ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 4/15 3 පි.
  • ලෝකය මේ තරම් කුරිරු ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය මේ තරම් කුරිරු ඇයි?
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් කුරිරුයි කියලා හිතන්නේ ඇයි?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කුරිරුකම් කවදා හෝ අවසන් වෙයිද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුෂ්ටකම් පිටුපස කිසිවෙකු සිටිනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සඟරා හඳුන්වා දිය හැකි අයුරු
    2007 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 4/15 3 පි.

ලෝකය මේ තරම් කුරිරු ඇයි?

හැට හතර හැවිරිදි මරියා ජීවත් වුණේ තනිවමයි. ඇයට පහර දී වයරයකින් ගෙල සිර කර ඇගේ නිවසේදී මරා දමා තිබුණා.

ළමුන් දෙදෙනෙකුව පැහැර ගත්තා කියා සිතූ පොලිස් භටයන් තිදෙනෙකුව මැර පිරිසක් විසින් පහර දී භූමිතෙල් දමා ඔවුන්ට ගිනි තිබ්බා. එක් කෙනෙකුට බේරී පලා යෑමට හැකි වූ නමුත් අනිත් දෙදෙනා පිළිස්සී මිය ගියා.

නිවාඩුවක් ගත කරමින් සිටි හතරදෙනෙකුව මරා වළලා දමා තිබූ ස්ථානයක් ගැන නිර්නාමික දූරකථන ඇමතුමක් මගින් පොලීසියට දැනගන්න ලැබුණා. ඔවුන්ගේ ඇස් හා දෑත් බැඳ දමා තිබුණා. මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඔවුන්ව පණ පිටින් වළලා දමා තිබූ බවයි.

සිත් කම්පා කරවන එවන් අතිශය කුරිරුකම් චිත්‍රපටවල පෙන්වූ දර්ශන නෙවෙයි. මෑතකදී සිදු වූ එම කුරිරු අපරාධ තුන වාර්තා වුණේ එක් ලතින් අමෙරිකානු රටකින්. ඒ රටේ පමණක් නොවෙයි අද ලොව නන් දෙසින් එවැනි දරුණු කුරිරුකම් ගැන අසන්න ලැබෙනවා.

දිනපතා පළ වන පුවත්පත්වල ප්‍රධාන සිරස්තලවල දකින්නේ තිබෙන්නේ එවැනි දරුණු අපරාධ ගැනයි. බෝම්බ පිපිරීම්, ත්‍රස්තවාදී ප්‍රහාර, මිනිමැරුම්, පහර දීම්, වෙඩි තැබීම් හා දුෂණ එවන් අපරාධවල උදාහරණ කිහිපයක් පමණයි. තවත් බොහෝ අපරාධ ලෝකයේ සිදු වෙනවා. දරුණු කුරිරුකම් ගැන මොනතරම් අසන්න ලැබෙනවාද කියනවා නම් ඒවා ගැන අසන්න ලැබෙන විට කලින් මෙන් දැන් මිනිසුන්ගේ සිත්වලට මහත් කම්පාවක් ඇති වෙන්නේ නැහැ.

‘අද මේ ලෝකයට වෙන්නේ මොකක්ද? අනිත් අය ගැන සැලකිලිමත් වීම, ජීවිතය මිල කළ නොහැකි දෙයක් ලෙස සැලකීම ගැන මිනිසුන්ට කිසිම හැඟීමක් නැද්ද?’ කියා සමහරවිට ඔබ සිතනවා ඇති. මේ වගේ ලෝකයක ජීවත් වීමට අපිට සිදු වී තිබෙන්නේ ඇයි?

පිළිකාවෙන් වේදනා විඳින හැටනව හැවිරිදි හැරීගේ කතාව ගැන දැන් අපි සලකා බලමු. ඔහුගේ භාර්යාවත් දරුණු ස්නායු රෝගයකින් පෙළෙනවා. ඒත් ඔවුන්ගේ අසල්වැසියන් හා හිතමිතුරන් ඔවුන් දෙදෙනාට උපකාර කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වී තිබෙනවා. “මේ අයගේ උදව් උපකාර අපිට ලැබුණේ නැත්නම් මොනව කරන්නද කියලා මට හිතාගන්නවත් බැහැ” කියා හැරී පවසනවා. ඔහු ජීවත් වන කැනඩාවේ සිටින වයසක අයව බලාගන්න අයගෙන් සියයට 50කට වැඩිදෙනෙක් තමන්ගේ ඥාතීන් නොවන අයව බලාගන්නවා. අනිත් අයට කරුණාව හා දයාව පෙන්වමින් උදව් උපකාර කරන අය ගැන ඔබත් දන්නවා ඇති. මෙයින් පෙනී යන්නේ කුරිරු ලෝකයක වුණත් කරුණාව දයාව පෙන්වන්න මිනිසුන්ට නැඹුරුවාවක් තිබෙන බවයි.

එහෙමනම් ඇයි මේ තරම් දරුණු අපරාධ සිදු වෙන්නේ? ඇයි මිනිස්සු කුරිරු දේවල් කරන්නේ? කුරිරු මිනිසුන්ට යහපත් පුද්ගලයන් වෙන්න පුළුවන්ද? කවදා හෝ කුරිරුකම් අවසන් වෙයිද? එසේ අවසන් වෙනවා නම් ඒ කෙසේද, කවදාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට ඊළඟ ලිපිය කියවා බලන්න.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Train: CORDON PRESS

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න