ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 8/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවා දානියෙල්ට පුදුමාකාර විපාකයක් පොරොන්දු වෙයි
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • දානියෙල් පොතෙන් විශේෂාංග
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දානියෙල් පොත සහ ඔබ
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • පරීක්ෂා කළත් යෙහෝවාට ඇදහිලිවන්ත බව ඔප්පු වෙයි!
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
තව තොරතුරු
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 8/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නෙබුකද්නෙශර් දූරා සමභූමියෙහි ඉදි කළ විශාල රූපය ඉදිරියෙහි හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාගේ ඇදහිල්ල පරීක්ෂණයට භාජන වූ අවස්ථාවේදී දානියෙල් සිටියේ කොහෙද?

බයිබලයේ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසන්නේ නැත. එම නිසා අඛණ්ඩතාවය පරීක්ෂණයට ලක් වන එම අවස්ථාවේ දානියෙල් සිටි තැන ගැන කිසි කෙනෙකුට සඳහනක් කළ නොහැක.

දානියෙල් දරමින් සිටි තනතුර හෝ නෙබුකද්නෙශර්ගෙන් ඔහු ලබමින් සිටි අනුග්‍රහය, ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ දරමින් සිටි තනතුරු හෝ ලැබූ රාජ අනුග්‍රහයට වඩා වැඩි නිසා, දානියෙල්ට දූරා සමභූමියට යෑම අනිවාර්ය නොවෙන්න ඇතැයි කියා සමහරෙක් උපකල්පනය කරති. මෙසේ උපකල්පනය කිරීමට හේතු වන්න ඇත්තේ දානියෙල් 2:49වන පදයේ දානියෙල්ට, ඔහුගේ මිත්‍රයන්ට වඩා උසස් තනතුරක් තිබුණා කියා ඇඟවීමක් කර තිබීම නිසා විය හැකියි. නමුත් මෙය අන් අයත් සමඟ රූපය ඉදිරියෙහි රැස්වීමෙන් ඔහුව නිදහස් කළාද කියා අපට නිශ්චිතවම කිව නොහැක.

දානියෙල්ගේ නොපැමිණීම පැහැදිලි කිරීමට උත්සාහයක් වශයෙන් සමහරෙකු කියා සිටින්නේ, ඔහු රාජකාරි පැවරුමක් සඳහා පිටත්ව ගොස් සිටි නිසා හෝ අසනීප වීම නිසා හෝ සහභාගි වීමට නොහැකි වෙන්න ඇතැයි කියාය. නමුත් බයිබලයෙහි එවැන්නක් සඳහන් කර නැත. දානියෙල් ගත් ක්‍රියාමාර්ගය විවේචනයට ලක් නොවන්නට ඇත. එසේ විවේචනයට ලක් වූවා නම් එය ඊර්ෂ්‍යාසහගත බබිලෝනීය නිලධාරීන්ගේ චෝදනාවට ලක් නොවී තිබෙන්නේ නැති බව නම් ස්ථිරයි. (දානියෙල් 3:8) මෙම සිද්ධියට පෙර හා පසුව පවා දානියෙල් කුමන අභියෝගයකට මුහුණ දීමට තමන්ට සිදු වුවත් අඛණ්ඩතාවය පවත්වමින් දෙවිට පක්ෂව කටයුතු කළේය. (දානියෙල් 1:8; 5:17; 6:4, 10, 11) දූරා සමභූමියට දානියෙල් නොපැමිණි හේතුව පිළිබඳව බයිබලයේ කිසි සඳහනක් කර නැතත්, යෙහෝවා දෙවිට ඔහු දැඩි ලෙස විශ්වාසවන්තව සිටි බව නම් අපට නිසැකය.—එසකියෙල් 14:14; හෙබ්‍රෙව් 11:33.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න