ට්සාʹ නමැති හෙබ්‍රෙව් වචනයෙන් වන අතර, එය “කුම්භකාරයා” යන අදහස ඇති වචනයට සම්බන්ධ වෙනවා. (යෙරෙමියා 18:4) දක්ෂ කුම්භකාරයෙකුට මැටි පිඩක් අලංකාර බඳුනක් බවට ඇඹිය හැක්කා සේ, යෙහෝවාට තම කැමැත්ත ඉටු කරගැනීම සඳහා දේවල් ඇඹිය හැකියි, නැතහොත් වෙනස් කළ හැකියි.—එපීස 1:11.
4. දෙවි මනුෂ්‍ය වාසය සඳහා පොළොව සූදානම් කළේ කෙසේද?
4 උදාහරණයක් වශයෙන්, පොළොව පරිපූර්ණ, කීකරු මනුෂ්‍යයන් වාසය කරන මනබඳනා අලංකාරයකින් හෙබි ස්ථානයක් විය යුතු බවට දෙවි අරමුණු කළා. (යෙසායා 45:18) බොහෝ කාලයකට ප්‍රථම යෙහෝවා පළමු පුරුෂයාව සහ ස්ත්රියව මැවූ විට, ඔහු ඔවුන් වෙනුවෙන් ප්‍රේමනීය ලෙස දේවල් සූදානම් කළා. යෙහෝවා, දිවා කාලය සහ රාත්‍රි කාලය, ගොඩබිම සහ මුහුද පිහිටෙව්වේ කෙසේද කියා උත්පත්ති පොතේ ආරම්භක පරිච්ඡේදවල විස්තර කරනවා. ඊළඟට ඔහු වෘක්ෂලතාදිය සහ සතුන්ව මැව්වා. මනුෂ්‍ය වාසය සඳහා පොළොවේ සිදු කළ මෙම සූදානම් කිරීමට අවුරුදු දහස් ගණනක් ඇතුළත් වුණා. ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිම කරනු ලැබුවා. සතුටින් ජීවත් වීම සඳහා නිර්මාණය කළ, සෑම දෙයකින්ම අනූන මවිතකර පාරාදීසයක් වූ ඒදන්හි පළමු පුරුෂයා සහ ස්ත්‍රිය දිවි ගෙවන්න පටන්ගත්තා. (උත්පත්ති 1:31) එහෙයින් තම උදාර අරමුණ ඉටු කරගැනීම සඳහා කාර්යයන් ක්‍රමානුකූලව සකස් කරමින්, යෙහෝවා කෙළින්ම පොළොවේ කාරණාවලට සම්බන්ධ වුණා. නමුත් මිනිස් පවුල ව්‍යාප්ත වීම නිසා ඔහුගේ සම්බන්ධ වීම වෙනස් වුණාද?
යෙහෝවා මනුෂ්‍යයන් සමඟ කටයුතු කිරීම සීමා කරයි
5, 6. දෙවි මනුෂ්‍යයන් සමඟ කටයුතු කිරීම සීමා කරන්නේ ඇයි?
5 යෙහෝවාට මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල සෑම කුඩා කාරණයක්ම මෙහෙයවීමට සහ පාලනය කිරීමට හැකියාව තිබුණත් ඔහු එසේ කරන්නේ නැහැ. මෙසේ නොකිරීමට හේතු තිබෙනවා. එක් හේතුවක් නම්, මනුෂ්‍යයන් නිදහස් කැමැත්ත ඇතුව දෙවිගේ ස්වරූපයෙන් මවනු ලැබීමයි. ඒ හේතුවෙන් සදාචාරමය වශයෙන් තීරණ ගැනීමට නිදහසක් ඔවුන් සතුයි. තමා කියන ආකාරයටම කිරීමටවත්, රූකඩ මෙන් ක්‍රියා කිරීමටවත් යෙහෝවා අපට බල කරන්නේ නැහැ. (ද්විතීය කථාව 30:19, 20; යෝෂුවා 24:15) අපේ ක්‍රියාවලට අප ඔහුට ගණන් දිය යුතු වුවත්, අප ජීවිත ගත කරන ආකාරය තීරණය කිරීමට, සැලකිය යුතු නිදහසක් දෙවි ප්‍රේමනීය ලෙස අපට දී තිබෙනවා.—රෝම 14:12; හෙබ්‍රෙව් 4:13.
