සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මාර්. 1
“හැමෝම මේ උපදෙස් පිළිපැද්දොත් මේ ලෝකේ මීට වඩා හොඳ වෙයි කියලා ඔබ හිතනවාද? [රෝම 12:17, 18 කියවන්න. ඉන්පසු ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒත් හැමෝම එක විදිහට හිතන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මතභේද විසඳගෙන සාමයෙන් ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා මේ සඟරාවේ පෙන්වා දෙනවා.”
පිබිදෙව්! මාර්. 8
“අම්මාටයි තාත්තාටයි දෙන්නටම ගරු කරන්න කියලා දරුවන්ට දෙවි පුරාණයේදී ආඥාවක් දුන්නා. [නික්මයාම 20:12 කියවන්න.] ඔබ හිතනවාද අම්මලාට ලැබිය යුතු ගෞරවය අද ලැබෙනවා කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] විවිධ රටවල්වල ඉන්න අම්මලා මූණ දෙන අභියෝග ගැනත්, ඔවුන් ඒ අභියෝග ජයගන්න ආකාරය ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”
මුරටැඹ මාර්. 15
“යේසුස් ඉගැන්වූ දේවල් ගැන මුළු ලෝකෙම ඉන්න මිනිස්සු අගේ කරනවා. [තුන්වන පිටුවේ 1 ඡේදයේ උපුටනය කියවන්න.] මෙම බයිබල් පදයේ කියන දේ අපේ කාලයටත් ගැළපෙනවා කියලා ඔබ හිතනවාද? [මතෙව් 5:21, 22අ කියවන්න. ඉන්පසු ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් ඉගැන්වූ දේවල් ගැනත්, අපිට ඒවායින් ලැබිය හැකි ප්‍රයෝජන ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”
පිබිදෙව්! මාර්. 8
“හැම අවුරුද්දේම බලශක්තිය සඳහා තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. කවදාහරි දවසක අපට අවශ්‍ය බලශක්ති නැති වෙලා ගියොත් මොනවා වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] පරිසරයට හානියක් නැති විකල්ප බලශක්ති නිපදවීමට ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා කියලා මේ සඟරාවේ පෙන්වලා තියෙනවා. ඒවගේම සියලු බලශක්තීන්වල ප්රභවය කවුද කියලාත් මේකේ පැහැදිලි කරනවා.” යෙසායා 40:26 කියවන්න.