ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 6/15 28 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවිගේ ඊශ්‍රායෙල් මුද්‍රා කිරීම
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • ස්වර්ගික පුරවැසිභාවය සතු ක්‍රිස්තියානි සාක්ෂිකරුවෝ
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්” සහ “මහත් සමූහය”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වර්තමාන ඊශ්‍රායෙලය ගැන බයිබලයේ සඳහන් වෙනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 6/15 28 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“මුළු ඊශ්‍රායෙලයම ගලවනු ලබන්නේය” කියා පාවුල් පැවසුවා. (රෝම 11:26) ඔහු ඉන් අදහස් කළේ මුළු ඊශ්‍රායෙල් ජාතියම යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන බවද?

නැහැ. ඔහු කතා කරමින් සිටියේ එම ජාතිය ගැන නොවෙයි. ආබ්‍රහම්ගෙන් පැවතුණු එම ඊශ්‍රායෙල්වරුන්ගෙන් ස්වල්පදෙනෙක් හැරෙන්න අන් සියලුදෙනාම ගැලවුම්කරු හැටියට යේසුස්ව පිළිගත්තේ නැහැ. එමෙන්ම යේසුස්ගේ මරණයෙන් වසර ගණනාවකට පසුව පවා ඔවුන්ගෙන් වැඩිදෙනා යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැහැ. එසේනම් පාවුල්ගේ එම වචන අප තේරුම්ගත යුත්තේ කෙසේද?

යේසුස්ගේ කාලයේ සිටි ඊශ්‍රායෙල් ජාතියේ ආගමික නායකයන්ට ඔහු මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන, එම රාජ්‍යයෙහි පල උපදවන ජාතියකට දෙනු ලැබේ.” (මතෙ. 21:43) ඊශ්‍රායෙල් ජාතිය යේසුස්ව පිළි නොගත් නිසා යෙහෝවා දෙවි නව ජාතියක්ව තෝරාගෙන තම බලයෙන් ඔවුන්ව අභිෂේක කළා. පාවුල් එම නව ජාතිය හැඳින්වූයේ “දෙවිගේ ඊශ්‍රායෙල්” හැටියටයි.—ගලා. 6:16.

එම අභිෂේක ලත් “දෙවිගේ ඊශ්‍රායෙල්” නමැති මෙම අලුත් ජාතිය සංඛ්‍යාවෙන් 1,44,000ක් බව ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. (රෝම 8:15-17; එළි. 7:4) මෙම ජාතියට ඊශ්‍රායෙල් ජාතියට අයත් නොවන අයද ඇතුළත් බව එළිදරව් 5:9, 10හි සඳහන්. ඒ අනුව මෙම අලුත් ජාතියට “සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද” ජනයා ඇතුළත් වන අතර ඔවුන්ව විශේෂයෙන්ම තෝරාගෙන තිබෙන්නේ ‘රාජ්‍යයක්ද පූජකයන්ද වීමට සහ පොළොව කෙරෙහි රජකම් කිරීමටයි.’ දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ජාතියක් හැටියට ප්‍රතික්ෂේප කළත් එම ජාතියට අයත් සමහර අයට දෙවිගේ අනුමැතිය ලැබීමට හැකි වුණා. ඒ බව යේසුස්ගේ මුල් ගෝලයන් සහ මුල් ක්‍රිස්තියානි සභාවේ සිටි අයගෙන් පැහැදිලි වෙනවා. එමෙන්ම වෙනත් ජාතීන්ට අයත් අභිෂේක ලත් සාමාජිකයන් මෙන් ඊශ්‍රායෙල් ජාතියට අයත් මෙම සාමාජිකයන්ද යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුයි.—1 තිමෝ. 2:5, 6; හෙබ්‍රෙ. 2:9; 1 පේතෘ 1:17-19.

ඊශ්‍රායෙල් ජාතියට අයත් බහුතරයකට යේසුස් සමඟ හවුලේ පාලනය කිරීමේ ප්‍රස්තාව අහිමි වුණත් දෙවිගේ අරමුණට ඉන් බාධා වුණේ නැහැ. ඉදිරියටත් එසේමයි. ඒ බව සහතික කරමින් යෙසායා මෙසේ පැවසුවා. “මා පවසන දේ ඉටු නොවී මා වෙතට නැවත හැරී එන්නේ නැත. මාගේ කැමැත්ත අනිවාර්යයෙන්ම ඉටු වන්නේය. මා අරමුණු කරන දේ එලෙසම සිදු වන්නේය.”—යෙසා. 55:11, නව ලොව පරිවර්තනය.

තම පුත්‍රයා සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට 1,44,000ක් තෝරාගැනීම සම්බන්ධයෙන්ද එම වචන සැබෑවක් වෙනවා. දෙවි පොරොන්දු වූ ලෙස එම ගණනට අයත් සාමාජිකයන් එක්කෙනෙක්වත් අඩු වන්නේ නැති අතර දෙවි තම බලයෙන් ඔවුන් සියල්ලන්වම අභිෂේක කරන බව බයිබලයේ සඳහන් වෙනවා.—එළි. 14:1-5.

“මුළු ඊශ්‍රායෙලයම ගලවනු ලබන්නේය” කියා පැවසීමෙන් පාවුල් අදහස් කළේ ඊශ්‍රායෙල් ජාතියට අයත් සියලුදෙනාම යේසුස් කෙරෙහි ඇදහිල්ල තබන බව නොවෙයි. එසේනම් ඔහු අදහස් කළේ කුමක්ද? නියමිත කාලයේදී යේසුස් සමඟ රජකම් කිරීමට දෙවිගේ බලයෙන් අභිෂේක ලබන 1,44,000 දෙනෙකුගෙන් සමන්විත අලුත් ජාතියක් බිහි කිරීමට වූ දෙවිගේ අරමුණ ඉෂ්ට වන බවයි. ඒ අනුව දෙවිගේ නියමිත කාලයේදී “මුළු ඊශ්‍රායෙලයම” හෙවත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත මුළු ජාතියම ගලවාගෙන දේවරාජ්‍යයේ රජවරු සහ පූජකයන් හැටියට යේසුස් සමඟ පාලනය කිරීමට අවස්ථාව ලබා දෙයි.—එෆී. 2:8.

[28වන පිටුවේ පින්තූර]

අභිෂේක ලත් සාමාජිකයන් පැමිණෙන්නේ ‘සියලු ගෝත්‍රවලින්, භාෂාවලින්, ජනයාගෙන් සහ ජාතීන්ගෙනුයි’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න