6 දෙවි සිදු වන සෑම දෙයක්ම මෙහෙයවීමෙන් වැළකීමට තවත් හේතුවක් වන්නේ ඒදන් උයනේදී සාතන් මතු කළ ප්රශ්නයයි. සාතන් දෙවිගේ පරමාධිපත්‍යයට අභියෝග කළා. ස්වාධීනත්වය සඳහා ප්‍රස්තාවක් මෙන් පෙනෙන්න තිබුණු දෙයක්, එනම් ඒවද පසුව ඇගේ පුරුෂයා වූ ආදම්ද පිළිගත් දෙයක් ඔහු ඇයට ඉදිරිපත් කළා. (උත්පත්ති 3:1-6) ඊට ප්‍රතිචාරයක් වශයෙන්, සාතන් කළ අභියෝගය යුක්තිසහගත වුණාද නැද්ද කියා ඔප්පු කිරීම සඳහා, දෙවි මනුෂ්‍යයන්ට තමන්වම පාලනය කිරීමට කාලපරිච්ඡේදයකට ඉඩ දී තිබෙනවා. මේ හේතුව නිසා, අදදින මිනිසුන් කරන වැරදි දේවල්වලට දෙවිට දොස් පවරන්න බැහැ. කැරලිකාර මනුෂ්‍යයන් සම්බන්ධයෙන් මෝසෙස් මෙසේ ලිව්වා: “ඔව්හු [ඔහුට] විරුද්ධව දුෂ්ටකම් කළෝය, ඔව්හු [දෙවිගේ] දරුවෝ නොවෙති, ඔව්හු කැලැල් ඇත්තෝය.”—ද්විතීය කථාව 32:5.
7. පොළොව සහ මනුෂ්‍යවර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
7 කොහොමවුණත්, නිදහස් තේරීම් කිරීමට හා ස්වාධීන පාලනයක් අත්හදා බැලීමට යෙහෝවා ඉඩ දී තිබුණත්, පොළොවේ කාරණාවලට සම්පූර්ණයෙන්ම සම්බන්ධ නොවී සිටීමේ ප්‍රතිපත්තියක් යෙහෝවා අනුගමනය කර නැහැ. එසේ කළා නම් ඔහු තම පොරොන්දු ඉටු කරයි කියා වැඩි බලාපොරොත්තු තබාගැනීමට අපට හැකි නොවන්න තිබුණා. ආදම් සහ ඒව දෙවිගේ පරමාධිපත්‍යයට එරෙහිව කැරලි ගැසුවත්, පොළොව සහ මනුෂ්‍යවර්ගයා සඳහා වූ තම ප්‍රේමනීය අරමුණ යෙහෝවා වෙනස් කළේ නැහැ. පරිපූර්ණ, කීකරු සහ සන්තෝෂවත් ජනයාගෙන් සමන්විත පාරාදීසයකට ඔහු පොළොව නොවරදවාම පරිවර්තනය කරන්න යනවා. (ලූක් 23:42, 43) එම ඉලක්කය ඉටු කරගැනීම සඳහා යෙහෝවා ප්රගතිශීලී ලෙස කටයුතු කර තිබෙන ආකාරය උත්පත්ති සිට එළිදරව් දක්වා බයිබල් වාර්තාව විස්තර කරනවා.
දෙවි තම කැමැත්ත ඉටු කිරීම සඳහා ක්‍රියා කරයි
8. ඉශ්රායෙල්වරුන්ව පොරොන්දු දේශය කරා රැගෙන ඒමේදී, ඊට ඇතුළත් වූයේ මොනවාද?
