ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 12/1 9-14 පි.
  • එළිදරව් පොතෙන් “ශුභාරංචි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එළිදරව් පොතෙන් “ශුභාරංචි”
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ශුභාරංචි ප්‍රකාශ කරන්නෝ
  • එළිදරව්ව අපි ඉදිරියෙහි තබා තිබෙන දේවල්
  • ගෞරවය ලැබීමට වටින බැටළු පැටවා
  • ‘ඔහුගේ විනිශ්චයන් සැබෑය, ධර්මිෂ්ඨය’
  • තේජවත් සහස්‍ර පාලනය
  • එළිදරව් පොත කියවීමෙන් සන්තෝෂය අත් කරගන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එළිදරව් පොතේ අර්ථය මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • එළිදරව්වේ ඉටුවීම ගැන ප්‍රීති වෙමු!
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • එළිදරව් පොත ඔබට බලපාන අයුරු
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 12/1 9-14 පි.

එළිදරව් පොතෙන් “ශුභාරංචි”

“පොළොවේ වසන්නන්ට . . . ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි.”—එළිදරව් 14:6.

1. ලෝකාන්තිමය හා සම්බන්ධයයි සැලකෙන එළිදරව් නමැති පොත දේවානුභාවයෙන් බව විශ්වාස කළත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ලෝකාන්තිමයක් ගැන බිහිසුණු අදහස් පතුරුවන නිකායක්” නොවන්නේ ඇයි?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ලෝකාන්තිමයක් ගැන බිහිසුණු අදහස් පතුරුවන නිකායක්” කියා චෝදනා කළත් එය අසත්‍යයක්. සාමාන්‍යයෙන් ලෝකාන්තිමය හා සම්බන්ධයයි සැලකෙන එළිදරව් නමැති පොත දෙවිගේ ආනුභාවය ලත් වචනයේ කොටසක් ලෙස නම් ඔවුන් පිළිගන්නවා. දුෂ්ටයන්ට එරෙහිව ඉදිරිපත් කරන විනිශ්චය පණිවිඩ එළිදරව් පොතේ අන්තර්ගත වන බව ඇත්තයි. නමුත් දෙවිගේ සේවකයන් ප්‍රසිද්ධියේ සාක්ෂිදැරීමේ වැඩයෙහි හවුල් වෙද්දී අවධාරණය කරන්නේ එළිදරව් පොත ඇතුළු බයිබලයේ සඳහන් මවිතකර බලාපොරොත්තුව ගැනයි. මේ අනුව, ඔවුන් දෙවිගේ වචනයේ සඳහන් අනාවැකිමය වදන්වලට කිසිවක් එකතු කරන්නේවත් ඒවායින් කිසිවක් ඉවත් කරන්නේවත් නැහැ.—එළිදරව් 22:18, 19.

ශුභාරංචි ප්‍රකාශ කරන්නෝ

2. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ දේශනා වැඩයේ හවුල් වෙද්දී නිතරම යොදාගන්න ශුද්ධ ලියවිලි පාඨ සමහරක් මොනවාද?

2 යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන ප්‍රසිද්ධ දේවසේවය සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය පදනම ලෙස නිතර සඳහන් කරන්නේ යේසුස්ගේ මෙම ප්‍රකාශයයි: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) “රාජ්‍යයේ මේ ශුභාරංචිය” කියන්නේ කුමක්ද? එළිදරව් 20 සහ 21වන පරිච්ඡේදවල සඳහන් පද උපුටා දක්වමින් එම ප්‍රශ්නයට බොහෝ සාක්ෂිකරුවන් උත්තර දෙයි. එම පරිච්ඡේදවල සඳහන් වෙන්නේ ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය, ඔහුගේ ආණ්ඩුව සහ මරණය, වැලපීම හා වේදනාව ‘තවත් නැති’ මිනිස් සමාජය ගැනයි.—එළිදරව් 20:6; 21:1, 4.

3. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රසිද්ධ දේවසේවයට සමාන්තරව දිවයන්නේ කුමන මෙහෙයද?

