ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 6/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘හරි මඟේ යන්න දරුවාව පුහුණු කරන්න’
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න
    පවුලේ සන්තෝෂයට රහස
  • දරුවන්ට දිය යුතු අවධානය දීම
    2005 පිබිදෙව්!
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 6/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දරුවන්ව නිසි ලෙස පුහුණු කළොත් ඔවුන් කෙදිනකවත් යෙහෝවා දෙවිව අත්හැර නොයන බවට හිතෝපදේශ 22:6හි සහතිකයක් දෙනවාද?

එහි පවසන්නේ මෙසේයි. “ළදරුවෙකු යා යුතු මාර්ගයේ ඔහු පුහුණු කරන්න. එවිට වයස්ගත වූ කල ඔහු එයින් අහක්ව නොයන්නේය.” හොඳින් පුහුණු කරන ලද දරුවන් බොහෝවිට නැඹුරු වන්නේ දෙවිට නොකඩවා සේවය කරන්නයි. සෑම දෙමාපියෙකුගේම අද්දැකීම නම් එවැනි පුහුණුවක් ලබා දීමට බොහෝ කාලයකුත් දැඩි වෑයමකුත් අවශ්‍යය බවයි. තම දරුවන්ට යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට උපකාර කරන දෙමාපියන් ඔවුන්ට කල්පනාකාරීව උපදෙස් දීම, අවවාද කිරීම, හික්මවීම සහ දිරිගැන්වීමත් අවශ්‍යයි. එමෙන්ම තම ජීවිතයෙන් හොඳ ආදර්ශයක් තබමින් ප්‍රේමණීයව දිගටම එසේ කළ යුතුයි.

දරුවෙක් යෙහෝවා දෙවිව අත්හැර ගියොත් ඉන් අදහස් කරන්නේ එය දෙමාපියන් දුන් පුහුණුවේ වරදක් බවද? සමහර අවස්ථාවලදී එසේ විය හැකියි. දෙමාපියන් තම දරුවන්ට යෙහෝවා දෙවි සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමට සහ නිසි හික්මවීම ලබා දීමට අපොහොසත් වෙන්න පුළුවන්. (එෆීස 6:4) අනික් අතට දෙමාපියන් නිසි ආකාරයෙන් දරුවන්ව පුහුණු කළත් ඔවුන් යෙහෝවා දෙවිගේ මාර්ගයේ දිගටම ගමන් කරනවාමයි කියා සහතිකයක් එම හිතෝපදේශය ලබා දෙන්නේ නැහැ. දරුවන් නිතරම දෙමාපියන් බලාපොරොත්තු වෙන ආකාරයටම හැඩගැසෙයි කියා සිතන්නත් බැහැ. ඊට හේතුව වැඩිහිටියන්ට මෙන් දරුවන්ටද තීරණ ගැනීමේ නිදහසක් තිබෙන අතර දිනෙක ඔවුන් තම ජීවිත ගත කරන ආකාරය ගැන තනි තීරණ ගත යුතුයි. (ද්විතීය කතාව 30:15, 16, 19) ඉතා වෙහෙස වී හොඳ පුහුණුවක් ලබා දුන් සමහර දෙමාපියන්ගේ දරුවන් පවා යෙහෝවා දෙවිට සේවය කිරීම නතර කර තිබෙනවා. අපි දැන් සාකච්ඡා කරන බයිබල් පදය ලියූ සලමොන්ද පසු කාලයකදී දෙවිට සේවය කිරීම නතර කළා. ඒ පමණක් නොවෙයි යෙහෝවා දෙවිගේ දරුවන් වන දේවදූතයන්ද එලෙසම අකීකරු වී තිබෙනවා.

ඒ අනුව බලද්දී හොඳ පුහුණුවක් ලබන සෑම දරුවෙක්ම ‘එයින් අහක්ව යන්නේ නැහැ’ කියා එම බයිබල් පදයෙන් අදහස් කරන්නේ නැහැ. නමුත් හොඳින් පුහුණු කරන දරුවන් බොහෝවිට දිගටම හරි මාර්ගයේ ගමන් කිරීමට පෙලඹෙනවා. එය දැන සිටීම දෙමාපියන්ට මොන තරම් දිරිගැන්වීමක්ද! හේතුව, දරුවන්ව නිසි මාර්ගයේ පුහුණු කිරීමට දෙමාපියන් අවංක වෑයමක් දරද්දී ඉන් හොඳ ප්‍රතිඵල ගෙන දෙන නිසයි. දරුවන් මත යහපත් බලපෑමක් ඇති කරන්න දෙමාපියන්ට හැකි නිසා ඔවුන්ගේ වගකීම ඉතාමත් බැරෑරුම් දෙයක් ලෙස සලකන්න කියා ඔවුන්ව දිරිගන්වා තිබෙනවා.—ද්විතීය කතාව 6:6, 7.

අනික් අතට දරුවන් ඉගෙනගෙන ඇති බයිබලයේ සඳහන් සත්‍යය ඉතා බලවත්. එමෙන්ම දෙමාපියන් හැටියට ඔබ දුන් පුහුණුවද දිගු කලක් පුරා ඔවුන් තුළ පවතී. ඒ නිසා ඔබේ දරුවා යෙහෝවා දෙවිට සේවය කිරීම නතර කළත් නැවතත් ඔහු හැරී එයි කියා බලාපොරොත්තුවෙන් සිටින්න ඔබට හැකියි.—ගීතාවලිය 19:7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න