ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 10/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු
    2004 පිබිදෙව්!
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා බලාගෙන ඉන්නේ කවුරු දිහාද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ගිනි ගනිමින් තිබුණු පඳුරක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 10/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නව ලොව පරිවර්තනයේ ද්විතීය කතාව 31:2හි සඳහන් වන්නේ ඊශ්‍රායෙල් නායකයා වන මෝසෙස්ට “තවත් පිටතට යන්ටත් ඇතුලට එන්ටත් අවසර දී නැත” කියායි. නමුත් වෙනත් බයිබල් පරිවර්තනවල, “අවසර දී නැත” යන යෙදුම වෙනුවට නොහැකියි යන වචනය යොදා තිබෙන්නේ ඇයි?

ඒ සඳහා ඇති හෙබ්‍රෙව් වචනය දෙයාකාරයකට පරිවර්තනය කරන්න පුළුවන්. සමහර පරිවර්තනවල පෙන්වා තිබෙන්නේ මෝසෙස්ගේ අවසාන දවස්වලදී ඔහුගේ ශාරීරික ශක්තිය දුර්වල වූ බව සහ වයස්ගත නිසා නායකයෙකු ලෙස තම වගකීම් ඉටු කිරීමට ඔහුට නොහැකි වූ බවයි. උදාහරණයකට නව අනුවාදය පෙන්වන්නේ “මට තවත් රිසි පරිදි යන්න එන්න බැරිය” කියායි. ඒ වගේම පැරණි අනුවාදයේ දක්වා තිබෙන්නේ “පිටතට යන්නත් ඇතුළට එන්නත් නොහැක්කෙමි” කියලයි.

කොහොමනමුත් ද්විතීය කතාව 34:7 පෙන්වන්නේ මෝසෙස් මහලුව සිටියත් ඔහු ශාරීරිකව දුර්වල කෙනෙකුව නොසිටි බවයි. “මෝසෙස් නැසුණු කල එකසිය විසි අවුරුදු වයස් විය. ඔහුගේ ඇස් අඳුරු නොවීය. ඔහුගේ ස්වාභාවික ශක්තිය අඩු නොවීය” කියා එහි පැවසෙනවා. මෝසෙස්ට හොඳ සවි ශක්තියක් තිබුණත් දිගටම ජනයාට මඟ පෙන්වීම් දීම යෙහෝවා දෙවිගේ කැමැත්ත වුණේ නැහැ. ඒ බව මෝසෙස් කියූ දෙයින් පැහැදිලියි. “යෙහෝවා මට කතා කොට: ඔබ මේ යොර්දානෙන් එතෙරට නොයන්නෙහියයි කීය.” මෙය මෙරීබා කියන ස්ථානයේදී යෙහෝවා දෙවි මෝසෙස්ට දුන් තීන්දුව නැවත අවධාරණය කිරීමක් බව පෙනෙනවා.—ගණන් කතාව 20:9-12.

මෝසෙස් ජීවත් වූ එම සැලකිය යුතු අවුරුදු ප්‍රමාණය කාලවල් තුනකට බෙදන්න පුළුවන්. ඔහුගේ ජීවිතයේ මුල්ම අවුරුදු 40 ගත කළේ ඊජිප්තුවේයි. එහිදී “ඊජිප්තුවරුන්ට තිබුණු සියලු ප්‍රඥාව මෝසෙස්ට ඉගැන්වීය. . . . ඔහු තම වචනවලින්ද ක්‍රියාවලින්ද බලවත් විය” කියා බයිබලය පවසනවා. (ක්‍රියා 7:20-22) ඊළඟ අවුරුදු 40 මිදියන් දේශයේ ජීවත් වූ ඔහු යෙහෝවා දෙවිගේ සෙනඟට මඟ පෙන්වීමට අවශ්‍ය කදිම ගුණාංග වර්ධනය කරගත්තා. අවසාන අවුරුදු 40 පුරා ඔහු ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කර ඔවුන්ට මඟ පෙන්නුවා. ඉන්පසු ඊශ්‍රායෙල් ජාතියව යොර්දාන් ගඟෙන් එතෙර තිබෙන පොරොන්දු දේශයට මඟ පෙන්වන්නේ මෝසෙස් නෙවෙයි, යෝෂුවා කියා යෙහෝවා දෙවි තීරණය කළා.—ද්විතීය කතාව 31:3.

මෙයින් පැහැදිලියි ද්විතීය කතාව 31:2 පරිවර්තනය කිරීමේදී නව ලොව පරිවර්තනයේ එහි නිවැරදි අර්ථය ගෙනහැර දක්වා ඇති බව. මෝසෙස් තවදුරටත් ඊශ්‍රායෙල් ජාතියේ නායකයා ලෙස ක්‍රියා නොකරන්නේ ඔහුගේ ශාරීරික දුබලතා නිසා නෙවෙයි. නමුත් යෙහෝවා දෙවි ඒ සඳහා ඔහුට අවසර නොදීම නිසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න