ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 3/15 3 පි.
  • ඔබට වැදගත් වන සැමරීමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට වැදගත් වන සැමරීමක්
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් - ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • ‘මාව සිහි කිරීමට මේ දේ කරන්න’
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය—පවත්වනු ලබන්නේ කෙසේද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 3/15 3 පි.

ඔබට වැදගත් වන සැමරීමක්

මිහිපිට සිටියදී යේසුස් ක්‍රිස්තුස් දෙවිට ගෞරවය ගෙනෙන සැමරීමක් ආරම්භ කළා. ඔහු තම අනුගාමිකයන්ට පවත්වන්නැයි කියා අණ කළ එකම ආගමික උත්සවය වූයේ මෙයයි. අන්තිම රාත්‍රි භෝජනය ලෙසද ප්‍රචලිත එය ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයයි.

එම උත්සවය ඇරඹෙන විට සිදු වන දේවල් දෙස ඔබ දැන් කාටත් හොරා බලා සිටිනවායයි සිතන්න. යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් යුදෙව් පාස්කුව පැවැත්වීමට යෙරුසලමෙහි එක්තරා උඩුමහල් කාමරයක එකට රැස් වී ඉන්නවා. දැන් ඔවුන්, කාලයක් පුරා චාරිත්‍රයක් ලෙස පැවැත්වූ පාස්කු භෝජනය, එනම් පුලුස්සන ලද බැටළුවෙක්, තික්ත පලා, මුහුන් නොදැමූ රොටි සහ රතු වයින්වලින් සමන්විත භෝජනය අනුභව කර හමාරයි. අවිශ්වාසවන්ත ප්‍රේරිතයෙකු වූ යූදස් ඉස්කාරියොත් එතැනින් ඉවත්ව ගොස් සූදානම්ව සිටින්නේ තව සුළු වේලාවකින් තම ස්වාමියාව පාවා දෙන්නයි. (මතෙව් 26:17-25; යොහන් 13:21, 26-30) යේසුස් තම විශ්වාසවන්ත ප්‍රේරිතයන් 11දෙනා සමඟ සිටින්නේ තනියමයි. මතෙව් ඔවුන්ගෙන් එක් කෙනෙක්.

මතෙව් දුටු දේට අනුව, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය යේසුස් මුල් වරට පවත්වන්නේ මෙලෙසයි. “යේසුස් [මුහුන් නොදැමූ] රොටියක් ගෙන, ආශීර්වාද කොට, එය කඩා ගෝලයන්ට දුන්නේය. ‘රැගෙන කන්න. මෙය මාගේ ශරීරය නියෝජනය කරන්නේය’යි ඔහු කීවේය. තවද, ඔහු [වයින් දැමූ] කුසලානයක් ගෙන, ස්තුති කිරීමෙන් පසු, එය ඔවුන්ට දෙමින් මෙසේ කීවේය: ‘ඔබ සියල්ලන්ම මෙයින් බොන්න. මන්ද මෙය පව්වලට සමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන “ගිවිසුමේ මාගේ රුධිරය” නියෝජනය කරන්නේය.’”—මතෙව් 26:26-28, NW.

යේසුස් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ආරම්භ කළේ ඇයි? එසේ කරද්දී ඔහු මුහුන් නොදැමූ රොටි සහ රතු වයින් භාවිත කළේ ඇයි? අදහස් කළේ ක්‍රිස්තුස්ගේ සියලු අනුගාමිකයන් මෙම සංකේතවලට පංගුකාරයන් වීමද? මෙම භෝජනය පැවැත්විය යුතු වුණේ කොපමණ කලකට වරක්ද? ඇත්තෙන්ම ඔබට ඉන් ප්‍රයෝජනයක් තිබෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න