ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 8/1 24-25 පි.
  • සාමුවෙල් දිගටම හරි දේ කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාමුවෙල් දිගටම හරි දේ කළා
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දිගටම හරි දේ කරපු සාමුවෙල්
    දූපුතුන්ට කියා දෙන්න
  • පිරිමි ළමයෙක් දෙවිට සේවය කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ‘ඔහු යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔහු ‘යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණා’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 8/1 24-25 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

සාමුවෙල් දිගටම හරි දේ කළා

අනික් අය නරක විදිහට හැසිරෙනවා ඔයා දැකලා තියෙනවාද?—a පුංචි සාමුවෙල් ඒ වගේ දේවල් දැක්කා. එයා ජීවත් වුණේ ෂීලෝ නගරයේ දෙවිට නමස්කාර කළ තැනකයි. ඒ වගේ තැනක නරක දේවල් වෙයි කියලා කොහොමටවත් හිතන්න බැහැ. අපි දැන් බලමු මීට අවුරුදු 3,000කට කලින් යෙහෝවා දෙවිට නමස්කාර කළ තැන සාමුවෙල්ගේ නිවස වුණේ කොහොමද කියලා.

සාමුවෙල් ඉපදෙන්න කලින් හන්නාට ඒ කියන්නේ සාමුවෙල්ගේ අම්මට දරුවෙක් හිටියේ නැහැ. ඒ නිසා ඇය හරිම දුකෙනුයි හිටියේ. දවසක් හන්නා දෙවිට නමස්කාර කරන තැනට ගිහින් අඬමින් ඒ ගැන නිහඬව දෙවිට යාච්ඤා කළා. ඒක දැක්ක ඒලී නම් උත්තම පූජකයා හිතුවේ හන්නා බීලා වෙරි වෙලා කියලයි. මොකද ඒලී දැක්කේ හන්නාගේ තොල් හෙලවෙනවා විතරයි. නමුත් හන්නා අඬන්නේ ඇයි කියලා තේරුම්ගත්තට පස්සේ ඒලී ඇයට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්ගේ දෙවි ඔබේ ඉල්ලීම ඉටු කර දෙනු ලැබේවා!”—1 සාමුවෙල් 1:17, නව ලොව පරිවර්තනය, NW.

ටික කාලෙකට පස්සේ හන්නාට දරුවෙක් ඉපදුණා. එයා තමයි සාමුවෙල්. හන්නා ඒ ගැන හුඟක් සතුටු වූ නිසා තමන්ගේ ස්වාමිපුරුෂයාට මෙහෙම කිව්වා. “දරුවා කිරි වැරුවට පස්සේ මම ඔහුව යෙහෝවා දෙවි ඉදිරියට ගෙනියන්නම්. එවිට ඔහුට ජීවිත කාලය පුරාම එහි සේවය කරන්න පුළුවන්.” හන්නා කිව්ව විදිහටම සාමුවෙල්ව දෙවිගේ සේවයට යොමු කළා. ඒ වෙද්දී සාමුවෙල්ට වයස අවුරුදු පහක් විතර ඇති.

ඒලී වයසට යද්දී එයාගේ පුත්තු දෙදෙනා වූ හොප්නී හා පිනෙහාස් යෙහෝවා දෙවිට අකීකරු වුණා. දෙවිට නමස්කාර කරන්න පැමිණි ස්ත්‍රීන් එක්ක ඔවුන් නරක විදිහට හැසුරුණා. මේ වගේ අවස්ථාවක ඒලී මොනවා කරන්න ඕනේ කියලද ඔයා හිතන්නේ?—හරිනම් ආයෙත් ඒ වගේ නරක දේවල් කරන්න එපා කියලා ඔවුන්ට යම් දඬුවමක් දෙන්න තිබුණා.

