“දෙවි විඩා වූවන්ට සවිය දෙයි”
1 අපි හැම කෙනෙක්ම කලින් කලට වෙහෙසට පත් වෙනවා. රැකියාවේ වැඩ වැඩි නිසා හෝ වෙහෙසී කරන වෙනත් වැඩ නිසා පමණක් නොවෙයි, ‘කටයුතු කිරීමට අසීරු මේ අන්තරාදායක කාලයේ’ මුහුණ දෙන ප්‍රශ්න ගැටලු නිසාත් අපිට වෙහෙසකාරි බවක් දැනෙනවා. (2 තිමෝ. 3:1) යෙහෝවා දෙවිගේ සේවකයන් හැටියට අප කරන සේවය අඩු නොකර දිගටම කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ලබාගන්න පුළුවන් කොහොමද? ‘අතිමහත් ශක්තියක්’ තිබෙන දෙවි මත රඳා සිටීමෙන් ශක්තිය ලබාගන්න පුළුවන්. (යෙසා. 40:26, NW) අපේ අවශ්‍යතාවන් ගැන හොඳින් දෙවි දන්නවා, අපිට උපකාර කරන්නත් අවංක ආශාවකින් සිටිනවා.—1 පේතෘ. 5:7.
2 යෙහෝවා දෙවිගේ සැපයුම්: යෙහෝවා දෙවි තම ක්‍රියාකාරී බලය මගින් අපිව ශක්තිමත් කරනවා. අතිමහත් විශ්වය මැවීමට දෙවි යොදාගත්තේ ඒ සුවිශේෂ බලයයි. අපි වෙහෙසට පත් වන විට ‘සවිය අලුත් කරගැනීමට’ දෙවි තම බලය මගින් අපිට උපකාර කරනවා. (යෙසා. 40:31) මේ ප්රශ්නය ගැන හොඳින් සිතා බලන්න. ‘ක්‍රිස්තියානියෙකු හැටියට දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ මගේ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට මම දෙවිගේ බලය ඉල්ලා අවසන් වතාවට යාච්ඤා කළේ කවදාද?’—ලූක් 11:11-13.
3 දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන බයිබලය දිනපතා කියවා මෙනෙහි කරන්න. අපගේ ක්‍රිස්තියානි ප්‍රකාශන නිතිපතා අධ්‍යයනය කිරීමෙන් අපේ ඇදහිල්ල සැමදාම ශක්තිමත්ව තබාගමු. මෙසේ කරනවා නම්, අපි “දිය ඇළවල් ළඟ හිඳුවූ නියම කලට ඵල දෙන්නාවූ නොමැලවෙන කොළ ඇත්තාවූ ගසක් හා සමාන” වෙයි.—ගීතා. 1:2, 3.
4 ඔහු අපිව ශක්තිමත් කිරීමට සෙසු ඇදහිලිවන්තයන්වද යොදාගන්නවා. ඔවුන් අපිට “ශක්තිය සපයන උපකාරකයෝ” කියා හඳුන්වන්න පුළුවන්. (කොලො. 4:10, 11) ඔවුන් සභා රැස්වීම්වලදී අපි සමඟ කරන දිරිගන්වනසුලු කතා බහෙන්ද ඔවුන් සපයන උත්තරවලින්ද ඉදිරිපත් කරන කතාවලින්ද අපි ශක්තිමත් වෙනවා. (ක්‍රියා 15:32) විශේෂයෙන් වැඩිමහල්ලන් අපිව ශක්තිමත් කරමින් අපිව දිරිගන්වනවා.—යෙසා. 32:1, 2.
5 දේවසේවය: ඔබට වෙහෙසයි කියා හැඟුණත් දේශනා සේවයේ හවුල් නොවී ඉන්න එපා! අපිට මහත් ප්රබෝධයක් ලැබෙන්නේ අත් නෑර දේවසේවයේ හවුල් වීමෙනුයි. (මතෙ. 11:28-30) එසේ කරන විට දේවරාජ්‍යය ගැනත් එමගින් ලැබෙන සදාකාලික ආශීර්වාද ගැනත් අපි වැඩි වැඩියෙන් සිතනවා.
6 මේ දුෂ්ට සමාජ ක්‍රමය විනාශ වීමට කලින් තව බොහෝ දේවල් කරන්න තිබෙනවා. “දෙවි සපයන ශක්තිය මත රඳා” සිටිමින් අත් නෑර සේවය දිගටම කරගෙන යෑමට අපිට ඕනෑ තරම් හේතු තිබෙනවා. (1 පේතෘ. 4:11) යෙහෝවා “දෙවි විඩා වූවන්ට සවිය” දෙන නිසා ඔහුගේ උපකාරය ඇතිව අපේ සේවය සම්පූර්ණයෙන් ඉටු කරන්න අපිට හැකි බව නිසැකයි.—යෙසා. 40:29, NW.