ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 11/1 3 පි.
  • දසත පැතිරුණු විශ්වාසයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දසත පැතිරුණු විශ්වාසයක්
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පූජකයන්ගේ ඉගැන්වීම්
  • ඔබට බලපාන අන්දම
  • නිරාගින්නට සිදු වී ඇත්තේ කුමක්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාතාලයට යන්නේ කවුද?
    බයිබලයෙන් උත්තර
  • ඇත්තටම පාතාලයක් තියෙනවාද? බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • නිරාගින්න—ඇවිලෙමින් තිබේ ද නැතහොත් නිවෙමින් තිබේ ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 11/1 3 පි.

දසත පැතිරුණු විශ්වාසයක්

“සමහර දවස්වල මාව අපායේ පිච්චෙනවා මම හීනෙන් දැකලා තියෙනවා. අපායට යන්න භය නිසා හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ වැරදි නොකර ඉන්නයි.”—ආලීන්.

අපායක් කියා ස්ථානයක් තිබෙන බව ඔබ විශ්වාස කරනවාද? බොහෝදෙනා එය විශ්වාස කරනවා. උදාහරණයකට 2005 ස්කොට්ලන්තයේ එක් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් එම රටේ පූජකයන් පිරිසක් යොදාගෙන සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයට අනුව පූජකයන් තුනෙන් එකක් විශ්වාස කළේ දෙවිගෙන් ඈත් වී සිටින අය “අපායක සදාකාලයටම මානසිකව වේදනා විඳින බවයි.” තවත් පහෙන් කොටසක් විශ්වාස කළේ අපායට යන අය ශාරීරිකව වධ වේදනා විඳින බවයි.

ලොව පුරා සිටින බොහෝදෙනා අපායක් තිබෙනවා කියා විශ්වාස කරනවා. උදාහරණයකට 2007 එක්සත් ජනපදයේ මේ සම්බන්ධයෙන් සමීක්ෂණයකට ලක් කළ පිරිසකගෙන් සියයට 70ක්ම අපායක් තිබෙන බව විශ්වාස කළා. ආගම දහමට එතරම් ළැදියාවක් නොදක්වන රටවල ජනයා පවා අපායක් ගැන විශ්වාස කරනවා. වර්ෂ 2004දී කැනඩාවේදී කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ජනගහනයෙන් සියයට 42ක්ම අපායක් විශ්වාස කරන බවයි. බ්‍රිතාන්‍යයේ සියයට 32ක් අපායක් පවතින බව විශ්වාස කරනවා.

පූජකයන්ගේ ඉගැන්වීම්

අපාය කියන්නේ ගින්නෙන් වධ වේදනා පමුණුවන සැබෑ ස්ථානයක් කියා ඉගැන්වීමෙන් ඇතැම් පූජකවරුන් අද වැළකී සිටිනවා. ඒ වෙනුවට “අපායේ වධ වේදනා විඳීම යනු දෙවිගෙන් සදාකාලයටම ඈත් වී සිටීම” බවට එක් කතෝලික ප්‍රකාශනයක සඳහන් වන දේ ඔවුන් උගන්වනවා.—වර්ෂ 1994දී මුද්‍රිත Catechism of the Catholic Church නම් ප්‍රකාශනය.

මිනිසුන්ට මානසිකව හා ශාරීරිකව වධ වේදනා පමුණුවන අපායක් ගැන බයිබලයේ සඳහන් වෙනවා කියා සමහරු පවසනවා. උදාහරණයකට බැප්ටිස්ට් සෙමනේරියක ප්‍රමුඛ සාමාජිකයෙක් වන ඇල්බට් මෝලර් පැවසුවේ “අපාය සැබෑ ස්ථානයක් කියා බයිබලයේ සඳහන් වන බවයි.”

ඔබට බලපාන අන්දම

අපාය වධ වේදනා පමුණුවන සැබෑ ස්ථානයක් නම් ඒ ගැන බියක් ඇතිවීම සාධාරණයි. නමුත් අපාය කියා තැනක් නැත්නම් ඒ ගැන උගන්වන ආගමික නායකයන් මිනිසුන් තුළ අනවශ්‍ය බියක් හා ව්‍යාකූලත්වයක් ඇති කරනවා. එමෙන්ම ඔවුන් දෙවිවත් අගෞරවයට පත් කරනවා.

ඇත්තටම අපාය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද? එය දැනගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න තුනට බයිබලයේ සපයා තිබෙන පිළිතුරු අපි මීළඟ ලිපිවලින් සලකා බලමු. (1) පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුට සිදු වන්නේ කුමක්ද? (2) යේසුස් අපාය ගැන ඉගැන්වූයේ කුමක්ද? (3) අපාය පිළිබඳ සත්‍යය දැනගැනීම ඔබට බලපාන්නේ කෙසේද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න