ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 68 ලිපිය
  • පාතාලයට යන්නේ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාතාලයට යන්නේ කවුද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • ඇත්තටම පාතාලයක් තියෙනවාද? බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • නිරාගින්නට සිදු වී ඇත්තේ කුමක්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇත්තෙන්ම නිරය යනු කුමක්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දසත පැතිරුණු විශ්වාසයක්
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 68 ලිපිය

පාතාලයට යන්නේ කවුද?

බයිබලයේ ඒ ගැන කියන දේ

හොඳ කරන අයත් නරක කරන අයත් දෙගොල්ලන්ම මැරුණාම යන්නේ පාතාලයටයි. හැබැයි පාතාලය කියන්නේ මිනිසුන් මැරුණාට පස්සේ ගිහින් පිච්චි පිච්චි දුක් විඳින තැනක් නෙමෙයි. හුඟක් බයිබල්වල පාතාලය කියලා පරිවර්තනය කරලා තියෙන්නේ “ෂෙයෝලය” හා “හේදීසය” කියන හෙබ්‍රෙව් හා ග්‍රීක වචන දෙකයි. (යෝබ් 14:13; ගීතාවලිය 9:17) ඒ වචන දෙකෙන් දුක් විඳින තැනක් අදහස් වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ “මිනිසාගේ අවසන් නවාතැන්පොළ” හැටියට බයිබලයේ හඳුන්වලා තියෙන මිනී වළයි.—යෝබ් 30:23.

මරණයෙන් පස්සේ යේසුස් පාතාලයට ගියා. ඒත් යේසුස්ට හැමදාටම “පාතාලයේ” ඉන්න දෙවියන් ඉඩ තිබ්බේ නැහැ. දෙවියන් ඔහුව නැවත නැඟිට්ටෙව්වා.—ක්‍රියා 2:31, 32, ‘නව අනුවාදය.’

මිය ගිය අයට ජීවනය

මිය ගිය අයට ජීවිතය දෙන්න දෙවි පියාණන් යේසුස්ට බලය දීලා තියෙනවා. ඒ බලය පාවිච්චි කරලා යේසුස් මිය ගිහින් ඉන්න අයව අනාගතයේදී නැවත නැඟිටුවනවා. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) “මරණයත්, පාතාලයත්, එහි උන් මළවුන් භාර දුන්නේ ය” කියලා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (එළිදරව් 20:13, ‘නව අනුවාදය’) ඒ කාලයේදී කිසිම කෙනෙක් ආපහු මරණය අද්දකින්නේ නැති නිසා පාතාලයත් සදහටම නැති වෙනවා.—එළිදරව් 21:3, 4; 20:14.

හැබැයි හැම කෙනෙක්ම නැවත නැඟිටින්නේ නැහැ. කිසිම පසුතැවිල්ලක් නැතුව හිතාමතාම දුෂ්ටකම් කරන අයට අත් වෙන දේ ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 10:26, 27) ඒ වගේ අය මැරුණාම යන්නේ ගෙහෙන්නාවට. ඒකෙන් අදහස් වෙන්නේ දුක් විඳින්න සිදු වෙන තැනකට යනවා කියලා නෙමෙයි. සදාකාලික විනාශයක් අද්දකිනවා කියන එකයි. ඒ කියන්නේ එයාලට ආපහු ජීවත්වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන එකයි. (මතෙව් 5:29, 30) යේසුස්ගේ කාලේ හිටපු සමහර කුහක ආගමික නායකයන්ටත් යේසුස් කිව්වා එයාලා ගෙහෙන්නාවට යනවා කියලා.—මතෙව් 23:27-33

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න