ඒ වගේ පරිසරයක තමයි සාමුවෙල් හැදී වැඩුණේ. නමුත් සාමුවෙල් ඔවුන් මෙන් නරක දේවල් කළාද?—නැහැ. දෙමව්පියන් කියලා දුන්න විදිහට ඔහු නිතරම හරි දේ කළා. එහෙත් ඒලී කටයුතු කළ විදිහ ගැන යෙහෝවා දෙවි සතුටු වුණේ නැහැ. ඒ නිසා ඒලීටයි, එයාගේ පවුලේ අයටයි, වෙන්න යන්නේ මොකක්ද කියලා යෙහෝවා දෙවි අනාගතවක්තෘවරයෙක් මාර්ගයෙන් දැනුම් දුන්නා.—1 සාමුවෙල් 2:22-36.

සාමුවෙල් දිගටම ඒලී එක්ක දෙවිට සේවය කළා. දවසක් සාමුවෙල් රෑ නිදාගෙන ඉද්දී එයාට කවුරු හරි කෙනක් කතා කරනවා ඇහුණා. සාමුවෙල් හිතුවේ ඒලී එයාට කතා කරනවා කියලයි. හැබැයි සාමුවෙල් ඒලී ළඟට ගියාම ඒලී කිව්වා එයා කතා කළේ නැහැ කියලා. ඒ දේම ආපහු සැරයක් වුණා. තුන්වෙනි පාරටත් ඒ දේම සිද්ධ වුණා. එතකොට ඒලී සාමුවෙල්ට කිව්වා ආයේ සැරයක් එහෙම වුණොත් මේ විදිහට කියන්න කියලා. “යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාට දැන් කතා කරන්න. මම අහගෙන ඉන්නවා.” ඔයා දන්නවද යෙහෝවා දෙවි මොනවද කිව්වේ කියලා?—

යෙහෝවා දෙවි ඒලීගේ පවුලේ අයට දඬුවම් කරන්න යනවා කියලා සාමුවෙල්ට කිව්වා. හැබැයි ඊළඟ දවසේ ඒ දේවල් ඒලීට කියන්න සාමුවෙල් භය වුණා. ඒත් ඒලී සාමුවෙල්ට මෙහෙම කිව්වා. දෙවි කිව්ව දේවල් “මගෙන් වසං කරන්න එපා.” අන්තිමට සාමුවෙල් දෙවි තමන්ට පැවසූ හැම දෙයක්ම ඒලීට කිව්වම ඒලී මෙහෙම කිව්වා. “ඔහුට [යෙහෝවා දෙවිට] යහපත්ය කියා හිතෙන දෙයක් ඔහු කරාවි.” අන්තිමේදී හොප්නී, පිනෙහාස් සහ ඒලී යන තුන්දෙනාම මිය ගියා.—1 සාමුවෙල් 3:1-18, NW.

‘සාමුවෙල් වැඩෙද්දී යෙහෝවා දෙවිත් ඔහු සමඟම සිටියා.’ මේ වෙද්දී සාමුවෙල් යෞවනයෙක්. අනික් අය නරක දේවල් කරද්දී, හරි දේ කරන එක සාමුවෙල්ට ලේසි වෙන්න ඇති කියලා ඔයාට හිතෙනවාද?—ඒ දේ එච්චර ලේසි වුණේ නැතත් සාමුවෙල් ජීවිත කාලය පුරාම දෙවිට විශ්වාසවන්තව සේවය කළා.—1 සාමුවෙල් 3:19-21.

ඔයත් තව ලොකු වෙද්දී සාමුවෙල් වගේ දිගටම හරි දේ කරනවද? බයිබලයේ තියෙන දේවලටත් දෙමව්පියන් උගන්වන දේවලටත් ඔයා කීකරු වෙනවද? එහෙම කළොත් ඔයාට යෙහෝවා දෙවිවත් දෙමව්පියන්වත් සතුටු කරන්න පුළුවන්.

a ඔබ මේ ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් ඉරක් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.

ප්‍රශ්න:

  • යෙහෝවා දෙවිට නමස්කාර කරන ස්ථානයේ සේවය කරන්න සාමුවෙල් පැමිණියේ ඇයි?

  • එහිදී සාමුවෙල් මුහුණ දුන්නේ කුමනාකාර තත්වයකටද?

  • යෞවන අයට සාමුවෙල්ගෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න