ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 8/1 18 පි.
  • දෙවි ඇගේ කඳුළු පිස දැමුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි ඇගේ කඳුළු පිස දැමුවා
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අසනීපයෙන් සිටින පවුලේ කෙනෙකුව රැකබලා ගනිමින් දෙවි සමඟ මිත්‍රත්වය රැක ගන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තාත්තාට මියයන්න සිදුවුණේ ඇයි?
    1994 පිබිදෙව්!
  • එයාලා ඒ ලියුම් ගොඩක් අගය කළා
    අද්දැකීම්
  • නොඇදහිලිකාරයෙකු සමඟ මා පෙම් බැන්දොත් කුමක්ද?
    1994 පිබිදෙව්!
තව තොරතුරු
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 8/1 18 පි.

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

දෙවි ඇගේ කඳුළු පිස දැමුවා

යෙහෝවාගේ නීති හා ප්‍රතිපත්තිවලට එකඟව තම ජීවිත වෙනස් කරගන්න අය මහඟු ආශීර්වාද ලබනවා. අවශ්‍ය වෙනස්කම් කිරීම එතරම් පහසු නැතත්, ඒ සඳහා උපකාර හා දිරිගැන්වීම් නොඅඩුව තිබෙනවා. (ගීතාවලිය 84:11) ගිනිකොණදිග ආසියාවෙන් ලැබුණ මතු අද්දැකීමෙන් මේ බව මැනවින් පැහැදිලි වෙනවා.

නිවාඩුවක් ගත කිරීමට ප්‍රංශයෙන් පැමිණි සාක්ෂිකාරියක්, සාප්පු හිමිකාරියක් වූ කිම්ටa පොළොව සම්බන්ධයෙන් යෙහෝවා කරන්න යන දේ ගැන පැවසුවා. ඇය කිම්ට පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොතද දුන්නා. උඩින් පල්ලෙන් පොත කියවගෙන යද්දී කිම්ට මේ වචන කියවන්න ලැබුණා. ‘ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය.’ (එළිදරව් 21:4) “මේ පදය මට අමුතුම බලපෑමක් ඇති කළා” කියමින් කිම් අතීතය ආවර්ජනය කරයි. “මම සාප්පුවේදී හොඳට හිනා වෙලා කතා කර කර ඉන්න නිසා කාටද හිතන්න පුළුවන් මම හවසට ගෙදර ගියහම නින්දට යනකම්ම ඇඬූ කඳුළෙන් කාලය ගත කරනවා කියලා?” ඇගේ දුකට හේතුව හෙළි කරමින් ඈ මෙසේ පවසනවා. “මම අවුරුදු 18ක් මනුස්සයෙක් එක්ක ජීවත් වුණත් ඔහු මාව විවාහ කරගන්න කැමති වුණේ නැති නිසා මම හිටියේ හරිම දුකෙන්. මට ඕන වුණේ ඒ ජීවිතෙන් මිදෙන්නයි. ඒත්, ඔහු එක්ක හුඟක් කල් එකට ජීවත් වුණ හින්දා ඒක කරන්න මට ධෛර්යයක් තිබුණේ නැහැ.”

ඊට ටික කාලෙකට පස්සේ කිම්, ලින් නමැති යෙහෝවාගේ සාක්ෂිකාරිය සමඟ බයිබලය පාඩම් කරන්න කැමති වුණා. “බයිබලයේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන්න මට ලොකු ඕනෙකමක් තිබුණා” කියා කිම් පවසයි. “උදාහරණයක් කියනවා නම්, මගේ පවුලේ අය විරුද්ධ වුණත් මම මුතුන්මිත්තන්ට නමස්කාර කරන එක නතර කළා. ඒ විතරක් නෙවෙයි, නීත්‍යනුකූලව විවාහ වෙන්න මම උත්සාහ කළත් මගේ සහකරුවා ඒකට කැමති වුණේ නැහැ. ඒ අමාරු කාලයේදී ප්‍රංශයේ සාක්ෂිකාරිය නොකඩවාම මට බයිබල් පොත් පත් එව්වා. ඒ වගේම ලින් මාව හුඟක් දිරිගැන්නුවා. මගේ සහකරුවා ඇත්තෙන්ම මොන වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් වෙන තුරුම මේ සහෝදරියන්ගේ ඉවසීම සහ ප්‍රේමනීය සහයෝගය මට පසුබට නොවීමට උපකාරයක් වුණා. ඔහුට ‘භාර්යාවන්’ පස්දෙනෙකුත්, දරුවන් 25දෙනෙකුත් ඉන්න බව මම සොයාගත්තා. මේ නිසා ඔහුව අතඅරින්න මට ධෛර්යයක් ආවා.

“සැපපහසුකම් තිබුණ විශාල ගෙයක් අතඇරලා පුංචි ගේකෑල්ලකට යන එක නම් මට පහසු දෙයක් වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මගේ සහකරුවා මට සැනසීමේ ඉන්න දුන්නේ නැහැ. ඔහු එක්ක ආපහු ඉන්න එන්න කියලා නිතර නිතර මට කරදර කළා. ආවෙ නැත්නම් ඇසිඩ් ගහලා මාව විරූපී කරනවා කියලත් තර්ජනය කළා. ඒත් යෙහෝවාගේ උපකාරයෙන් මට හරි දේ කරන්න පුළුවන් වුණා.” කිම් දිගටම ආත්මික දියුණුවක් ලැබූ අතර 1998 අප්‍රියෙල්වල බව්තීස්ම වුණා. ඊට අමතරව, ඇගේ සහෝදරියන් දෙදෙනෙකුත්, ඇගේ නහඹර වියේ පසු වූ පුතාත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

“මගේ ජීවිතය හැමදාම කාලකණ්ණි වෙලා තියෙයි කියලා මම හිතුවා. ඒත්, අද මම ඉන්නේ සතුටෙන්. දැන් මම රෑට අඬ අඬා ඉන්නේ නැහැ. යෙහෝවා මගේ කඳුළු පිහ දැමුවා” කියලා කිම් පවසනවා.

[පාදසටහන්වල]

a නම් වෙනස් කර ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න