ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w00 4/1 3-4 පි.
  • මායා කර්මය—එය කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මායා කර්මය—එය කුමක්ද?
  • 2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මායා කර්මය—ඔබේ තේරීමද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මායාකාරියන්ව දඩයම් කළ යුරෝපය
    2014 පිබිදෙව්!
  • මායාව සහ මන්ත්‍ර ගුරුකම් වැරදියි
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • භූතයන් සැබෑද?
    1998 පිබිදෙව්!
තව තොරතුරු
2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w00 4/1 3-4 පි.

මායා කර්මය—එය කුමක්ද?

මායාකාරියන් ගැන ඔබ අසා ඇද්ද?

ඔබ සුරංගනා කතා කියවා ඇත්නම් සුරංගනා ලොවේ සිටින නපුරු චරිත ඔබට මතක් වේවි. සමහරවිට වැරහැලිවලින් සැරසුණු රකුසු පෙනුමක් ඇති, නපුරු සිනාවක් පාමින් මැදියම් රැයේ කොසු මිටක නැඟී පියාසර කරන මැහැල්ලක්ව ඔබේ මනසට නැඟෙයි. එහෙමත් නැත්නම් ඔබට මතක් වෙන්නේ කැකෑරෙන සැළියක් ඉදිරියේ නටමින් මන්තර ජප කරන තැනැත්තියක් විය හැකියි. නමුත් බොහෝදෙනෙක් මෙවැනි අදහස් දෙස බලන්නේ උපහාසාත්මක ඇස්වලිනුයි. නිකම්ම පුංචි ළමයින්ව බියගැන්වීමට මිථ්‍යා විශ්වාසයන් වටා ගෙතූ කතන්දර කියා ඔවුන් ඒවා පසෙක දමයි.

නමුත් මීට හාත්පසින්ම වෙනස් ආකල්පයක් දරන අයද සිටියි. ඔවුන් නම් මායාකාරියන්ව සලකන්නේ නිකම්ම මනඃකල්පිත චරිත වශයෙන් නොවේ. ඒ වෙනුවට, මායාකාරියන් අප අතර සිටින, අපට හානිකර බලපෑම් ඇති කළ හැකි සැබෑ පුද්ගලයන් කියා ඔවුන් විශ්වාස කරයි. ලෝකයේ ජනගහනයෙන් අඩකටම මේ හා සමාන බියක් ඇති බව අධ්‍යයනවලින් හෙළි වී ඇත. මෙය සනාථ කරමින් අප්‍රිකානු විශ්වාසයන් පිළිබඳ කෘතියක මෙසේ පවසයි. “දුෂ්ට ආත්මයන්ගේ ආධාරයෙන් අනාවැකි පළ කළ හැකි බව අප්‍රිකානු ජනයා පිළිගනියි. එමෙන්ම ඉන්ද්‍රජාලය හා මායා කර්මය යොදාගෙන ඉතාමත් දුෂ්ට දේවල් සිදු කළ හැකි බවත් ඒවා සැබෑ ලෝකයට අයත් වන බවත් ඔවුන්ගේ ප්‍රබල විශ්වාසයක්ව තිබේ. . . . ඔවුන් වැඩියෙන්ම පිළිකුල් කරන්නේ මායාකාරියන්ට හා මායාකාරයන්ටයි. ඇත්තෙන්ම, මොවුන් අදදින පවා ජනයා අතින් ගුටි බැට කා මැරුම්කනවා.”