8 ඉශ්රායෙල් ජාතියත් සමඟ දෙවි කටයුතු කළ ආකාරයෙන් තම කැමැත්ත ඉටු කරන්න යන බව දෙවි නිරූපණය කළා. උදාහරණයක් වශයෙන්, ඉශ්රායෙල්වරුන්ව මිසරයෙන් නිදහස් කරගෙන කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන දේශයක් වන පොරොන්දු දේශයට ගෙනෙන බව යෙහෝවා මෝසෙස්ට සහතික කළා. (නික්මයාම 3:8) මෙය වැදගත් මෙන්ම බිය සැක දුරු කරන පොරොන්දුවක් වුණා. තම නික්ම යෑමට දැඩි ලෙස විරුද්ධ වූ බලවත් ජාතියකින් මිලියන තුනක් පමණ වූ ඉශ්රායෙල්වරුන්ව මුදාගැනීම ඊට ඇතුළත් වුණා. (නික්මයාම 3:19) ඔවුන්ව රැගෙන ආ දේශයේ පදිංචිව සිටියේ ඔවුන්ගේ පැමිණීමට දැඩි ලෙස විරුද්ධ වූ බලවත් ජාතීන්. (ද්විතීය කථාව 7:1) ඒ අතරතුර ඉශ්රායෙල්වරුන්ට ආහාර සහ ජලය අවශ්‍ය වෙන කාන්තාරයක් හරහා ගමන් කළ යුතු වුණා. මෙය යෙහෝවාට තම උත්තරීතර බලය සහ දේවත්වය විදහාපෙන්වන්න ලැබුණු අවස්ථාවක් වුණා.—ලෙවී කථාව 25:38.
9, 10. (අ) දෙවිගේ පොරොන්දු විශ්වසනීය බව සහතික කිරීමට යෝෂුවාට හැකි වූයේ මන්ද? (ආ) තම ඇදහිලිවන්තයන්ට විපාක දීමට දෙවිට ඇති හැකියාව කෙරෙහි අප විශ්වාසයක් තිබීම කොතෙක් වැදගත්ද?
9 දෙවි ඉශ්රායෙල්වරුන්ව බලවත් ක්‍රියා රැසක් සිදු කර මිසරයෙන් පිටතට ගෙන ආවා. පළමුව ඔහු මිසර ජාතිය මතට විනාශකාරි පීඩා දහයක් ගෙනාවා. ඉන්පසු ඔහු, ඉශ්රායෙල්වරුන්ට ගැළවීම උදා කරවමින් රතු මුහුද දෙබෑ කොට, අනතුරුව මිසර හමුදාව විනාශ කළා. (ගීතාවලිය 78:12, 13, 43-51) ඊට පසු, කාන්තාරයේ සිටි අවුරුදු 40ක කාලය අතරතුර, ඔහු ඉශ්රායෙල්වරුන්ව මන්නාවලින් පෝෂණය කරමින්, ජලය සපයමින් සහ ඔවුන්ගේ වස්ත්‍ර දිරාපත් නොවීමටත්, ඔවුන්ගේ පාද ඉදිමෙන්න ඉඩ නොහැරීමටත් වගබලා ගනිමින් ඔවුන්ව රැකබලා ගත්තා. (ද්විතීය කථාව 8:3, 4) ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වූ පසු, යෙහෝවා ඔවුන්ට තම සතුරන්ගෙන් ජයග්‍රහණය අත් කර දුන්නා. යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ යෝෂුවා මේ සියලුම දේවල් ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. එනිසා, තම දවසේ සිටි වැඩිමහල්ලන්ට නිසැකභාවයකින් යුතුව මෙසේ පැවසීමට ඔහුට හැකි වුණා: “නුඹලාගේ දෙවිවූ [යෙහෝවා] නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු [ප්රාණයෙනුත්] නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.”—යෝෂුවා 23:14.
