ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 3/15 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 5වන කොට
    දෙවිට සවන් දෙන්න
  • “තවත් හත්දෙනෙකු” සමඟ ඔහුවද ආරක්ෂා කළා
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 3/15 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නෝවා නැවට ඇතුල් කළේ පවිත්‍ර සතුන් සත්දෙනෙක්ද නැත්නම් ජෝඩු හතක්ද?

නෝවා නැව සාදා අවසන් වූවාට පසු යෙහෝවා දෙවි ඔහුට පැවසුවේ “ඔබද ඔබේ මුළු පවුලද නැවට ඇතුල් වන්න; මක්නිසාද මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ඔබ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි. මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත්දෙනෙකු බැගින්ද අපවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද” ගන්න කියායි. (උත්පත්ති 7:1, 2) මෙහි සඳහන් පවිත්‍ර ‘සතුන් සත් සත්දෙනෙක්’ යන්න වෙනත් බයිබල් පරිවර්තනයක (නව අනුවාදය) සඳහන් වන්නේ “ජෝඩු හතක්” ලෙසයි.

‘සත් සත්දෙනෙක්’ යන්න මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව අදහස් කරන්නේ “හත්දෙනා හත්දෙනා” යන්නයි. (උත්පත්ති 7:2) ඒත් හෙබ්‍රෙව් භාෂාවේ එසේ එකම සංඛ්‍යාව දෙවතාවක් සඳහන් කිරීමෙන් එම සංඛ්‍යා දෙක එකතු කළ යුතුයි කියා අදහස් කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස 2 සාමුවෙල් 21:20හි සඳහන් ‘උස මහත’ මනුෂ්‍යයාගේ ‘එක එක අතේ ඇඟිලි හය හයද එක එක පයේ ඇඟිලි හය හයද බැගින්’ තිබූ බව සඳහන් කර තිබෙනවා. (2 සාමුවෙල් 21:20) මුල් හෙබ්‍රෙව් භාෂාවේද “හය” යන සංඛ්‍යාව දෙවතාවක් සඳහන් වෙනවා. ඒත් ඉන් අදහස් කලේ ඔහුගේ එක් අතක ඇඟිලි 12කුත් එක් කකුලක ඇඟිලි12කුත් තිබුණා කියා නෙවෙයි. හය හය බැඟින් තිබුණා කීමෙන් අදහස් කළේ එක් අතක හා කකුලක ඇඟිලි හය බැගින් තිබුණා කියා පමණයි.

උත්පත්ති 7:9, 15හි (පැරණි අනුවාදය) “දෙන්නා දෙන්නා බැගින්” කීමෙන් ජෝඩු දෙකක් එනම් හතරදෙනෙක් කියා අදහස් කරන්නේ නැහැ. ඒ වගේම උත්පත්ති 7:2හි ‘සත් සත්දෙනෙක්’ කීමෙන් ජෝඩු හතක් එනම් 14දෙනෙක් අදහස් කරන්නේ නැහැ. මේ අනුව නැවට ඇතුල් කරගත්තේ පවිත්‍ර සතුන් ‘හත්දෙනා බැගින්’ සහ අපවිත්‍ර සතුන් ‘දෙදෙනා බැගින්’ පමණයි.

ඒත් උත්පත්ති 7:2හි “පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත්දෙනෙකු” බැගින් ගන්න කියා පැවසීමෙන් අදහස් කළේ නෝවා පවිත්‍ර සතුන් ජෝඩු සත බැගින් නැවට ගත්තා කියාද? නැහැ. පවිත්‍ර සතුන්ව නැවට ගත්තේ උන්ගෙන් වර්ගයා බෝ කිරීමේ අරමුණ ඇතිව පමණක් නෙවෙයි. උත්පත්ති 8:20ට අනුව නැවෙන් පිටතට පැමිණි “නෝවා යෙහෝවාට පූජාසනයක් ගොඩනඟා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.” (උත්පත්ති 8:20) මේ අනුව නෝවාට දෙවි පවිත්‍ර සතුන් හත්දෙනෙක් ගන්න කියා පැවසුවේ උන්ගෙන් හය දෙනෙක් එනම් ජෝඩු තුනක් උන්ගේ වර්ගයා බෝ කිරීම සඳහාත් ඉතිරි සතා පූජා කිරීම සඳහාත් බව පැහැදිලියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න