ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 29
  • මෝසෙස් පලා යන්න හේතුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෝසෙස් පලා යන්න හේතුව
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු
    2004 පිබිදෙව්!
  • ගිනි ගනිමින් තිබුණ පඳුර
    මගේ බයිබල් කතන්දර පොත
  • ගිනි ගනිමින් තිබුණු පඳුරක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • මෝසෙස් ඇත්තටම ජීවත් වූවාද?
    2004 පිබිදෙව්!
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 29
මෝසෙස් ඊජිප්තුවෙන් පලා යයි

කතන්දර 29

මෝසෙස් පලා යන්න හේතුව

මෝසෙස් ඊජිප්තුවෙන් පලා යන හැටි බලන්න. එයාව එළවාගෙන එන මිනිස්සුන්ව ඔයාට පේනවාද? ඒගොල්ලන්ට මෝසෙස්ව මරන්න ඕන වෙලා තියෙන්නේ ඇයි කියලා ඔයා දන්නවාද? බලමු අපිට ඒක දැනගන්න පුළුවන් වෙයිද කියලා.

ඊජිප්තුවේ රජ ඒ කියන්නේ ඵාරාවෝගේ ගෙදර තමයි මෝසෙස් වැඩුණේ. එයා ගොඩක් ඥානවන්ත උතුම් මිනිසෙක් වුණා. මෝසෙස් තමන් ඊජිප්තු ජාතිකයෙක් නෙවෙයි කියලාත් තමන්ගේ ඇත්ත දෙමාපියන් ඉශ්‍රායෙල් ජාතික වහල්ලු කියලාත් දැනගෙන හිටියා.

දැන් මෝසෙස්ට වයස අවුරුදු 40ක් විතර ඇති. දවසක්දා, එයාගේ ජාතියට අයිති මිනිස්සු කරදරයක් නැතුව ඉන්නවාද කියලා බලන්න එයාට ඕන වුණා. ඒගොල්ලන්ට නරක විදිහට සලකනවා එයා දැක්කා. ඊජිප්තු ජාතිකයෙක් ඉශ්‍රායෙල් වහලෙකුට පහර දෙනවා එයා දැක්කා. මෝසෙස් වටපිට බලලා කවුරුත් නැහැයි කියලා හිතලා, ඊජිප්තු ජාතිකයාට පහර දුන්නා. එතකොට ඊජිප්තු ජාතිකයා මැරුණා. ඉතින් මෝසෙස් එයාව හැංගුවා වැලි කන්දක.

ඊළඟ දවසේ මෝසෙස් ආයෙත් ගියා එයාගේ ජාතියට අයිති මිනිස්සුන්ව බලන්න. එයා හිතුවා එයා ඒගොල්ලන්ට උදව් කළොත් ඒගොල්ලන්ට දිගටම වහල්ලු හැටියට ඉන්න සිද්ධ වෙන්නේ නැහැයි කියලා. ඒ වුණාට එයා ආවාම, දැන් ඉශ්‍රායෙල් ජාතිකයන් දෙන්නෙක් රණ්ඩු කරනවා දැක්කා. ඉතින් වැරැද්ද කරපු මිනිසාට කතා කරලා ‘ඇයි ඔයා ඔයාගේ සහෝදරයාට ගහන්නේ’ කියලා මෝසෙස් ඇහුවා.

එතකොට ඒ මිනිසා මෙහෙම කිව්වා: ‘අපේ නඩු අහන්නයි අපිව පාලනය කරන්නයි ඔයාට බලය දුන්නේ කවුද? අර ඊජිප්තු ජාතිකයාව මැරුවා වගේම මාවත් මරන්නද හදන්නේ?’

මෝසෙස්ට දැන් භය හිතුණා. එයා ඊජිප්තු ජාතිකයාට කරපු දේ මිනිස්සුන්ට හෙළි වෙලා කියලා එයා දැනගත්තා. ඵාරාවෝටත් මේ ගැන ආරංචි වෙලා, මෝසෙස්ව මරලා දාන්න මිනිස්සුන්ව එව්වා. ඒ නිසා තමයි මෝසෙස්ට ඊජිප්තුවෙන් පලා යන්න වුණේ.

ඊජිප්තුවෙන් පලාගිය මෝසෙස් ගොඩාක් දුර ගිහිල්ලා මිදියන් කියන දේශයටයි ආවේ. එහෙදී යෙත්‍රෝගේ පවුල එයාට මුණගැහුණා. යෙත්‍රෝට ශිප්පොරා කියලා දුවෙක් හිටියා. මෝසෙස් එයාව විවාහ කරගත්තා. මෝසෙස් යෙත්‍රෝගේ බැටළුවන්ව රැකබලාගත්තා. එයා අවුරුදු 40ක් මිදියන් දේශයේ ජීවත් වුණා. දැන් එයාට වයස අවුරුදු 80යි. එක දවසක්, මෝසෙස් යෙත්‍රෝගේ බැටළුවන් බලාගෙන ඉන්නකොට පුදුම දෙයක් වුණා. ඒකෙන් මෝසෙස්ගේ මුළු ජීවිතයම වෙනස් වුණා. ඊළඟ පිටුව හරවලා බලමුද ඒ පුදුම දෙය මොකක්ද කියලා?

නික්මයාම 2:11-25; ක්‍රියා 7:22-29.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න