10 දෙවි තමාට සේවය කරන අය වෙනුවෙන් ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටින බවත්, ඔහුට එසේ කිරීමට හැකියාව තිබෙන බවත්, පුරාණයේ සිටි යෝෂුවා මෙන් අදදින සිටින ක්‍රිස්තියානීන්ද සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. මෙම ස්ථිර විශ්වාසය අපේ ඇදහිල්ලේ අත්‍යවශ්‍ය කොටසක්. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘ඇදහිල්ල නැතුව ඔහුව ප්‍රසන්න කරන්ට නුපුළුවන. මක්නිසාද දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහුව [උනන්දුවෙන්, NW] සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බව විශ්වාස කරන්ට ඕනෑය.’—හෙබ්‍රෙව් 11:6.
දෙවි අනාගතය කලින් දකී
11. දෙවිට තම පොරොන්දු ඉටු කරගැනීම සඳහා කිනම් සාධක උපකාරවත් වෙනවාද?
11 දෙවි නිදහස් කැමැත්තට සහ ස්වාධීන මනුෂ්‍ය පාලනයට ඉඩ දී තිබුණත්, ඔහුට තම අරමුණ ඉටු කිරීම සඳහා ක්‍රියා කිරීමට බලය සහ හැකියාව යන දෙකම තිබෙන බව මේ වන තෙක් අප දැක තිබෙනවා. නමුත් දෙවිගේ පොරොන්දුවල නිශ්චිත ඉටුවීමට දායක වන තවත් සාධකයක් තිබෙනවා. යෙහෝවාට අනාගතය කලින් දැකිය හැකියි. (යෙසායා 42:9) තම අනාගතවක්තෘ තුළින් දෙවි මෙසේ පැවසුවා: “පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම [දෙවිය], වෙන කෙනෙක් නැත; මම [දෙවිය], මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මගේ මන්ත්‍රණ පවත්වන්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ [තැනැත්තාය].” (යෙසායා 46:9, 10) පළපුරුදු ගොවියෙක් බීජ වැපිරිය යුත්තේ කවදාද සහ කොහේද කියා දන්නවා වුණත්, දේවල් කෙසේ වර්ධනය වෙයිද කියා යම් අවිනිශ්චිතභාවයක් තිබිය හැකියි. කොහොමවුණත්, තම අරමුණු ඉටු කිරීම සඳහා ක්‍රියා කළ යුත්තේ කවදාද සහ කොහේද කියා හරියටම කලින් දැකීමට ‘සදාකාල රජුට’ නිවැරදි දැනුම තිබෙනවා.—1 තිමෝති 1:17.
12. නෝවාගේ දවස්වලදී යෙහෝවා පූර්ව දැනුම ක්‍රියාවට නැඟුවේ කිනම් ආකාරයෙන්ද?
12 දෙවි නෝවාගේ දවස්වලදී පූර්ව දැනුම ක්‍රියාවට නැංවූයේ කෙසේද කියා සැලකිල්ලට ගන්න. පොළොවේ පිරී තිබුණු දසත පැතිරුණු දුෂ්ටකම නිසා, අකීකරු මනුෂ්‍යවර්ගයා මතට අවසානයක් ගෙන ඒමට දෙවි තීරණය කළා. ඔහු මෙය කරන්න යන කාලය වශයෙන් අවුරුදු 120ක් ඉදිරියට දවසක් නියම කළා. (උත්පත්ති 6:3) එම නිශ්චිත කාලපරිච්ඡේදය තීරණය කිරීමේදී, තමන්ට ඕනෑම වේලාවක කළ හැකි දෙයක් වන දුෂ්ටයන්ව විනාශ කිරීමට වඩා වැඩි දෙයක් යෙහෝවා සැලකිල්ලට ගත්තා. ධර්මිෂ්ඨයන්ට ආරක්ෂාව සැපයීමත් යෙහෝවාගේ කාලසටහනට ඇතුළත් වුණා. (උත්පත්ති 5:29 සසඳන්න.) තම ප්‍රඥාව තුළින්, එම ඉලක්කයට මඟ පාදන කාර්යය පැවරිය යුත්තේ කවදාද කියා දෙවි කලින් දැනගෙන හිටියා. ඔහු නෝවාට ප්‍රමාණවත් තොරතුරු දුන්නා. නෝවාට “තමාගේ පවුල ගැළවීම” සඳහා නැවක් සෑදීමට තිබුණු අතර, දුෂ්ටයන් ලෝක ව්‍යාප්ත ජලගැල්මකින් විනාශ වීමට තිබුණා.—හෙබ්‍රෙව් 11:7; උත්පත්ති 6:13, 14, 18, 19.