බටහිර ලෝකයේ ජනයා නම් දැන් මායා කර්මය දෙස බලන්නේ වෙනස් ආකාරයකිනුයි. බොහෝදෙනෙක් එහි කිසිම වරදක් නොදකියි. ඇත්තෙන්ම, මායාකාරියන් දැන් සමාජයේ යම් වැදගත්කමක් උසුලනවා කියා පැවසුවොත් නිවැරදියි. විනෝදාස්වාදය සපයන විවිධ මාධ්‍යයන් මෙයට මහත් සේ දායක වී තිබේ. මායා බන්ධනය පිළිබඳව මිනිසුන්ගේ බිය සැක දුරු කිරීමට එම මාධ්‍යයන් විවිධ උපක්‍රම යොදාගනියි. ඩේවිඩ් ඩේවිස් විනෝදාස්වාදය පිළිබඳ විශේෂඥයෙක්. ඔහු මේ සම්බන්ධයෙන් අවබෝධ කරගෙන තිබෙන්නේ කුමක්ද? “දැන් ඉස්සරට වඩා හුඟක් වෙනස්. චිත්‍රපටිවල මායාකාරියන්ව පෙන්නන්නේ පිළිකුලක් ඇති වෙන විදිහට නෙවෙයි. දැන් ඒගොල්ලන් හරිම ලස්සනයි, දැක්ක ගමන්ම හිත ඇදිලා යන කෙල්ලෝ! හොලිවුඩය කොච්චර උපායශීලීද කියලා ඒකෙන් තේරෙනවා. පොදු ජනයාගේ සිත්ගන්නේ මොනවාද කියලා එය හොඳින් වටහාගෙන තියෙනවා. ඒ හින්දා කාන්තාවන් හා කුඩා දරුවන්ව පවා ආකර්ෂණය කිරීමට එය සමත් වෙලා!” හොලිවුඩ් යනු අමෙරිකාවේ ප්‍රධාන චිත්‍රපටි නිෂ්පාදක ආයතනයයි. එය පොදු ජනයාගෙන් මුදල් ඉපයීමට හොඳම ක්‍රමය කුමක්ද කියා හොඳින් වටහාගෙන තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ දැන් මායාකාරියන්ව කොතරම් දුරට පිළිගෙන තිබෙනවාද කියා පැවසුවොත් ඔවුන්ගේ හවුල් මෙහෙයන්ට එක් රොක් වන පිරිස දැන් එන්න එන්නම වැඩි වන බව ඇතමෙක් පවසයි. බටහිර ලෝකය පුරාම තත්වය මේ හා සමානයි. බොහෝවිට තම ජීවිතයේ යම් හිස්බවක් දැනෙන ජනයා ජීවිතයට අර්ථයක් එකතු කරගැනීමට මායාකාරියන් වෙතට හැරෙයි. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සංවිධාන මේ සම්බන්ධයෙන් දෙන දිරිගැන්වීම් සහ ආගමික සංවිධාන ගැන අධෛර්යයට පත් වී තිබීම මෙයට තවත් හේතුවකි. මායාකාරියන් කොතරම් විවිධාකාරද කියා පැවසුවොත් දැන් “මායාකාරිය” කියන වචනය පිළිබඳව ජනයා අතර ව්‍යාකූල අදහස් බොහොමයක් තිබේ. කොහොම වුණත්, මායාකාරියන්ගෙන් වැඩිදෙනෙක් පවසන්නේ තමන් “ස්වභාවධර්මය හා බැඳුණු මිථ්‍යාදෘෂ්ටික මූලාරම්භයක් තිබෙන පිළිවෙතක්” අනුගමනය කරන බවයි. “එය ක්‍රිස්තියානි ධර්මය වැලඳගැනීමට පෙර යුරෝපයේ පැවති අතර, 20වන ශතවර්ෂයේ යළි හිස ඔසවන බවක් පෙනෙන්න තිබේ.” එමනිසා දැන් මායාකාරියන් සෑහෙන පිරිසක් තමන්වම හඳුන්වා දෙන්නේ මිථ්‍යාදෘෂ්ටිකයන් හෝ නව මිථ්‍යාදෘෂ්ටිකයන් හැටියටයි.

ඉතිහාසය පුරාම මායාකාරියන්ට වෛර කර තිබේ. දස වද දී ඔවුන්ව මරණයට පවා පත් කර තිබේ. එසේ නම්, මායාකාරියන් දැන් ජනයාට තමන් ගැන හොඳ හැඟීමක් දෙන්න වෑයම් දරන එක පුදුමයක්ද? පොදු ජනයාට දෙන්න කැමති පණිවිඩය කුමක්ද කියා මායාකාරියන් කිහිපදෙනෙකුගෙන්ම අසා තිබිණ. එම සමීක්ෂණයේදී ලැබුණු පිළිතුර මාර්ගෝ ඇඩ්ලර් වාර්තා කරයි. “අපි නරක නෑ. අපි යක්ෂයාට නමස්කාර කරන දුෂ්ට අය නෙවෙයි. අපි අහිංසක මිනිසුන්ව රවටන්නේවත් ඔවුන්ට කොයිම ආකාරයකින් හෝ හානි කරන්නේවත් නෑ. අපි ඔයගොල්ලන් වගේම අය, කිසිම වෙනසක් නෑ. අපි රැකියාවක් කරනවා, බැඳලා ළමයිනුත් ඉන්නවා. අපි කල්ලියක් නෙවෙයි. අමුතු ගතිපැවතුම් තියෙන අය නෙවෙයි. . . . කිසිම දෙයකට භය වෙන්න එපා, අපිත් එක්ක එකතු වෙන්න.”

ඔවුන්ගේ පණිවිඩය පිළිගන්නා අයගේ සංඛ්‍යාව දැන් එන්න එන්නම වැඩි වේ. එහෙත් මායාකාරියන් සහ මායා කර්මය අපිට හානියක් කරන්නේ නැති බව මින් අදහස් වේද? අපි ඊළඟ ලිපියෙන් මෙය සාකච්ඡා කර බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න