‘ඇදහිල්ලේ වචනවලින් පෝෂ්‍ය වී’
1 දිගටම දේවභක්තික ජීවිතයක් ගත කිරීමට මහත් වෑයමක් දැරිය යුතුයි. (1 තිමෝ. 4:7-10) මෙවැනි ජීවිතයක් ගත කිරීමට අපි අපේම ශක්තිය මත රඳා සිටිනවා නම් ඉතා ඉක්මනින්ම අප වෙහෙසට පත් වී අපේ උත්සාහය අත්හරින්න ඉඩ තිබෙනවා. (යෙසා. 40:29-31) ‘ඇදහිල්ලේ වචනවලින් පෝෂ්‍ය වීම’ අපට යෙහෝවාගෙන් ශක්තිය ලබාගත හැකි එක් ක්‍රමයක්.—1 තිමෝ. 4:6.
2 පෝෂ්‍ය ගුණයෙන් පිරි බහුල ආත්මික ආහාර: තම වචනය හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින් යෙහෝවා ආත්මික ආහාර බහුල ලෙස සපයයි. (මතෙ. 24:45) එයින් ප්‍රයෝජන ලැබීමට අපි වෑයම් කරනවාද? අපි සෑම දිනකම බයිබලය කියවනවාද? පෞද්ගලික අධ්‍යයනය හා මෙනෙහි කිරීම සඳහා අපි කාලය වෙන් කර තිබෙනවාද? (ගීතා. 1:2, 3) පෝෂ්‍ය ගුණයෙන් පිරි එම ආත්මික ආහාර අපව සාතන්ගේ ලෝකයේ දුර්වල කරන දේවලින් ආරක්ෂා කරන අතර අපව ශක්තිමත් කරයි. (1 යොහ. 5:19) යහපත් දේවලින් අපේ මනස පුරවාගනිමින් ඒවා අපේ ජීවිතවලට අදාළ කරගන්නවා නම් යෙහෝවා අප සමඟ සිටීවි.—ෆිලි. 4:8, 9.
3 සභා රැස්වීම් මගිනුත් යෙහෝවා අපව ශක්තිමත් කරනවා. (හෙබ්‍රෙ. 10:24, 25) මෙම රැස්වීම්වලදී ලැබෙන ආත්මික උපදෙස් හා හොඳ ආශ්‍රය පීඩා හමුවේ ස්ථිරව සිටීමට අපව ශක්තිමත් කරයි. (1 පේතෘ. 5:9, 10) එක් ක්‍රිස්තියානි යෞවනයෙක් මෙසේ පැවසුවා. “මුළු දවස පුරාම ඉස්කෝලේ පැය ගානක් ගත කරන්න වෙන නිසා මං වෙහෙසට පත් වෙනවා. ඒත් රැස්වීම් කාන්තාරයක තියෙන ක්ෂේම භූමියක් වගෙයි. රැස්වීමට ගියහම මට ලොකු ප්රබෝධයක් ලැබෙනවා. එතකොට ඊළඟ දවසේ ඉස්කෝලේ යන්න මාව ශක්තිමත් වෙනවා.” රැස්වීම්වලට යන්න දරන ප්රයත්නය මොන තරම් ආශීර්වාදයක්ද!
4 සත්‍යය බෙදාහැරීම: අන් අයට දේශනා කිරීම යේසුස් තමන්ගේ ආහාර මෙන් සැලකුවා. එයින් ඔහු ශක්තිමත් වුණා. (යොහ. 4:32-34) ඒ වගේම අපිත් දෙවිගේ මවිතාකාර පොරොන්දු ගැන අන් අය සමඟ කතා කරද්දී අපි තුළත් ප්රබෝධයක් ඇති වෙනවා. දේවසේවයේ නොකඩවා නියැලීමෙන් රාජ්‍යය ගැනත්, ළඟදීම ලැබෙන ආශීර්වාද ගැනත් අපේ සිතේ සහ මනසේ තබාගැනීමට හැකියි. එය ඇත්තෙන්ම අපව ප්‍රබෝධවත් කරයි.—මතෙ. 11:28-30.
5 යෙහෝවා අද දින තම ජනයාට බහුල ලෙස දෙන ආත්මික පෝෂණයෙන් ප්‍රයෝජන ගන්න අපට හැකිවීම මොන තරම් ආශීර්වාදයක්ද! ඔහුට ප්‍රශංසාව ගෙන දීම සඳහා අපි දිගටම ප්‍රීතියෙන් අපේ හඬ එක් කරමු.—යෙසා. 65:13, 14.