දැවැන්ත ගොඩනැඟීමේ ව්‍යාපෘතියක්
13, 14. නැව ගොඩනැඟීම අභියෝගාත්මක පැවරුමක් වූයේ ඇයි?
13 මෙම පැවරුම නෝවාගේ දෘෂ්ටිකෝණයෙන් සලකා බලන්න. නෝවා දෙවිගේ මනුෂ්‍යයෙක් වූ නිසා, අභක්තිකයන්ව විනාශ කිරීමට යෙහෝවාට හැකි බව ඔහු දැන සිටියා. කොහොමවුණත් එය සිදුවීමට ප්‍රථමයෙන් කිරීමට වැඩක් තිබුණා. එනම් ඇදහිල්ල අවශ්‍ය වන වැඩක්. නැව ගොඩනැඟීම දැවැන්ත ව්‍යාපෘතියක් වෙනවාට සැකයක් නැහැ. දෙවි එහි පරිමාණයන් නිශ්චිතව පවසා තිබුණා. නැව අදදින තිබෙන සමහර ක්‍රීඩා පිටිවලට වඩා දීර්ඝ සහ තට්ටු පහක ගොඩනැඟිල්ලක් තරම් උස්ව තිබුණා. (උත්පත්ති 6:15) ගොඩනඟන්නන් අද්දැකීම් රහිත අයයි. එමෙන්ම සුළු සංඛ්‍යාවයි සිටියේ. ඔවුන්ට අදදින තිබෙන නවීන පන්නයේ ආයුධ සහ උපකරණ තිබුණේ නැහැ. තවදුරටත්, අනාගතය කලින් දැනගැනීමට තිබූ යෙහෝවාගේ හැකියාව ඔහුට තිබුණේ නැති නිසා, ගොඩනැඟීමේ ව්‍යාපෘතියට උපකාර වන හෝ බාධා වන කිනම් තත්වයන් උද්ගත වේද කියා දැනගැනීමට කිසිම මාර්ගයක් නෝවාට තිබුණේ නැහැ. නෝවා ප්‍රශ්න රාශියක් ගැන කල්පනා කරන්න ඇති. ගොඩනැඟීමට අවශ්‍ය ද්‍රව්‍ය රැස් කරගන්නේ කොහොමද? සතුන්ව එකතු කරගන්නේ කොහොමද? අවශ්‍ය වන්නේ මොන වර්ගයේ ආහාරද? එමෙන්ම කොපමණ ප්‍රමාණයක්ද? පුරෝකථනය කළ ජලගැල්ම පැමිණෙන්නේ හරියටම කවදාද?
