ඔබ දේවවචනය සත්‍යය බව පෙන්වා දෙනවාද?
1 බයිබලයේ නිරවද්‍යතාව ගැන සැක පහළ කරන ලෝකයක, බයිබලයේ සඳහන් සියල්ල සත්‍යය බව පෙන්වා දීමට සැබෑ ක්‍රිස්තියානීන් උද්යෝගයෙන් සිටිනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්” බව ඒත්තුගෙන සිටින අපි “ඔබේ වචනය සත්‍යතාවය” කියා යේසුස් කළ යාච්ඤාවකදී පැවසූ වදන් සත්‍යයක් බව එකහෙළාම විශ්වාස කරනවා. (2 තිමෝ. 3:16; යොහ. 17:17) දේවවචනය සත්‍යය බව බලපෑමෙන් යුක්තව ජනයාට පෙන්වා දීමට අපිට හැක්කේ කෙසේද?
2 බයිබල් පද ගැන දැනුවත් වන්න: යේසුස් මහත් උනන්දුවෙන් ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කළ බවට සැකයක් නැහැ. මේ නිසා ශුද්ධ ලියවිල්ල යොදාගනිමින් ජනයාට හොඳින් උගන්වන්න ඔහුට හැකි වුණා. (ලූක් 4:16-21; 24:44-46) දිනපතාම බයිබලයෙන් කොටසක් කියවා, සේවයේදී ප්‍රයෝජනවත් වෙයි කියා සිතන වගන්තියක් ගැඹුරින් කල්පනා කර බලනවා නම් බයිබල් පද රාශියක් මතකයේ තබාගන්න අපිට පුළුවන්. රැස්වීම්වලට සූදානම් වන විට, එක් එක් කොටසට අදාළ ප්රකාශනනවල සඳහන් කර තිබෙන බයිබල් පද පෙරළා බැලිය යුතුයි. හැකි නම් එම පදවලට අනුව අදහස් දැක්වීමක් සූදානම් කරගත හැකියි. කථිකයා බයිබල් පද කියවන විට අපිත් ඒවා බයිබලයෙන් පෙරළා බැලිය යුතුයි. බයිබල් පද ගැන හොඳින් දැනුවත් වී සිටිනවා නම් ‘සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන්න’ අපිට හැකි වෙනවා.—2 තිමෝ. 2:15.
3 කතා කරන්න බයිබලයට ඉඩ දෙන්න: අපි සේවයේ හවුල් වන විට බයිබලයට කතා කරන්න ඉඩ දිය යුතුයි. තත්වයට අනුව හැකි නම් එක බයිබල් පදයක්වත් කියවා කෙටියෙන් ගෙවැසියාට එය පහදා දෙන්න. ගෙවැසියා ප්‍රශ්නයක් නඟයි නම් හෝ විරුද්ධත්වයක් පළ කරයි නම් හොඳම දෙය වන්නේ, ඔහුට පිළිතුරක් දීමට බයිබලය යොදාගැනීමයි. ගෙවැසියාට වැඩ බහුල නම් මෙවැනි දෙයක් පවසා බයිබලයේ සඳහන් අදහසක් ඔහුගේ සිතේ තැන්පත් කර එන්න පුළුවන්. “මම යන්න කලින් මේ බයිබල් පදය විතරක් පැහැදිලි කරලා දෙන්න මම ආසයි.” හැකි සෑමවිටම බයිබලය පෙරළා කියවන්න. ඔබ කියවද්දී ගෙවැසියාටද ඒ පදය පෙනෙන පරිදි කියවන්න.
4 බයිබලයේ ත්‍රිත්වය ගැන සඳහන් නොවන බව බයිබලයෙන් පෙන්වා දුන් විට ගෙවැසියෙක් මෙසේ පුදුමයෙන් පැවසුවා. “මගේ ජීවිත කාලේම මම පල්ලි ගියා. ඒ වුණත් බයිබලයේ මේ වගේ දෙයක් කියලා තියෙන බව මම කවදාවත් දැනගෙන හිටියේ නැහැනේ!” ඔහු ඒ වෙලාවෙම බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. මෙයින් පෙනෙන්නේ බැටළුවන් තමන්ගේ හඬට සවන් දෙනවා කියා යේසුස් පැවසූ දේ සත්‍යයක් බවයි. (යොහ. 10:16, 27) අවංක සිත් ඇති අයට සත්‍යය පහදා දිය හැකි හොඳම ක්‍රමය වන්නේ කෙළින්ම බයිබලයෙන් සත්‍යය තේරුම් කර දීමයි. මේ නිසා දේවවචනය සත්‍යය බව පෙන්වා දීමට සැමවිටම උත්සාහ කරමු!