3 එම ශුභාරංචි ප්‍රකාශ කරන්නන් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සංකේතාත්මක ස්වර්ගික දූතයෙකුගේ නියෝජිතයන් හැටියට කටයුතු කරනවා. ඔහුගේ මෙහෙය ගැන එළිදරව් පොතේ මෙසේ විස්තර කරනවා: “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි.” (එළිදරව් 14:6) “ලෝකයේ අධිපතිකම [නැතහොත් පාලනතන්ත්‍රය]” ‘අපගේ ස්වාමිටද තමන් ක්‍රිස්තුස්ටද ලැබී’ තිබෙන බවත්, ‘පොළොව විනාශකරන්නවුන් විනාශ කිරීමට’ යෙහෝවාගේ “නියම කරන ලද කාලය, [NW]” පැමිණ තිබෙන බවත් නිවේදනය කිරීම, එම ‘සදාකාල ශුභාරංචිවලට’ ඇතුළත් වෙනවා. (එළිදරව් 11:15, 17, 18) ඇත්තටම මෙය ශුභාරංචියක් නොවේද?

එළිදරව්ව අපි ඉදිරියෙහි තබා තිබෙන දේවල්

4. (අ) එළිදරව් 1වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ කිනම් මූලික සත්‍යයන්ද? (ආ) මෙම ශුභාරංචිවලින් ප්‍රයෝජන ලබාගන්න කැමති අය කළ යුත්තේ මොනවාද?

4 ආරම්භක පරිච්ඡේදය යෙහෝවාව විස්තර කරන්නේ “අල්ඵා සහ ඕමෙගාද . . . සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්‍රමවූ” තැනැත්තා ලෙසයි. එමෙන්ම, ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ව විස්තර කරන්නේ “විශ්වාස සාක්ෂිකාරයා,” “මළවුන්ගෙන් නැගිටි කුලුඳුලා” හා “පොළොවේ රජුන්ගේ අධිපතියා” ලෙසයි. ඒ වගේම එය යේසු ගැන කතා කරන්නේ “අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ” තැනැත්තා ලෙසයි. (එළිදරව් 1:5, 8) මෙසේ එළිදරව්ව එහි ආරම්භයේදීම ජීවිත ගළවන මූලික සත්‍යයන් පැහැදිලි කරනවා. “පොළොවේ වසන්නන්” යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගනිමින් යේසුස් වැගිරවූ රුධිරය කෙරෙහි ඇදහිල්ල තබන්නේ නැත්නම් හා යෙහෝවා ඔහුව නැවත නැඟිටවූ බවත් දැන් ක්‍රිස්තුස් පොළොව සඳහා දෙවි පත් කර තිබෙන පාලකයා බවත් විශ්වාස කරන්නේ නැත්නම්, ඔවුන් වෙත ගෙන එන ශුභාරංචිවලින් ඔවුන් ප්‍රයෝජන ලබාගන්න යන්නේ නැහැ.—ගීතාවලිය 2:6-8.

5. එළිදරව් 2වන හා 3වන පරිච්ඡේදවලට අනුව, ක්‍රිස්තුස් සිදු කරන්නේ කිනම් කාර්යභාරයද?

5 ඊළඟ පරිච්ඡේද දෙක ක්‍රිස්තුස් යේසුස්ව විස්තර කරන්නේ, පොළොව මත සිටින ඔහුගේ ගෝලයන්ගෙන් සමන්විත සභාවල ප්‍රේමනීය ස්වර්ගික අවේක්ෂක ලෙසයි. පොදු යුගයේ පළමු සියවසේ කුඩා ආසියාවේ පිහිටි තෝරාගත් ක්‍රිස්තියානි සභා හතකට යොමු කළ හකුළන ලද ලියවිල්ලෙහි සඳහන් දිරිගැන්වීම් හා ස්ථිර උපදෙස් අදටත් අදාළ වෙනවා. සභාවලට යවන ලද පණිවිඩ සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ‘මම නුඹේ ක්‍රියා දනිමි,’ නැත්නම් “මම නුඹේ පීඩාව . . . දනිමි” යන වදන් සමඟයි. (එළිදරව් 2:2, 9) ඔව්, ක්‍රිස්තුස් සිය ගෝලයන්ගෙන් සමන්විත සභාවල සිදු වෙමින් තිබූ දේවල් හරියටම දැන සිටියා. ඔහු සමහරුන් පෙන්වූ ප්‍රේමය, ඇදහිල්ල, දේවසේවය උදෙසා ඔවුන් දැරූ වෙහෙස, විඳදරාගැනීම සහ ඔහුගේ නාමය හා වචනය කෙරෙහි තිබූ විශ්වාසවන්තභාවය පැසසුමට ලක් කළා. ඔහු තවත් අයව හික්මවනු ලැබුවා; එසේ කළේ ඔවුන් යෙහෝවා හා ඔහුගේ පුත්‍රයා කෙරෙහි තිබූ ඔවුන්ගේ ප්‍රේමය ඇල්මැරුණු තත්වයකට පත්වීමට ඉඩ දී තිබුණු නිසා හෝ ලිංගික දුරාචාරය, පිළිම නමස්කාරය හා ඇදහිල්ල අත්හැර ගිය අයගේ නිකායික ඉගැන්වීම් යනාදිය සම්බන්ධයෙන් කලින් තිබූ ස්ථාවරයේ පිහිටා නොසිටි නිසයි.