14 බලපාන තවත් හේතුවක් වූයේ සමාජ තත්වයන්. දුෂ්ටකම පුළුල්ව ව්‍යාප්තව තිබුණා. දුෂ්ට දූතයන්ගේ සහ ස්ත්රීන්ගේ දෙමුහුන් දරුවන් වන බලවත් නෙඵිලීම්වරුන් පොළොව සැහැසියාවෙන් පුරවා තිබුණා. (උත්පත්ති 6:1-4, 13) නැව ගොඩනැඟීමේ කාර්යය රහසිගතව කරගෙන යා හැකි ව්‍යාපෘතියක් නොවෙයි. නෝවා කරමින් සිටි දේ ගැන මිනිසුන් කල්පනා කරනවාට සැකයක් නැති අතර, ඔවුන්ට ඒ ගැන පැවසීමට ඔහුට සිදු වෙයි. (2 පේතෘස් 2:5) ඔවුන්ගේ අනුමැතිය ලැබෙයි කියා සිතිය හැකිද? එසේ සිතීම අපහසුයි! ඊට අවුරුදු කීපයකට කලින්, ඇදහිලිවන්ත ඒනොක් දුෂ්ටයන්ගේ විනාශය ගැන ප්‍රකාශ කර තිබුණා. ඔහුගේ පණිවුඩය කොතෙක් අප්‍රසාදයට ලක් වුණාද කියනවා නම්, පෙනෙන විදියට ඔහුගේ සතුරන් විසින් ඔහුව මරණයට පත් කිරීමෙන් වැළැක්වීම සඳහා දෙවි ‘ඔහුව ගත්තා,’ නැතහොත් ඔහුගේ ජීවිතය කෙටි කළා. (උත්පත්ති 5:24; හෙබ්‍රෙව් 11:5; යූද් 14, 15) නෝවාට, ඒ හා සමාන අප්‍රසාදයට ලක් වූ පණිවුඩයක් ප්‍රකාශ කිරීමට සිදු වුණා පමණක් නොවෙයි, නමුත් ඔහුට නැවක් සෑදීමටත් තිබුණා. එම නැව ගොඩනඟමින් සිටියදී, දුෂ්ට සමකාලීනයන් හමුවේ නෝවාගේ විශ්වාසවන්තභාවය ප්‍රබල සිහිගැන්වීමක් ලෙස ක්‍රියා කරනවාට සැකයක් නැහැ.
15. තම පැවරුම කරගෙන යෑමට තමාට හැකි බවට නිසැකභාවයක් නෝවාට තිබුණේ ඇයි?
15 ව්‍යාපෘතියට සර්වපරාක්‍රම දෙවිගේ උපකාරය සහ ආශීර්වාදය තිබුණු බව නෝවා දැන සිටියා. මෙම කාර්යය පවරා තිබුණේ යෙහෝවාම නොවේද? නෝවා සහ ඔහුගේ පවුල සම්පූර්ණයෙන්ම නිම කළ නැවකට ඇතුල් වන බවත් ලෝක ව්‍යාප්ත ජලගැල්මෙන් ආරක්ෂා වන බවත්, යෙහෝවා ඔහුට සහතික කර තිබුණා. දෙවි එය භාරදූර ගිවිසුමකින් පවා නිශ්චිත වශයෙන්ම තහවුරු කළා. (උත්පත්ති 6:18, 19) පැවරුම භාර දීමට ප්‍රථමයෙන් යෙහෝවා සිදුවීමට යන සෑම දෙයක්ම කලින් අපේක්ෂා කළ බවත් තක්සේරු කළ බවත් පෙනෙන විදියට නෝවා අවබෝධ කරගන්න ඇති. තවදුරටත්, අවශ්‍ය වූ විට තමාට උපකාර කිරීම සඳහා මැදිහත් වීමට යෙහෝවාට බලය තිබුණු බවත් නෝවා දැන සිටියා. එනිසා නෝවාට තිබුණු ඇදහිල්ල ක්‍රියා කිරීම සඳහා ඔහුව පෙලඹෙව්වා. තමාගෙන් පැවතෙන්නෙකු වූ ආබ්‍රහම් මෙන් නෝවා “පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට [දෙවිට] පුළුවන කියා නිසැකව විශ්වාස [කළා].”—රෝම 4:21.
16. නැව ගොඩනැඟීම කෙරීගෙන යන විටදී, නෝවාගේ ඇදහිල්ල ශක්තිමත් වූයේ කෙසේද?
