සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! මාර්.
“බොහෝ ලෝක නායකයන් ක්‍රියා කරන්නේ හරිම ආඩම්බර විදිහටයි. මේ විදිහට ලෝකයට සාමය හා සමඟිය ගේන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩ හරින්න.] ආඩම්බරකම ගැන බයිබලය කියන්නේ මොනවද කියලා මම ඔයාට පෙන්වන්නද? [හිතෝපදේශ 16:18 කියවන්න.] නිහතමානී වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන මේ ලිපියේ කතා කරලා තියෙනවා “සඟරාවේ 20වන පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ අප්‍රි. 1
“හැම දවසකම වගේ අපේ සෞඛ්‍යය, පවුල් ජීවිතය සහ රැකියාව ගැන විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපට සිදු වෙනවා. මේවාට සෑහීම ගෙන දෙන පිළිතුරු සොයා ගන්න පුළුවන් කොහෙන් කියලද ඔයා හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩ හරින්න.] බයිබලයේ 2 තිමෝති 3:16 කියන දේ බලන්න. [කියවන්න.] විවිධ ප්‍රායෝගික ක්‍රමවලින් අපිට උපකාර කරන්න බයිබලයේ සපයා ඇති උපදෙස්වලට හැකි ආකාරය ගැන මේ සඟරාව පෙන්වනවා.”
පිබිදෙව්! අප්‍රි.
“ලොව පුරා බොහෝ තැන්වල සදාචාරය අන්තයටම පිරිහී තිබෙන බව බොහෝදෙනෙක් තේරුම්ගෙන තිබෙනවා. ඔයා මොනවද ඒ ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩ හරින්න.] මේ තත්වය බයිබල් අනාවැකියක ඉටු වීමක්. [ 2 තිමෝති 3:2-4 කියවන්න.] සදාචාරය බිඳවැටීම නිසා සිදු වෙලා තියෙන දේවල් ගැනත් මිනිසුන්ට එය බලපාලා තියෙන ආකාරය ගැනත් මේ සඟරාවේ පෙන්වනවා.”
මුරටැඹ අප්‍රි. 15
“අද ලෝකයේ කුරිරුකම් සාමාන්‍ය දෙයක් වෙලා. [ළඟදී වාර්තා වූ සිදුවීමක් ගැන හෝ සඟරාවේ සඳහන් සිදුවීමක් ගැන කියන්න.] මිනිසුන් මෙතරම් කුරිරු ඇයි කියලා ඔයා හිතලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩ හරින්න.] කුරිරුකම්වල වැඩිවීමක් ගැන බයිබලයේ කලින්ම පවසා තිබෙනවා. [ 2 තිමෝති 3:1-5 කියවන්න.]‘ කුරිරුකම් කවදා හෝ අවසන් වෙයිද? ‘කියන ප්‍රශ්නයට මේ සඟරාවේ උත්තර දීල තියෙනවා.”