6. හතරවන පරිච්ඡේදයේ සඳහන් දර්ශනය ජනයාට උපකාර කරන්නේ කුමක් තේරුම්ගැනීමටද?

6 හතරවන පරිච්ඡේදය යෙහෝවා දෙවිගේ ස්වර්ගික සිංහාසනය පිළිබඳ ගරු බිය දනවන දර්ශනයක් සපයනවා. යෙහෝවාගේ පැමිණ සිටීම හා ඔහු යොදාගන්න යන ස්වර්ගික පාලනයේ සැලැස්ම ගැන තේජවත් කෙටි දර්ශනයක් මෙම පරිච්ඡේදයේ අඩංගු වෙනවා. විශ්වයේ ප්‍රධාන සිංහාසනය වටා තිබෙන සිංහාසනවල සිටින ඔටුනු පැළඳගත් පාලකයන් යෙහෝවාට ගෞරවාචාර කරමින් මෙසේ ප්‍රකාශ කරයි: ‘අපගේ දෙවි යෙහෝවා, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය; ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය; ඒවා මවන ලද්දේය.’—එළිදරව් 4:11.

7. (අ) දේවදූතයා පොළොවේ වසන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ කුමක් කිරීමටද? (ආ) අපේ අධ්‍යාපනික වැඩයේ වැදගත් කොටසක් වන්නේ කුමක්ද?

7 අද සිටින මිනිසුන්ට මෙය යම් ආකාරයකින් බලපානවාද? ඇත්තෙන්ම ඔව්! සහස්‍ර පාලනය යටතේ ජීවත් වෙන්න ඔවුන් කැමති නම්, ‘අහස මැද පියාසර කරන දේවදූතයා’ පවසන මේ දෙයට ඔවුන් අවනත විය යුතුයි: ‘දෙවිට භයව ඔහුට ගෞරව කරන්න; මක්නිසාද ඔහුගේ විනිශ්චයේ පැය පැමුණුණේය.’ (එළිදරව් 14:6, 7) යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සිදු කරනු ලබන බයිබල් අධ්‍යාපනික වැඩයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ, “පොළොවේ වසන්නන්ට” යෙහෝවාව දැනගෙන ඔහුට නමස්කාර කිරීමටත්, ඔහු මැවුම්කරු බව පිළිගෙන ඔහුගේ ධර්මිෂ්ඨ පරමාධිපත්‍යයට කැමැත්තෙන්ම යටත් වීමටත් උපකාර කිරීමයි.

ගෞරවය ලැබීමට වටින බැටළු පැටවා

8. (අ) පස්වන සහ හයවන පරිච්ඡේදවල ක්‍රිස්තුස්ව විස්තර කරන්නේ කෙසේද? (ආ) ශුභාරංචියට සවන් දෙන සියල්ලන්ටම මෙම දර්ශනයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?

