ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 1/1 25 පි.
  • ශ්‍රේෂ්ඨ පියෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශ්‍රේෂ්ඨ පියෙක්
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට හුඟක් ආදරෙයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හොඳ පියෙක් විය හැක්කේ කෙසේද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ යෙහෝවා දෙවිව ඔබේම පියා ලෙස සලකනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පියාණන් ගැන එළිදරව් කරන්න පුත්‍රයා කැමතියි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 1/1 25 පි.

දෙවිට ළං වෙන්න

ශ්‍රේෂ්ඨ පියෙක්

මතෙව් 3:16, 17

“තාත්තා” යන වචනය ඇසෙන විට අපි තුළ ඇති වෙන්නේ පුදුමාකාර හැඟීමක්. දරුවන්ට සැබෑ ආදරයක් දක්වන ඕනෑම පියෙක් ඔවුන්ට හොඳ මාර්ගයේ යෑමට උදව් කරනවා. බයිබලය තුළ යෙහෝවා දෙවිව ‘පියෙක්’ ලෙස හඳුන්වා තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. (මතෙව් 6:9) යෙහෝවා දෙවි මොන වගේ පියෙක්ද? ඒ ගැන දැනගැනීම සඳහා යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඔහුට පැවසූ වදන්වලට අවධානය යොමු කරමු.

ක්‍රිස්තු වර්ෂ 29 ඔක්තෝබර් මාසයේදී පමණ බව්තීස්ම වීම සඳහා යේසුස් යොර්දාන් ගඟ වෙත ගියා. ඒ අවස්ථාවේ සිදු වූ දේ බයිබලයේ මෙසේ වාර්තා කර තිබෙනවා. “බව්තීස්ම වීමෙන් පසු යේසුස් එකෙණෙහිම දියෙන් උඩට මතු විය. බලන්න! අහස විවර විය. දෙවිගේ ආත්මය [බලය] පරෙවියෙකු මෙන් ඔහු පිටට බසිනවා ඔහු දුටුවේය. බලන්න! ‘මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි’යි පැවසූ හඬක්ද ස්වර්ගයෙන් නික්මුණේය.”a (මතෙව් 3:16, 17) යෙහෝවා දෙවි කුමනාකාරයේ පියෙක්ද කියා ඔහු පැවසූ එම කාරුණික වදන්වලින් පැහැදිලි වෙනවා.

මුලින්ම යෙහෝවා දෙවි පැවසුවේ මේ මාගේ ප්‍රේමණීය “පුත්‍රයාය” කියායි. යේසුස්ට ‘පුත්‍රයා’ කියා ඇමතීමෙන් අදහස් කළේ ‘යේසුස්ගේ පියා වීම ගැන දෙවි ගොඩක් ආඩම්බර වෙන’ බවයි. දරුවන් දෙමව්පියන්ගේ අවධානය දිනාගැනීමට කැමති බව සැලකිලිමත් පියෙක් දන්න නිසා ඔහු එය ලබා දෙනවා. ඇත්තෙන්ම හැම දරුවෙක්ම පවුලේ වටිනා සාමාජිකයෙක් බව ඔවුන් එක් එක්කෙනාට ඒත්තුගැන්විය යුතුයි. වැඩිහිටියෙකුව සිටියත් තම පියාගේ අනුමැතිය ලැබුණු අවස්ථාවේ යේසුස්ට කොතරම් සතුටක් දැනෙන්න ඇද්ද කියා සිතා බලන්න.

ඊළඟට යෙහෝවා දෙවි මාගේ “ප්‍රේමණීය” පුත්‍රයා කියා යේසුස්ව හැඳින්වීමෙන් ඔහු කෙරෙහි ඇති ආදරය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ යේසුස් කොතරම් සතුටු වෙන්න ඇතිද! සැලකිලිමත් පියෙක් තම දරුවන් කෙරෙහි ඇති ආදරය ඔවුන්ට ප්‍රකාශ කරනවා. එය දරුවන් කෙරෙහි හොඳ බලපෑමක් ඇති කරනවා.

අවසානයේදී “මම මොහුව අනුමත කළෙමි” කියා පැවසීමෙන් යෙහෝවා දෙවි තම පුත්‍රයාට තමන්ගේ අනුමැතිය දී ඇති බව පෙන්නුම් කළා. එය හරියට ‘පුතේ ඔයා කරලා තියෙන වැඩ ගැන මම ගොඩක් සතුටු වෙනවා’ කියා දෙවි පැවසුවා හා සමානයි. ඒ අවස්ථාවේ යේසුස්ට මොන තරම් ලොකු දිරිගැන්වීමක් ලැබෙන්න ඇතිද කියා සිතා බලන්න. සැලකිලිමත් පියෙක් තම දරුවන් කරන කියන හොඳ දේවල් සම්බන්ධයෙන් ඔවුන්ව පැසසුමට ලක් කිරීමට අවස්ථා සොයනවා. මෙසේ දෙමව්පියන්ගේ අනුමැතිය ලැබෙන විට දරුවන් දිරිගැන්වෙනවා පමණක් නොව ඔවුන්ට ලොකු ධෛර්යයක්ද ලැබෙනවා.

ඇත්තෙන්ම යෙහෝවා දෙවි ඉතා ප්‍රේමණීය පියෙක්. එවැනි පියෙක් කෙරෙහි ඔබේ සිත ඇදී යන්නේ නැද්ද? ඔබටත් පුළුවන් යෙහෝවා දෙවිව දැනහඳුනා ගෙන ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න. ඔබ අවංකවම ඔහු ගැන ඉගෙනගෙන ඔහුගේ කැමැත්ත කිරීමට උත්සාහ දරද්දී ඔහු ඔබට ආශීර්වාද කරනවා. ඒ ගැන බයිබලයේ මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.” (යාකොබ් 4:8) සිටිය හැකි හොඳම පියා වන යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පැවැත්වීමට ලැබීම ඔබට ලොකු ආරක්ෂාවක්. ඊට වඩා හොඳ ආරක්ෂාවක් වෙන කොහෙන්වත් ලැබෙයි කියා සිතන්න බැහැ.

[පාදසටහන]

a ලූක්ගේ ශුභාරංචියට අනුව යෙහෝවා දෙවි යේසුස්ට “ඔබ” කියා ආමන්ත්‍රණය කරමින් මෙසේ පැවසුවා. “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබය. මම ඔබව අනුමත කළෙමි.”—ලූක් 3:22.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න