ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 30
  • ගිනි ගනිමින් තිබුණ පඳුර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගිනි ගනිමින් තිබුණ පඳුර
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ගිනි ගනිමින් තිබුණු පඳුරක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • මෝසෙස් පලා යන්න හේතුව
    මගේ බයිබල් කතන්දර පොත
  • මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු
    2004 පිබිදෙව්!
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 30
මෝසෙස් සහ ගිනි ගනිමින් තියෙන පඳුර

කතන්දර 30

ගිනි ගනිමින් තිබුණ පඳුර

බැටළුවන්ට කවන්න තණකොළ හොයමින් මෝසෙස් හොරේබ් කන්ද ළඟටම ආවා. ගිනි ගනිමින් තිබුණ පඳුරක් එයා දැක්කේ මෙතනදීයි. ඒ වුණාට ඒක පිච්චෙන්නේ නැහැනෙ!

‘මේක හරිම පුදුම දෙයක්’ කියලා මෝසෙස්ට හිතුණා. ‘තව ටිකක් ළඟට ගිහිල්ලා, මේක මම හොඳට බලාගන්න ඕනේ.’ ළඟට යද්දී, පඳුරෙන් පිට වුණු කටහඬක් මෙහෙම කියනවා ඇහුණා: ‘තව කිට්ටු වෙන්න එපා. ඔයා ශුද්ධ තැනක ඉන්න නිසා ඔයාගේ පාවහන් ගළවන්න.’ දේවදූතයෙක් ලවා කතා කළේ දෙවි නිසා මෝසෙස් එයාගේ මුහුණ වසාගත්තා.

එතකොට දෙවි කිව්වා ‘ඊජිප්තුවේ ඉන්න මගේ සෙනඟ දුක් විඳින හැටි මට පේනවා. ඒ නිසා මම ඒගොල්ලන්ව නිදහස් කරන්න යනවා. මගේ සෙනඟ ඊජිප්තුවෙන් ගළවගන්න මම යවන්නේ ඔයාවයි’ කියලා. යෙහෝවා ඔහුගේ සෙනඟව ලස්සන කානාන් දේශයට ගෙන යන්නයි හදන්නේ.

ඒ වුණාට මෝසෙස් කිව්වා: ‘මම වැදගැම්මකට නැති කෙනෙක්. කොහොමද මම මේක කරන්නේ? මම ගියත් එතකොට ඉශ්‍රායෙල්වරු මගෙන් අහයි, “ඔයාව එව්වේ කවුද?” කියලා. එතකොට මම කියන්නේ මොකක්ද?’

දෙවි උත්තර දීලා මෙහෙම කියනවා: ‘මේකයි ඔයා කියන්න ඕනේ, “ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ හා යාකොබ්ගේ දෙවි වූ යෙහෝවා තමයි මාව ඕගොල්ලන් ළඟට එව්වේ.” සදහටම මගේ නම මේකයි.’

‘හැබැයි ඔබ මාව එව්වයි කියලා කිව්වාම ඒගොල්ලන් මාව විශ්වාස කළේ නැත්නම්, එතකොට මම මොකද කරන්නේ’ කියලා මෝසෙස් ඇහුවා.

‘ඔයාගේ අතේ මොනවාද තියෙන්නේ’ කියලා දෙවි ඇහුවා.

‘සැරයටියක්’ කියලා මෝසෙස් උත්තර දුන්නා.

‘ඒක බිම දාන්න’ කියලා දෙවි කිව්වා. මෝසෙස් එහෙම කරද්දී, ඒ සැරයටිය සර්පයෙක් බවට පත් වුණා. ඊට පස්සේ යෙහෝවා මෝසෙස්ට පෙන්නුවා තවත් පුදුම දෙයක්. ‘ඔයාගේ සළුව ඇතුලට අත දාන්න.’ මෝසෙස් එහෙම කරලා අත එළියට ගන්නකොට, අත හිම වගේ සුදු පාටක් වෙලා තිබුණා! ලාදුරු කියන භයානක රෝගය හැදිලා වගෙයි පෙනුණේ. ඊට පස්සේ තව පුදුම දෙයක් කරන්න යෙහෝවා මෝසෙස්ට බලය දුන්නා. ඒ තුන්වෙනි පුදුම දෙයයි. අන්තිමට ඔහු මෙහෙම කිව්වා: ‘මේ පුදුම දේවල් ඔයා කරද්දී ඔයාව එව්වේ මමයි කියලා ඉශ්‍රායෙල්වරු විශ්වාස කරයි.’

ඊට පස්සේ මෝසෙස් ගෙදර ගිහිල්ලා යෙත්‍රෝට කතා කරලා කිව්වා ‘ඊජිප්තුවේ මගේ නෑදෑයන් සනීපෙන්ද කියලා බලන්න යන්න කරුණාකරලා මට අවසර දෙන්න’ කියලා. යෙත්‍රෝ මෝසෙස්ට සුභ පතලා එයාව යැව්වා. ඉතින් මෝසෙස් ඊජිප්තුවට යන ගමන පටන්ගත්තා.

නික්මයාම 3:1-22; 4:1-20.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න