8 ඊළඟට තිබෙන 5 සහ 6 යන පරිච්ඡේද දෙකෙහි බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස් මුද්‍රා සතක් තබා තිබෙන හකුළන ලද ලියවිල්ලක් විවෘත කිරීමට සුදුසු තැනැත්තා ලෙස හඳුන්වා දෙන අතර, එම ලියවිල්ල විවෘත කිරීමෙන් අපේ කාලයේ සිදු වන සිද්ධීන් සංකේතමය භාෂාවෙන් අනාවරණය කරනවා. (යොහන් 1:29 සසඳන්න.) ස්වර්ගයෙන් නික්මෙන හඬවල් මගින් මෙම සංකේතමය බැටළු පැටවාට මෙසේ පවසයි: “ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින [තැනැත්තාය]. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් [දෙවිට] මිලේට ගෙන, ඔවුන් අපගේ [දෙවිට] රාජ්‍යයක්ද පූජකයන්ද [කළේය]; ඔව්හු පොළොවෙහි රජකම්කරති.” (එළිදරව් 5:9, 10) ක්‍රිස්තුස්ගේ වගුරුවන ලද රුධිරය පදනම් කොටගෙන, සෑම වර්ගයකටම අයත් මිනිසුන්ගෙන් කිහිපදෙනෙකුට ස්වර්ගික කැඳවීමක් ලැබෙන බවත්, ඔවුන් ක්‍රිස්තුස් සමඟ ‘පොළොව කෙරෙහි රජකම් කරන්න’ යන බවත් එම දර්ශනය අපිට කියා දෙනවා. (එළිදරව් 1:5, 6 සසඳන්න.) ඔවුන්ගේ සීමිත සංඛ්‍යාව එළිදරව්ව පසු අවස්ථාවක අනාවරණය කරනවා.

9. හයවන පරිච්ඡේදයෙහි ක්‍රිස්තුස්ව විස්තර කරන්නේ කෙසේද?

9 “ජයගනිමින්ද ජයගන්න පිණිසද” සුදු අශ්වයෙකු පිට නැඟී යන ඔටුනු පැළඳ සිටින තැනැත්තෙකු ලෙස ක්‍රිස්තුස්ව එම දර්ශනයේම විස්තර කරනවා. සන්තෝෂයට කරුණක් නම්, එළිදරව්වේ විස්තර කරන තවත් අසරුවන් තිදෙනෙකු මගින් සංකේතවත් කරන නපුරු බලපෑම් ඔහු පරාජය කරන්න යෑමයි; බිය උපදවන අයුරින් නැඟී යන එම අසරුවන් තිදෙනා සුවිශේෂ වැදගත්කමක් තිබෙන වසරක් වන 1914 සිට මනුෂ්‍යවර්ගයාට යුද්ධ, සාගත හා මරණය ගෙනැවිත් තිබෙනවා. (එළිදරව් 6:1-8) මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීමේදී හා යෙහෝවාගේ මවිතකර අරමුණු ඉටු කිරීමේදී දෙවිගේ බැටළු පැටවා වන ක්‍රිස්තුස් සිදු කරන සුවිශේෂ කාර්යභාර්ය, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබල් අධ්‍යාපනික වැඩයෙහි ප්‍රධාන තේමාවයි.

10. (අ) හත්වන පරිච්ඡේදයෙහි සපයන්නේ කිනම් වැදගත් තොරතුරුද? (ආ) රාජ්‍යය ලබන අය ගැන ක්‍රිස්තුස් කතා කළේ කෙසේද?

10 හත්වන පරිච්ඡේදයේ අඩංගු දෑ සැබවින්ම ශුභාරංචියක්! යේසුස් “කුඩා රැළ” කියා හැඳින්වූ කණ්ඩායමේ සාමාජිකයන් ගණන අපිට සොයාගැනීමට තිබෙන්නේ එළිදරව් පොතේ පමණයි. බැටළු පැටවාගේ පියා රාජ්‍යය ලබා දෙන්නේ ඔවුන්ටයි. (ලූක් 12:32; 22:28-30) යෙහෝවා දෙවි විසින් ඔහුගේ ආත්මය යොදාගනිමින් මොවුන්ව මුද්‍රා කොට තිබෙනවා. (2 කොරින්ති 1:21, 22) එළිදරව්ව ලැබූ ප්‍රේරිත යොහන් මෙසේ සහතික කරනවා: ‘මුද්‍රා කරනු ලැබූවන්ගේ ගණන ඇසීමි. මුද්‍රා කරනු ලැබූ අය එක් ලක්ෂ සතළිස් සාරදහසක්ය.’ (එළිදරව් 7:4) ස්වර්ගික සියොන් කන්දේ සිටින බැටළු පැටවා සමඟ පාලනය කිරීම සඳහා ‘මනුෂ්‍යයන් අතරෙන් මිලේට ගන්නා ලද’ අයගේ සම්පූර්ණ ගණන හැටියට මෙම නිශ්චිත ගණන පසු පරිච්ඡේදයක තහවුරු කරනවා. (එළිදරව් 14:1-4) මේ ගණන ගැන ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි අපැහැදිලි මෙන්ම විශ්වාස කළ නොහැකි පැහැදිලි කිරීම් කළත්, බයිබල් විශාරදයෙකු වන ඊ. ඩබ්. බුලින’ ඒ ගැන මෙසේ පවසනවා: “මෙය වචනාර්ථයෙන්ම ගත යුතු සරල ප්‍රකාශයකි; එනම් එම පරිච්ඡේදයේම සඳහන් අවිනිශ්චිත සංඛ්‍යාවට සම්පූර්ණයෙන්ම වෙනස් නිශ්චිත සංඛ්‍යාවකි.”

