සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අප්‍රි. 1
“විද්‍යාවයි බයිබලයයි එකිනෙකට පටහැනියි කියා කියනවා ඔබ අහලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩ දෙන්න.] විද්‍යාවයි ආගමයි අතර තිබෙන ගැටුමේ ඉතිහාසය ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා. ඒ වගේම සැබෑ විද්‍යාව බයිබලයට එකඟ බවටත් මේ සඟරාවේ සාක්ෂි පෙන්වනවා.” හය සහ හත්වන පිටු පෙන්වන්න. ඉන්පසු දේශනාකාරයා 1:7 කියවන්න.
පිබිදෙව්! අප්‍රි. 8
“නොමඟ යන්න ඉඩ කඩ තියෙන යෞවන කාලයේදී දරුවන්ට කරදරේ වැටෙන්නැතුව ඉන්න උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් වෙන්නේ කොහොමද? ඔබ හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩ දෙන්න. ඉන්පසු යෙසායා 48:17, 18 කියවන්න.] බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගැනීමෙන් දෙමාපියන්ට තම දරුවන් එක්ක හොඳ අදහස් හුවමාරුවක් ඇති කරගන්න පුළුවන් වෙන විදිහ ගැනත්, ඔවුන්ට සාධාරණ ලෙස සීමා පැනවිය හැකි ආකාරය ගැනත් මේ සඟරාවේ පෙන්වනවා.”
මුරටැඹ අප්‍රි. 15
“අද ඕන දෙයක් ගැන දැනුම් සම්භාරයක් ලබාගන්න හැකියාව තියෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩ හරින්න.] ඒත් මේ පදයේ කියන දේට වඩා වටින වෙන කිසිම දෙයක් නැහැ. [යොහන් 17:3 කියවන්න.] ‘සදාකාල ජීවනය’ කියන්නේ මොකක්ද කියලත්, ඒක අත්කරගන්න ඕනෑ කරන දැනුම ලබාගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! අප්‍රි. 8
“හුඟදෙනෙක් දෑතේ කර්මාන්තයක් ඉගෙනගන්නවාට වඩා පරිගණකය ඉගෙනගන්න උනන්දුවක් දක්වන බව ඔබ දැකලා තියෙනවාද? පුහුණුවක් ලබාගත යුතු හොඳම පාඨමාලාව මොකක්ද කියලා යෞවනයනුත් ඔවුන්ගේ දෙමාපියනුත් කල්පනා කරන්න ඉඩ තිබෙනවා. කය වෙහෙසන වැඩ ඉගෙනගැනීමෙන් ප්‍රයෝජන රැසක් ලැබෙන බව මේ ලිපියේ පෙන්වනවා. උත්සාහයෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දේශනාකාරයා 2:24 කියන දේ ගැන බලන්න. (කියවන්න) මේකේ සඳහන් කරලා තියෙන බයිබල් ප්‍රතිපත්ති අදටත් ප්‍රයෝජනදායකයි. ඉතින් මම හිතනවා ඔබ මේ ලිපිය කියවලා සතුටක් ලබයි කියලා.”