ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 10/1 29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘කතා කිරීමේ නිදහස’ ඔබට තිබෙනවාද?
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 10/1 29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ප්‍රේරිත යොහන් “පරිපූර්ණ ප්‍රේමය බිය දුරු කරයි” කියා පැවසූ විට, ඔහු “පරිපූර්ණ ප්‍රේමය” යන්නෙන් අදහස් කළේ කුමක්ද? ඒ වගේම දුරු වන්නේ මොන ‘බියද?’

“ප්‍රේමයෙහි බියක් නැත. පරිපූර්ණ ප්‍රේමය බිය දුරු කරයි. මන්ද, බියවීම බාධාවකි. ඇත්තෙන්ම, බියෙන් සිටින්නා තුළ ප්‍රේමය සම්පූර්ණ වී නැත” යයි ප්‍රේරිත යොහන් ලිව්වා.—1 යොහන් 4:18.

මෙම පදය අවට පාඨ සම්බන්ධය ගැන සලකා බලන කළ පැහැදිලි වන්නේ යොහන් කතා කිරීමේ නිදහසට යොමු දක්වමින් සිටි බවයි. විශේෂයෙන්ම දෙවිට ඇති ප්‍රේමය හා එම ප්‍රේමය නිසා බයක් සැකක් නැතුව ඔහු සමඟ කතා කිරීමට ඇති නිදහස ගැනයි. මෙය අපට 1 යොහන් 4:17වන පදයේ කියවීමට තිබෙන දෙයින් මනාව පැහැදිලි වෙයි. “ප්‍රේමය අප තුළ සම්පූර්ණව තිබෙන්නේ, විනිශ්චය දවසේදී අපට කතා කිරීමේ නිදහස තිබෙන පිණිසය.” ක්‍රිස්තියානියෙක් කිසිම චකිතයක් නැතුව විවෘත මනසකින් දෙවිට යාච්ඤා කරනවා නම්, ඉන් අදහස් වන්නේ ඔහු දෙවිට ගැඹුරු ප්‍රේමයක් දක්වන බව සහ දෙවි ඔහු කෙරෙහි දක්වන ප්‍රේමය ඔහුට හොඳාකාරව දැනෙන බවයි.

“පරිපූර්ණ ප්‍රේමය” යන කියමන වැදගත්. බයිබලයේ මෙම වචනය භාවිත කර ඇති ආකාරය දෙස බලද්දී “පරිපූර්ණ” යන යෙදුමෙන් සෑම විටම පරිපූර්ණත්වයම අදහස් නොවෙයි. බොහෝවිට එයින් අදහස් වන්නේ පෙරට වඩා පූර්ණ ආකාරයකින් යම් දේවල් කිරීමයි. උදාහරණයක් ලෙස යේසුස්ගේ කන්ද උඩ දේශනාවේදී ඔහු පැවසූවේ “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුය” කියායි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පෙන්නුම් කළේ තමන්ට ප්‍රේම කරන්නන්ට පමණක් ඔවුන් ප්‍රේම කරනවා නම් ඔවුන්ගේ ප්‍රේමය සම්පූර්ණ නැති බවයි. එනම්, එම ප්‍රේමයේ අඩුවක් ඇති බවයි. ඔවුන් තම සතුරන්ටද ප්‍රේමය පෙන්වමින් ඔවුන්ගේ ප්‍රේමය සම්පූර්ණ තත්වයකට ගෙනා යුතුයි. ඒ හා සමානව, යොහන් “පරිපූර්ණ ප්‍රේමය” ගැන පැවසූ විට ඔහු අදහස් කළේ දෙවිට පූර්ණ හෘදයකින් පෙන්වන ප්‍රේමය ගැනයි. එම ප්‍රේමය පූර්ණ ලෙස පෙන්වද්දී එය කෙනෙකුගේ ජීවිතයේ සෑම අංගයකටම ලොකු බලපෑමක් කරයි.—මතෙව් 5:46-48; 19:20, 21.

දෙවිට යාච්ඤා කිරීමේදී ක්‍රිස්තියානියෙක් හොඳටම දන්නා කාරණයක් නම් ඔහු පව්කාර අසම්පූර්ණ කෙනෙක් කියායි. කෙසේවෙතත් දෙවි ඔහු කෙරෙහි දක්වන ප්‍රේමය ඔහුට දැනෙනවා නම් හා ඔහුට දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය ගැන පූර්ණ නිසැකකමක් තිබෙනවා නම් දෙවි ඔහුට දොස් පවරයි හෝ ඔහුව ප්‍රතික්ෂේප කරයි යන බිය ඔහු තුළ ඇති වන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කතා කිරීමේ නිදහස ප්‍රයෝජනයට ගෙන ඔහුගේ හෘදයේ තිබෙන දේ වගුරුවන අතර දෙවි ප්‍රේමණීය ලෙස සපයා දී තිබෙන්නාවූ මිදීමේ මිල පූජාවේ පදනම මත යේසුස්ගේ නාමයෙන් සමාව අයැදිනවා. දෙවි ඔහුගේ කන්නලව්වලට උවමනාවෙන් සවන් දෙන බව ඔහුට ස්ථිරයි.

කෙනෙක් ‘ප්‍රේමයෙන් සම්පූර්ණ වී’ දෙවි දොස් පවරයි හා ප්‍රතික්ෂේප කරයි යන ‘බියෙන් දුරු’ වන්නේ කොහොමද? “යමෙක් ඔහුගේ [දෙවිගේ] වචනය පවත්වන්නේ නම්, සැබවින්ම එම තැනැත්තා තුළ දෙවි කෙරෙහි වූ ප්‍රේමය සම්පූර්ණ වී තිබේ” යයි ප්‍රේරිත යොහන් පැවසුවා. (1 යොහන් 2:5) මෙසේ සිතා බලන්න. දෙවි අප පව්කාරයන්ව සිටියදීම අපට ප්‍රේම කළා නම් අපි ඇත්තටම අපේ පව්වලට පසුතැවිලි වී ඉතා ඕනෑකමින් ‘ඔහුගේ වචනයේ පවතිනවා’ නම් ඔහු අපට ඊට වඩා ප්‍රේම කරන්නේ නැද්ද? (රෝම 5:8; 1 යොහන් 4:10) අප විශ්වාසවන්තව සිටින තාක් කල් අපටත් පුළුවන් පාවුල්ට දෙවි ගැන තිබුණා හා සමාන නිසැකකමක් ඇතුව සිටින්න. ඔහු දෙවි ගැන පැවසුවේ මෙසේයි. “ඔහු තමාගේ පුත්‍රයාව පවා ඉතිරි කර නොගෙන, අප සියල්ලන් උදෙසා ඔහුව දුන්නේය. ඔහු එසේ කළේ නම් තම පුත්‍රයාද ඇතුළුව අන් සියල්ලත් අපට කරුණාවන්ත ලෙස නොදෙයිද?”—රෝම 8:32.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න