11. (අ) හත්වන පරිච්ඡේදයේ තිබෙන ශුභාරංචි මොනවාද? (ආ) ‘මහත් සමූහයේ’ සාමාජිකයන් ඉදිරියෙහි තිබෙන්නේ කිනම් අපේක්ෂාවන්ද?

11 බුලින’ කතා කරන්නේ කුමන අවිනිශ්චිත සංඛ්‍යාව ගැනද? ප්‍රේරිත යොහන් නවවන වගන්තියේ මෙසේ සඳහන් කළා: “ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් . . . දුටිමි.” (එළිදරව් 7:9) මේ මහත් සමූහය සමන්විත වන්නේ කාගෙන්ද? දෙවි ඉදිරියෙහි ඔවුන්ගේ වර්තමාන ස්ථාවරය කුමක්ද? ඔවුන් සඳහා තිබෙන්නේ කෙබඳු අනාගතයක්ද? මෙම ප්‍රශ්නවලට එළිදරව්ව සපයන උත්තර පොළොවේ වසන්නන්ට ශුභාරංචියක් වෙනවා. අපිට මෙසේ කියවීමට තිබෙනවා: “මොව්හු මහත් [පීඩාව] මැදින් එන්නෝය; ඔව්හු තමුන්ගේ සළු [බැටළු පැටවාගේ] ලෙයින් සෝදා සුදුකරගත්තෝය.” ක්‍රිස්තුස් වගුරුවන ලද රුධිරය කෙරෙහි තබන ඇදහිල්ලෙන් ඔවුන් ‘මහත් පීඩාව’ පවතින කාලයේදී ආරක්ෂා වෙන්න යනවා. ක්‍රිස්තුස් ඔවුන්ව ‘ජීවන දිය උල්පත්වලට ගෙන යයි. දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමයි.’ (එළිදරව් 7:14-17) ඔව්, වර්තමාන දුෂ්ට පිළිවෙළින් බේරී ජීවත් වන ගණන් කළ නොහැකි මහත් සමූහයේ කොටසක් බවට පත්වීමට අදදින සිටින දශලක්ෂ ගණනකට හැකියි. රජ වන යේසුස් ක්‍රිස්තුස්ගේ සහස්‍ර පාලනයේ යටත්වැසියන් හැටියට, ඔහු විසින් ඔවුන්ව පොළොව මත සදාකාල ජීවනයට මඟ පෙන්වන්න යනවා. මෙය ශුභාරංචියක් නොවේද?

‘ඔහුගේ විනිශ්චයන් සැබෑය, ධර්මිෂ්ඨය’

12, 13. (අ) පරිච්ඡේද 8-19 දක්වා අඩංගු වන්නේ මොනවාද? (ආ) මෙවන් අනාවැකි මගින් අවංක හදවත් තිබෙන අය කම්පාවට පත් නොවිය යුත්තේ ඇයි?

