ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 7වන කොටස:
පාඩමේදී යාච්ඤා කිරීම
1. (අ) බයිබල් පාඩමක් ආරම්භයේදී හා අවසානයේදී යාච්ඤා කිරීම සුදුසු වන්නේ මන්ද? (ආ) බයිබල් පාඩමකදී යාච්ඤා කිරීමට පටන් ගත යුත්තේ කුමන අවස්ථාවේදීද?
1 බයිබල් ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනය වීමට හා දෙවිගේ සේවකයන් වීමට යෙහෝවාගේ ආශීර්වාද අත්‍යවශ්‍යයි. (1 කොරි. 3:6) එම නිසා පාඩම ආරම්භයේදී සහ අවසානයේදී යාච්ඤා කිරීම සුදුසුයි. සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි යාච්ඤාවන් ගැන දැනුමක් තිබෙන කෙනෙක් සමඟ නම් පළමු පාඩමේදීම බොහෝවිට යාච්ඤාවක් කළ හැකියි. එසේ නොවන කෙනෙකු සමඟ නම් යාච්ඤා කළ යුත්තේ කොයි අවස්ථාවේදීද කියා අප සිතා බැලිය යුතුයි. යාච්ඤා කළ යුත්තේ ඇයි කියා ශිෂ්‍යයාට අවබෝධ කර දීමට ගීතාවලිය 25:4, 5 සහ 1 යොහන් 5:14 යොදාගත හැකියි. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් තුළින් යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමේ ඇති වැදගත්කම පැහැදිලි කිරීමට යොහන් 15:16දයොදාගත හැකියි.
2. සහෝදරියක් බයිබල් පාඩමක් පවත්වන විට බව්තීස්ම ලත් සහෝදරයෙක් හෝ බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් සිටිනවා නම් යාච්ඤාව කළ යුත්තේ කවුද?
2 බයිබල් පාඩමකදී යාච්ඤා කළ යුත්තේ කවුද? පාඩමක් පැවැත්විමේදී සහෝදරියක් සමඟ බව්තීස්ම ලත් සහෝදරයෙක් සිටිනවා නම් ඔහු යාච්ඤාව කළ යුතුයි. සහෝදරියට හැකියි හිස වසාගෙන පාඩම මෙහෙයවන්න. (1 කොරි. 11:5, 10) බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් සහෝදරිය සමඟ පාඩමකට සහභාගි වෙනවා නම් යාච්ඤා කළ යුත්තේ ඇයයි. මෙවැනි අවස්ථාවකදී යාච්ඤා කරන විට මෙන්ම පාඩම මෙහෙය වන විට ඇය හිස වසාගත යුතුයි.
3. බයිබල් පාඩමකදී කරන යාච්ඤාවට ඇතුළත් කළ හැකි සුදුසු දේවල් මොනවාද?
3 යාච්ඤාවට ඇතුළත් කළ හැකි දේ: දීර්ඝ යාච්ඤාවක් නොකළ යුතුයි. නමුත් යාච්ඤාවට නිශ්චිත කාරණා ඇතුළත් කළ යුතුයි. පාඩම සඳහා යෙහෝවාගේ ආශීර්වාද අයැදීමට සහ සත්‍යය ඉගෙනගැනීමට ලැබුණ අවස්ථාවට ස්තුති කරනවාට අමතරව සියලු මඟ පෙන්වීම් ලබා දෙන යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සුදුසුයි. (යෙසා. 54:13) ඒ වගේම ශිෂ්‍යයා කෙරෙහි අප දක්වන අවංක උනන්දුව ප්‍රකාශ කිරීමත් යෙහෝවා යොදාගනු ලබන සංවිධානයට අපගේ අගය පළ කිරීමත් ඊට ඇතුළත් කළ හැකියි. (1 තෙස. 1:2, 3; 2:7, 8) ශිෂ්‍යයා ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට දරන වෑයම වෙනුවෙන් යෙහෝවාගේ ආශීර්වාද ඉල්ලා අප කරන යාච්ඤා, ‘වචනය පිළිපදින්නෙකු’ වීමේ වැදගත්කම තේරුම්ගැනීමට ඔහුට උපකාරයක් විය හැකියි.—යාකො. 1:22.
4. පාඩම ආරම්භයේදී හා අවසානයේදී යාච්ඤා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
4 යාච්ඤා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. එක් ප්‍රයෝජනයක් නම් දෙවිගේ ආශීර්වාද ලැබීමයි. (ලූක් 11:13) දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමේ වැදගත්කම ඉන් කාවද්දනවා. ශිෂ්‍යයා අපගේ යාච්ඤාවලට සවන් දෙන විට ඔහු හෝ ඇයත් යාච්ඤා කිරීමට ඉගෙනගන්නවා. (ලූක් 6:40) එපමණක් නොව දෙවි කෙරෙහි අපරිමිත ප්‍රේමයක් පිරි හදවතකින් සහ ඔහුගේ අසමසම ගුණාංගවලට අගය දක්වමින් කරන යාච්ඤා ශිෂ්‍යයාට යෙහෝවා සමඟ පෞද්ගලික සබඳතාවක් ගොඩනඟාගැනීමට උපකාරවත් වෙයි.