ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 18 පාඩම 48 පි.-49 පි. 4 ¶
  • ගිනි ගනිමින් තිබුණු පඳුරක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගිනි ගනිමින් තිබුණු පඳුරක්
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ගිනි ගනිමින් තිබුණ පඳුර
    මගේ බයිබල් කතන්දර පොත
  • මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු
    2004 පිබිදෙව්!
  • මෝසෙස් පලා යන්න හේතුව
    මගේ බයිබල් කතන්දර පොත
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 18 පාඩම 48 පි.-49 පි. 4 ¶
මෝසෙස් ගිනි ගනිමින් තිබුණු පඳුරක් ළඟ

18වෙනි පාඩම

ගිනි ගනිමින් තිබුණු පඳුරක්

මෝසෙස් මිදියන්වල අවුරුදු 40ක් ජීවත් වුණා. එහෙදී එයා විවාහ වෙලා එයාලට දරුවොත් හම්බ වුණා. දවසක් මෝසෙස් සීනයි කන්ද ළඟ බැටළුවන් බලාගෙන ඉද්දී පුදුම දෙයක් දැක්කා. කටු පඳුරක් ගිනි ගන්නවා. ඒත් ඒක පිච්චෙන්නේ නැහැ. මෝසෙස් ළඟට ගියාම පඳුර අතරින් කෙනෙක් කතා කරලා කිව්වා ‘මෝසෙස්, තව ළං වෙන්න එපා. මේක ශුද්ධ තැනක්. ඒ නිසා ඔයාගේ පාවහන් ගලවන්න’ කියලා. දේවදූතයෙක් පාවිච්චි කරලා ඒ කතා කළේ යෙහෝවා.

මෝසෙස් බය වෙලා එයාගේ මූණ වහගෙන ඉද්දී දෙවියන් මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල්වරු දුක් විඳින හැටි මට පේනවා. මං එයාලව ඊජිප්තුවෙන් බේරගෙන එයාලට හොඳ දේශයක් දෙනවා. එයාලව ඊජිප්තුවෙන් බේරගන්න මං යවන්නේ ඔයාවයි.’ ඒක අහලා මෝසෙස් කොච්චර පුදුම වෙන්න ඇද්ද!

මෝසෙස් දෙවියන්ගෙන් ඇහුවා ‘මාව එව්වේ කවුද කියලා ඇහුවොත් මං මොනවාද කියන්නේ’ කියලා. දෙවියන් මෙහෙම කිව්වා. ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවියන් වන යෙහෝවා ඔයාව එව්වා කියලා කියන්න.’ පස්සේ මෝසෙස් ඇහුවා ‘මිනිස්සු මං කියන දේ ඇහුවේ නැත්නම් මොකද කරන්නේ’ කියලා. දෙවියන් මෝසෙස් එක්ක ඉන්නවා කියලා පෙන්නන්න ඔහු එයාගේ සැරයටිය බිමට දාන්න කියලා කිව්වා. එතකොට ඒක සර්පයෙක් වුණා. මෝසෙස් සර්පයාව වලිගෙන් අල්ලද්දී සර්පයා ආයෙත් සැරයටියක් වුණා. ‘මේකම සෙනඟ ඉස්සරහා කළාම ඔයාව එව්වේ මං කියලා එයාලා තේරුම්ගනියි’ කියලා යෙහෝවා කිව්වා.

‘මට දක්ෂ විදිහට කතා කරන්න බෑනේ’ කියලා මෝසෙස් කියද්දී ‘කියන්න ඕන දේ මං කියලා දෙන්නම්. උදව්වට ඔයාගේ අයියා ආරොන්වත් දෙන්නම්’ කියලා දෙවියන් කිව්වා. යෙහෝවා උදව් කරනවා කියලා දැනගත්තාම මෝසෙස් බිරිඳයි පුතාලයි එක්ක ඊජිප්තුවට ගියා.

“කියන්න ඕනෙ මොනවාද කියලවත් ඒක කියන්න ඕනෙ කොහොමද කියලවත් හිතහිත කනස්සලු වෙන්න එපා. ඔයාලා කියන්න ඕනෙ මොනවාද කියලා දෙවියන් ඔයාලට ඒ වෙලාවෙම දන්වයි.”—මතෙව් 10:19

ප්‍රශ්න: මෝසෙස් බැටළුවන්ව බලාගෙන ඉද්දී එයා දැක්කේ මොනවාද? යෙහෝවා මෝසෙස්ට කරන්න කිව්වේ මොනවාද?

නික්මයාම 3:1–4:20; ක්‍රියා 7:30-36

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න