12 අටේ සිට 19 දක්වා පරිච්ඡේදවල අඩංගු දේවල්, එළිදරව්ව බිහිසුණු විනාශ ගැන පුරෝකථනය කරන පොතක් ලෙස පිළිගැනීමට ප්‍රධාන හේතුවයි. මෙම පරිච්ඡේදවල අඩංගු වන්නේ සාතන්ගේ පිළිවෙළට අයත් විවිධ අංගවලට යොමු කරන (හොරණෑ පිඹීම, වසංගත හා දිව්‍ය උදහසේ පාත්‍රා මගින් සංකේතවත් කරන) ප්‍රබල විනිශ්චමය පණිවිඩයි. මෙම විනිශ්චයන් මුලින්ම බොරු ආගමට (‘මහා බබිලෝනියට’) එරෙහිවද, අනතුරුව, වන මෘගයාගෙන් සංකේතවත් කරන අභක්තික දේශපාලනික ක්‍රමවලට එරෙහිවද ක්‍රියාත්මක කරන්න යනවා.—එළිදරව් 13:1, 2; 17:5-7, 15, 16.a

13 සාතන්ව හා ඔහුගේ භූතයන්ව පොළොවට නෙරපා දමා ස්වර්ගය පිරිසිදු කිරීම පිළිබඳ විචිත්‍රවත් විස්තරයක් මෙම පරිච්ඡේදවල ඇතුළත් වෙනවා. වර්ෂ 1914 සිට ලෝකයේ පෙර නොවූ විරූ ආකාරයෙන් පවතින විපත්ති සහගත තත්වයන් ගැන තර්කානුකූල පැහැදිලි කිරීමක් සපයන්නේ එමගින් පමණයි. (එළිදරව් 12:7-12) ඒ වගේම, පොළොව මත තිබෙන සාතන්ගේ දුෂ්ට පිළිවෙළට අත් වන විනාශයත් සංකේතමය භාෂාවෙන් එම පරිච්ඡේදවල විස්තර කරනවා. (එළිදරව් 19:19-21) අවංක හදවත් ඇති අය එවන් අසාමාන්‍ය සිදුවීම්වලින් කම්පාවට පත් විය යුතුද? නැහැ, දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කරන කාලයේදී ස්වර්ගීය සේනාව මෙසේ මොරගසන නිසා කම්පාවට පත් විය යුතු නැහැ: “හලෙලූයා! [ජනයෙනි, යාට ප්‍රශංසා කරන්න! NW] ගැළවීමද මහිමයද බලයද අපගේ [දෙවිට] අයිතිය. මක්නිසාද [ඔහුගේ] විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය.”—එළිදරව් 19:1, 2.

14, 15. (අ) වර්තමාන දුෂ්ට පිළිවෙළේ නිමාව ධර්මිෂ්ඨ ලෙස සිදු කරන්නේ කෙසේද? (ආ) එළිදරව්වේ මෙම කොටස අවංක හදවත් ඇති අයට සන්තෝෂ වීම සඳහා හේතුවක් විය යුත්තේ ඇයි?

14 පොළොව විනාශ කරන අය පොළොවෙන් ඉවත් කරන්නේ නැතුව යෙහෝවා ධර්මිෂ්ඨ පිළිවෙළක් පිහිටුවන්න යන්නේ නැහැ. (එළිදරව් 11:17, 18; 19:11-16; 20:1, 2) කෙසේවෙතත්, මෙය කිරීමට කිසිම මිනිසෙකුට හෝ දේශපාලනික ආණ්ඩුවකට බලය නැහැ. මෙය ධර්මිෂ්ඨ ලෙස කළ හැක්කේ යෙහෝවාට හා ඔහුගේ පත් කරන ලද රජු හා විනිසුරු වන ක්‍රිස්තුස් යේසුස්ට පමණයි.—2 තෙසලෝනික 1:6-9.

15 එළිදරව්වේ ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙන පරිදි, වර්තමාන දුෂ්ට පිළිවෙළ නිමාවට පත් කරන්න යෙහෝවා අරමුණු කර තිබෙනවා. “කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන” පුරුෂයන් හා ස්ත්‍රීන්ට මෙය සතුටට කාරණයක් විය යුතුයි. (එසකියෙල් 9:4) මෙය ශුභාරංචි ඇතුව සිටින දේවදූතයා කරන ඉල්ලීමට අවනත වීම සඳහා තිබෙන හදිසි අවශ්‍යතාව ඔවුන්ගේ හෘදයට කාවැද්දිය යුතුයි. ඒ දේවදූතයා මෙසේ ප්‍රකාශ කරනවා: ‘දෙවිට භය වෙන්න; මක්නිසාද ඔහුගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මැවූ තැනැත්තාට නමස්කාර කරන්න.’ (එළිදරව් 14:7) “දෙවිගේ ආඥා පවත්වන්නාවූ, යේසුස් ගැන සාක්ෂිදැරීමේ වැඩයෙහි යෙදී සිටින්නාවූ” යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ එවන් අය යෙහෝවාට නමස්කාර කරත්වා!—එළිදරව් 12:16, NW.

