ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w05 8/1 3-4 පි.
  • ඔබේ සිතත් නිතරම කැලඹිලාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ සිතත් නිතරම කැලඹිලාද?
  • 2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නියම සතුට ලබන ආකාරය බයිබලයෙන් දැනගන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හානිකර සිතුවිලි මඟහරවා ගනිමු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුකෙන් ඉද්දී ඔයාට උදව් කරන්න යෙහෝවාට පුළුවන්
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අභියෝගය: ඍණාත්මක සිතුවිලි
    2015 පිබිදෙව්!
තව තොරතුරු
2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w05 8/1 3-4 පි.

ඔබේ සිතත් නිතරම කැලඹිලාද?

ලීනා ජීවිතයේ වැඩි කාලයක්ම ගත කළේ කැලඹුණු සිතක් එක්කයි. ඇයට ඇය ගැනම හොඳ හැඟීමක් තිබුණේ නැහැ. ඇය පැවසුවේ “මගේ කුඩා කාලයේදී වසර ගණනාවක් පුරා මම ලිංගික අතවරවලට ලක් වුණා. ඒ නිසා මගේ ආත්ම ගෞරවය හොඳටම විනාශ වෙලයි තිබුණේ. මම කිසි වැඩක් නැති කෙනෙක් කියලයි මට හැඟුණේ” කියලයි. තමාගේ තරුණ විය ගැන කතා කරන සිමෝන් කියන්නේ “මට ලොකු හිස්බවක් දැනුණා. ඒ වගේම මම නොවටින කෙනෙක් යන හැඟීමත් මට තිබුණා” කියායි. මෙවන් හැඟීම් නිසා ඇති වන ඉමහත් කනස්සල්ලක් අද කාලයේ බොහෝදෙනෙක් තුළ දක්නට ලැබෙනවා. යෞවනයන්ට උපදෙස් දෙන දූරකථන සේවාවකින් අපට දැනගන්නට ලැබුණේ ඔවුන්ව අමතන අයගෙන් භාගයක්ම වගේ “තමන් නොවටිනා අය කියා තමන්ට නිතරම හැඟෙන” බව කියා සිටිනවා කියායි.

ඇතැම් ප්‍රවීණයන් කියා සිටින්නේ, මෙවන් නොවටිනාකමේ හැඟීම් ඇති අයට එවැනි හැඟීම් ඇති වෙන්නේ එසේ සිතීමට වෙනත් අය ඔවුන්ට යම් බලපෑම් කරන විට කියායි. කෙනෙකුට නිතරම බැණ වදිනවා නම්, ඕනෑවට වඩා වැඩියෙන් විවේචනය කරනවා නම් හෝ ඔහුගෙන් අනිසි වාසි ප්‍රයෝජන ගන්නවා නම් මෙවැනි මානසිකත්වයක් වර්ධනය විය හැකියි. හේතුව කුමක් වුණත්, එහි ප්‍රතිඵලය වන්නේ කෙනෙක්ගේ ආත්ම ශක්තිය බිඳ දැමීම හෝ සම්පූර්ණයෙන් එය විනාශ කර දැමීමයි. මෑතකදී කරනු ලැබූ වෛද්‍ය අධ්‍යයනයකින් හෙළි වුණේ තමන් ගැන අඩුවෙන් සිතන අය තමන්වත් අන් අයවත් සැක කිරීමට පෙලඹෙන බවයි. මේ නිසා ඔවුන් නොදැනුවත්වම තමන් විසින් ඇති කරගෙන තිබෙන මිත්‍රත්වයන්ට හානි සිදු කරගන්නවා. “වෙනත් විදිහකින් කියනවා නම් ඇති වෙයි කියා ඔවුන් බයෙන් සිටින තත්වයන් ඇති කරගන්නෙත් ඔවුන්මයි” කියා ඒ වාර්තාවේ සඳහන් වුණා.

නොවටිනාකමේ හැඟීම් ඇති අය ගොදුරු වී සිටින්නේ “කරදර හා කනස්සල්ල බහුල” යනුවෙන් බයිබලය හඳුන්වන තත්වයකටයි. (ගීතාවලිය 94:​19, නව අනුවාදය) ඔවුන්ට නිතරම හැඟෙන්නේ තමන්ට කිසිම දෙයක් හොඳට කරන්න බැහැ කියලයි. යම්කිසි දෙයක් වැරදුණු වහාම ඔවුන් කරන්නේ තමන්ටම දොස් තබාගැනීමයි. ඔවුන් කරන දේවල් අන් අය පැසසුවත් ඔවුන්ට හැඟෙන්නේ ප්‍රෝඩාවක් කර හසු වෙයි කියා භයෙන් සිටින කෙනෙකුට හැඟෙන ආකාරයටයි. සතුටින් සිටීමට තමන් වටින්නේ නැහැයි කියා හැඟෙන නිසා තමන්ටම හානිකර පුරුදුවල යෙදෙන්නට ඔවුන් පටන්ගන්නවා. ඒ පුරුදු අත්හරින්න තමන්ට හැකිකමක් නැහැයි කියාත් මෙවැනි අයට හැඟෙනවා. මේ ලිපියේ ආරම්භයේදී අපි සඳහන් කළ ලීනා කීවේ ඇගේ සිත නිතරම කැලඹිලා තිබුණු නිසා ඇය ආහාර ගන්න පිළිවෙළත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කියලයි. “කිසිම දෙයක් වෙනස් කරන්න බැරි බවක් මට හැඟුණා” කියා ඇය පැවසුවා.

මෙවැනි “කරදර හා කනස්සල්ල බහුල” සිතුවිලිවලින් පීඩා විඳින අයට ජීවිතය පුරාම හැඟෙන්න යන්නේ ඒ විදිහටමද? එවන් හැඟීම් ජයගන්න යමක් කළ හැකිද? මෙවැනි කැලඹුණු හැඟීම්වලින් මිදෙන්න බොහෝදෙනෙකුට උපකාරවත් වී තිබෙන ප්‍රතිපත්ති සහ ප්‍රායෝගික උපදෙස් බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඒ ප්‍රතිපත්ති සමහරක් මොනවාද? කැලඹුණු සිතකින් පීඩා විඳින අයට ප්‍රීතිය අද්දකින්න ඒවා උපකාරවත් වී තිබෙන්නේ කෙසේද? ඊළඟ ලිපිය එය පැහැදිලි කරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න