16 කාලයාගේ ඇවෑමෙන් නැව ගොඩනැඟූ අතර, නෝවාගේ ඇදහිල්ල ශක්තිමත් වුණා. ඉදි කිරීම සහ ඒ සම්බන්ධයෙන් ඇති වූ ප්‍රායෝගික ගැටලු විසඳනු ලැබුවා. බාධක ජය ගත්තා. කිසිම විරුද්ධවාදිකමකට ඒ වැඩය නතර කිරීමට හැකි වූයේ නැහැ. නෝවාගේ පවුල යෙහෝවාගේ උපකාරය සහ ආරක්ෂාව අද්දැක්කා. නෝවා වැඩය දිගටම කරගෙන ගිය නිසා ‘ඔහුගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් විඳදරාගැනීම පැමිණියා.’ (යාකොබ් 1:2-4, NW) අවසානයේදී නැව සෑදීම නිම කළා. ඉන්පසු ජලගැල්ම පැමිණි අතර නෝවා සහ ඔහුගේ පවුල ගැළවුණා. යෝෂුවා පසු කාලයක අද්දැක්කා හා සමානව දෙවිගේ පොරොන්දුවල ඉටුවීම නෝවා අද්දැක්කා. නෝවා තම ඇදහිල්ල නිසා විපාක ලැබුවා.
යෙහෝවා වැඩට අනුබල දෙයි
17. අපගේ කාලය නෝවාගේ දවස්වලට සමාන්තර වන්නේ කිනම් ආකාරවලින්ද?
17 අපගේ දවස් නෝවාගේ දවස්වලට සමාන වෙන්න යන බව යේසු පුරෝකථනය කළා. නැවතත් දෙවි දුෂ්ටකම නැති කර දැමීමට තීරණය කර තිබෙන අතර මෙය සිදුවීමට යන කාලය ඔහු නියම කර තිබෙනවා. (මතෙව් 24:36-39) ඔහු ධර්මිෂ්ඨයන්ව ආරක්ෂා කිරීම සඳහාත් දේවල් සූදානම් කර තිබෙනවා. නෝවාට නැවක් සෑදීමට සිදු වුණත්, අදදින දෙවිගේ සේවකයන්ට, යෙහෝවාගේ අරමුණ ප්‍රකාශ කිරීමට, ඔහුගේ වචනය ඉගැන්වීමට සහ ගෝලයන් සෑදීමට තිබෙනවා.—මතෙව් 28:19.
18, 19. ශුභාරංචිය දේශනා කිරීමට යෙහෝවාගේ උපකාරය තිබෙන බව අප දන්නේ කොහොමද?
18 නෝවාට උපකාර කිරීමට සහ ඔහුව ඉසිලීමට යෙහෝවා ඔහු සමඟ සිටියේ නැතිනම් නැව ඉදි කෙරෙන එකක් නැහැ. (ගීතාවලිය 127:1 සසඳන්න.) ඒ හා සමානව, යෙහෝවාගේ උපකාරය නොමැතිව, සැබෑ ක්‍රිස්තියානි ධර්මයට සමෘද්ධිමත් වීමට තියා බේරී පවතින්නවත් බැහැ. ගරු බුහුමන් ලත් ඵරිසිවරයෙක් මෙන්ම ව්‍යවස්ථාව උගන්වන ගුරුවරයෙක්ද වූ පළමු ශතවර්ෂයේ සිටි ගමාලියෙල් මෙය අවබෝධ කරගත්තා. ප්‍රේරිතයන්ව විනාශ කර දැමීමට යුදෙව් මන්ත්‍රණ සභාවට අවශ්‍ය වූ විට ඔහු උසාවියට මෙසේ අනතුරු ඇඟෙව්වා: “මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් [නොකරන්න]. මක්නිසාද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය. නුමුත් ඒක [දෙවිගෙන්] වී නම්, ඔවුන් පරාජයකරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා [දෙවිට] විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවන.”—ක්‍රියා 5:38, 39.