තේජවත් සහස්‍ර පාලනය

16. (අ) ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සහස්‍ර පාලනයේ අපේක්ෂාව ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඇයි? (ආ) ආදර්ශ යාච්ඤාවට පිළිතුරු ලැබෙන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ ඇයි?

16 විස්සේ සිට 22 දක්වා පරිච්ඡේද සහස්‍ර පාලනය කෙරෙහි බලාපොරොත්තු තබාගැනීම සඳහා ශුද්ධ ලියවිලිමය පදනම සපයනවා. ස්වර්ගයේ සහ පොළොවේ සදාකාලික සන්තෝෂයේ ආරම්භය සනිටුහන් කරන අවුරුදු දහසකින් යුත් කාලපරිච්ඡේදයක් ගැන බයිබලයේ සඳහන් වන එකම කොටස මෙයයි. ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සහස්‍ර බලාපොරොත්තුව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ධර්මිෂ්ඨයන් ස්වර්ගයට යන බවත් දුෂ්ටයන් නිරයට යන බවත් පල්ලිය උගන්වන නිසා, පාරාදීස පොළොවක් ගැන බලාපොරොත්තුවක් එයට නැහැ. දෙවිගේ “කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියා පවසන ආදර්ශ යාච්ඤාවේ අර්ථය ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල සාමාජිකයන් බොහෝදෙනෙක් තේරුම්ගෙන නැහැ. (මතෙව් 6:10) නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් එය සැබෑවක් නොවෙයි. යෙහෝවා දෙවි පොළොව මැව්වේ “හිස්කමට” නොව, “වාසය පිණිස” කියා ඔවුන් තරයේ විශ්වාස කරනවා. (යෙසායා 45:12, 18) මෙසේ පුරාණ අනාවැකි, ආදර්ශ යාච්ඤාව හා එළිදරව්වේ සඳහන් සහස්‍ර බලාපොරොත්තුව යන සියල්ලකම එකඟතාවක් තිබෙනවා. ක්‍රිස්තුස් ඔහුගේ දහස් අවුරුදු පාලනයේදී දෙවිගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු කිරීම සඳහා පියවර ගන්න යනවා.

17. “අවුරුදු දහස” සැබෑ අවුරුදු දහසක් බව ඇඟවෙන්නේ කුමකින්ද?

17 එළිදරව් 20වන පරිච්ඡේදයේ මුල් වගන්ති හතෙහි ‘අවුරුදු දහසට’ හය වතාවක් යොමු දක්වනවා. සැලකිල්ලට ගත යුතු කරුණක් නම්, තුන්වතාවක්ම එය “අවුරුදු දහස” වශයෙන් නිත්‍ය ස්වරූපයක් ගැනීමයි; එයින් පැහැදිලි වන්නේ, එම යෙදුම ක්‍රිස්තියානි ලෝකයේ විචාරකයන් විශ්වාස කරනවා වගේ අවිනිශ්චිත දිගු කාලයකට නොව, සැබෑ සහස්‍රයකට යොමු දක්වන බවයි. සහස්‍ර පාලනයේදී සිදු වන්නේ මොනවාද? මුලින්ම සාතන්ව මෙම මුළු කාලපරිච්ඡේදය පුරාම ක්‍රියා විරහිත කරන්න යනවා. (එළිදරව් 20:1-3; හෙබ්‍රෙව් 2:14 සසඳන්න.) මෙය මොනතරම් ප්‍රීතියක් උපදවන ශුභාරංචියක්ද!

18. (අ) සහස්‍ර පාලනය, විනිශ්චයේ “දවසක්” කියා හැඳින්විය හැක්කේ ඇයි? (ආ) දහස් අවුරුදු පාලනය අවසානයේදී සිදු වන්නේ කුමක්ද?

18 “[ක්‍රිස්තුස්] සමඟ අවුරුදු දහසක් රජවරුන් හැටියට පාලනය කරන” අයට “විනිශ්චය කිරීමේ බලය” දෙනු ලබන නිසා, මෙම කාලපරිච්ඡේදය, අවුරුදු දහසක විනිශ්චය “දවසක්” වෙනවා. (එළිදරව් 20:4, 6, NW; ක්‍රියා 17:31 සසඳන්න; 2 පේතෘස් 3:8.) මළවුන්ව නැවත නැඟිටවනු ලබන අතර, ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වන අය සමඟ ඔවුන්ව, ඒ කාලයේදී ඔවුන්ගේ ක්‍රියා හා කරන දේවල් අනුව සාධාරණ ලෙස විනිශ්චය කරන්න යනවා. (එළිදරව් 20:12, 13) මනුෂ්‍යවර්ගයාව අවසන් පරීක්ෂණයකට යටත් කිරීම සඳහා දහස් අවුරුදු පාලනය අවසානයේදී සාතන්ව ටික කලකට මුදාහරින්න යන අතර, ඉන් අනතුරුව ඔහුවත් ඔහුගේ භූතයන්වත් ඔහුව අනුගමනය කරමින් පොළොවේ කැරලිගසන අයවත් සදාකාලයටම විනාශ කරන්න යනවා. (එළිදරව් 20:7-10) මෙම පරීක්ෂණයෙන් සමත් වන අයගේ නම් “ජීවන-පොතෙහි” නොමැකෙන ලෙස ලියනු ලබන අතර, ඔවුන් පාරාදීස පොළොවක යෙහෝවාට සේවය කරමින් හා නමස්කාර කරමින් සන්තෝෂවත් සදාකාල ජීවිතයක් අරඹන්න යනවා.—එළිදරව් 20:14, 15; ගීතාවලිය 37:9, 29; යෙසායා 66:22, 23.

19. (අ) එළිදරව් පොතේ සඳහන් මවිතකර පොරොන්දු බොරු නොවී ඉටු වන බව අපට නිසැක විය හැක්කේ ඇයි? (ආ) ඊළඟ ලිපියේ සලකා බලන්නේ කුමක්ද?

19 මේවා තමයි එළිදරව්ව සපයන ශුභාරංචි. මේවා නිකම්ම මිනිසුන් විසින් දී තිබෙන හිස් පොරොන්දු නොවෙයි. ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වා: “සිංහාසනය පිට වැඩහුන් [තැනැත්තා] කථාකොට: බලව, සියල්ල අලුත්කරමි . . . තවද [ඔහු] කථාකොට: ලියන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑය.” (එළිදරව් 21:5) මේ ශුභාරංචිවල ඉටුවීම අද්දැකීමට නම් අපි කුමක් කළ යුතුද? දෙවිව සතුටු කිරීමට කැමති අය සඳහා එළිදරව් පොතේ බොහෝ උපදෙස් අඩංගු වෙනවා. ඊළඟ ලිපියේ පෙන්වා දෙන්නාක් මෙන් එවන් උපදෙස් අනුගමනය කිරීමෙන් දැනුත් සදහටත් අසීමිත සන්තෝෂයක් අපිට භුක්ති විඳිය හැකියි.

[පාදසටහන]

a එළිදරව් පොත ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් සඳහා Watchtower Bible and Tract Society of New York, Inc මගින් 1988දී ප්‍රකාශයට පත් කළ එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! යන පොත බලන්න.

සලකා බැලීමට කරුණු

◻ ශුභාරංචිවල වැදගත් කොටසක් වන එළිදරව් 4-6 දක්වා පරිච්ඡේදවල අඩංගු වන්නේ කිනම් මූලික සත්‍යයන්ද?

◻ එළිදරව් 7වන පරිච්ඡේදයේ තිබෙන ශුභාරංචි මොනවාද?

◻ එළිදරව්වේ සඳහන් විනිශ්චයමය පණිවිඩ මගින් අවංක හදවත් ඇති අය කම්පාවට පත් නොවිය යුත්තේ ඇයි?

◻ සහස්‍ර පාලනය විනිශ්චයේ “දවසක්” වන්නේ කිනම් ආකාරවලින්ද?

[10වන පිටුවේ පින්තූරය]

රජ වන යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවේ තිබෙන යුද්ධ, සාගත හා මරණය සම්පූර්ණයෙන්ම නැති කර දමන්න යනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න