19 පළමු ශතවර්ෂයේ සහ අදදින දේශනා වැඩයෙහි ලබා ඇති දියුණුවෙන් ඔප්පු වන්නේ මෙය දෙවිගේ වැඩක් මිසක මනුෂ්‍යයන්ගේ වැඩක් නොවන බවයි. මෙම කාර්යය විශාල ලෙස ඉතාමත් සාර්ථකව කරගෙන යෑමට උපකාර වූ, උනන්දුව පුබුදුවාලන තත්වයන් සහ වැඩිදියුණු වීම් කීපයක් ගැන අප ඊළඟ ලිපියෙහි සාකච්ඡා කරන්න යනවා.
කිසිවිටක අත් නොහරින්න!
20. අප ශුභාරංචිය දේශනා කරන විට, අපට උපකාර කරන්නේ කවුද?
20 අප “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්වල” ජීවත් වුණත්, සම්පූර්ණයෙන්ම යෙහෝවාගේ අතේ පාලනය තිබෙන බවට අපට ස්ථිර විය හැකියි. මෙම දුෂ්ට දේවල පිළිවෙළ අවසානයකට ගෙන ඒම සඳහා දෙවිගේ නියම කරන ලද කාලය පැමිණීමට ප්‍රථමයෙන් ශුභාරංචිය දේශනා කිරීම අවසන් කිරීමට ඔවුන් වැඩ කරන නිසා, ඔහු තම ජනයාට උපකාර කරමින් සහ ඔවුන්ව උසුලමින් සිටිනවා. (2 තිමෝති 3:1, NW; මතෙව් 24:14) යෙහෝවා අපට ඔහු සමඟ “හවුල් වැඩකරන්නෝ” වීමට ආරාධනා කරනවා. (1 කොරින්ති 3:9) මෙම කාර්යයේදී යේසුස් ක්‍රිස්තුස් අප සමඟ සිටින බවත් අපට දේවදූත උපකාරය සහ මඟ පෙන්වීම මත රඳා සිටිය හැකි බවත් සහතික කර තිබෙනවා.—මතෙව් 28:20; එළිදරව් 14:6.
21. අප කිසිවිටකත් අත් නොහැරිය යුත්තේ කුමන ඒකාන්ත විශ්වාසයද?
21 නෝවා සහ ඔහුගේ පවුල යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල පැවැත්වූ නිසා ජලගැල්මෙන් ඔවුන් ගැළවුණා. අදදින ඒ හා සමාන ඇදහිල්ලක් පවත්වන අය, පැමිණෙන ‘මහත් පීඩාවෙන්’ ගළවනු ලබන්න යනවා. (එළිදරව් 7:14) අප ජීවත් වන්නේ සැබවින්ම උනන්දුව දනවන කාලයකයි. අතිවැදගත් සිදුවීම් අත ළඟටම ඇවිල්ලා! ඉක්මනින්ම දෙවි, ධර්මිෂ්ඨකම වාසය කරන තේජාන්විත අලුත් අහසක් සහ අලුත් පොළොවක් ගෙනෙන්න කටයුතු කරන්න යනවා. (2 පේතෘස් 3:13) තමා පවසන ඕනෑම දෙයක් කරන්න දෙවිට පුළුවන් බවට වූ ඔබේ විශ්වාසය කිසි විටකත් නැති වෙන්න ඉඩ දෙන්න එපා.—රෝම 4:21.
නැවත මතක් කරගැනීමට කරුණු
◻ මනුෂ්‍ය ක්‍රියාකාරකම්වල සෑම කුඩා කාරණයක්ම යෙහෝවා පාලනය නොකරන්නේ ඇයි?
◻ තම අරමුණ ඉටු කිරීමට යෙහෝවාට තිබෙන හැකියාව ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ කොහොමද?
◻ අනාගතය දැකීමට ඇති යෙහෝවාගේ හැකියාව නෝවාගේ දවසේදී නිරූපණය වූයේ කෙසේද?
◻ දෙවිගේ පොරොන්දු කෙරෙහි අපට තිබිය හැක්කේ කිනම් විශ්වාසයද?