ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 11/1 16-17 පි.
  • මළවුන් ගැන බලාපොරොත්තුවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මළවුන් ගැන බලාපොරොත්තුවක්!
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මිනිසුන් අසනීප වී මිය යන්නේ ඇයි?
  • යේසුස් මිය ගියේ ඇයි?
  • මළවුන්ගේ තත්වය කුමක්ද?
  • මළවුන් ගැන ඇති බලාපොරොත්තුව කුමක්ද?
  • මැරුණට පස්සේ අපිට වෙන්නේ මොනවද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යේසුස් ඉක්මන් වුණේ නැහැ
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 2වන ප්‍රශ්නය: මැරුණට පස්සේ වෙන්නේ මොනවාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 11/1 16-17 පි.

යේසුස්ගෙන් ඉගෙනගනිමු

මළවුන් ගැන බලාපොරොත්තුවක්!

යේසුස් අඩුම තරමින් අවස්ථා තුනකදීවත් මළවුන්ව නැවත නැඟිටුවා තිබෙනවා. එමගින් ඔහු පෙන්වූයේ මළවුන් ගැන අපට බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි. (ලූක් 7:11-17; 8:49-56; යොහන් 11:1-45) එය තේරුම්ගැනීමට අපි මුලින්ම මරණයට හේතුව කුමක්ද කියා සලකා බලමු.

මිනිසුන් අසනීප වී මිය යන්නේ ඇයි?

යේසුස් මිනිසුන්ගේ පව්වලට සමාව දුන් විට ඔවුන් සුව වුණා. උදාහරණයකට ඔහු අංශභාග රෝගියෙකුට මෙසේ පැවසුවා. ‘වඩා පහසු, ඔබේ පව් කමා කරන ලද්දේයයි කියන්නද, නැතහොත්, නැඟිට ඇවිදින්නයයි කියන්නද? නමුත් මනුෂ්‍ය පුත්‍රයාට පොළොවෙහිදී පව් කමා කරන්න අධිකාරිය ඇති බව ඔබ දැනගත යුතුයි. ඉන්පසු ඔහු අංශභාග රෝගියාට කතා කොට නැඟිට ඔබේ ඇඳ රැගෙන ගෙදර යන්න යයි කීවේය.’ (මතෙව් 9:2-6) ඉන් පැහැදිලි වන්නේ අසනීපවලටත් මරණයටත් හේතුව පාපය බවයි. අපට පාපය උරුම වී තිබෙන්නේ මුල් මිනිසා වූ ආදම්ගෙනුයි.—ලූක් 3:38; රෝම 5:12.

යේසුස් මිය ගියේ ඇයි?

යේසුස් කිසිම පාපයක් කළේ නැති නිසා ඔහු මරණයට සුදුසු වුණේ නැහැ. නමුත් ඔහු අපේ පව් උදෙසා තමන්ගේ ජීවිතය පූජා කළා. ඒ නිසයි තමන්ගේ රුධිරය “පව්වලට සමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන” බව ඔහු පැවසුවේ.—මතෙව් 26:28.

තමන් පොළොවට පැමිණියේ සේවය ලබන්න නොව, සේවය කිරීමටත් බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමටත් බව යේසුස් පැහැදිලිව පැවසුවා. (මතෙව් 20:28) ඔහු මිනිසුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ නිසා සියලුදෙනාටම මරණයෙන් නිදහස් වීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසයි “මා ඇවිත් සිටින්නේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්, එය අධික ලෙස ලැබෙන පිණිසත්ය” කියා යේසුස් පැවසුවේ. (යොහන් 10:10) දැන් අපි මිය ගිය අයගේ තත්වය කුමක්ද කියා සලකා බලමු.

මළවුන්ගේ තත්වය කුමක්ද?

මළවුන්ගේ තත්වය කුමක්ද කියා තේරුම්ගැනීමට යේසුස්ගේ මිත්‍රයෙක් වූ ලාසරුස් මිය ගිය අවස්ථාවේදී සිදු වූ දේ සලකා බලමු. ලාසරුස් නිදාගෙන සිටින නිසා ඔහුව අවදි කරන්න මම එතැනට යනවා කියා යේසුස් තම ගෝලයන්ට පැවසුවා. එවිට ගෝලයන් සිතුවේ විවේක ගැනීම සඳහා ලාසරුස් නිදාගෙන සිටිනවා කියායි. නමුත් යේසුස් පැවසීමට උත්සාහ කළේ ලාසරුස් මිය ගොස් ඇති බවයි. එසේනම් ලාසරුස් නිදාගෙන සිටිනවා කියා යේසුස් පැවසුවේ ඇයි? ඔහු එසේ පැවසුවේ තද නින්දක සිටින කෙනෙක් මෙන් මිය ගිය අයත් කිසිම දෙයක් නොදන්නා අක්‍රියාශීලී තත්වයක සිටින බව පෙන්වීමටයි.—යොහන් 11:1-14.

යේසුස් ලාසරුස්ව මළවුන්ගෙන් නැඟිටුවන විට ලාසරුස් මිය ගොස් දින හතරක් ගත වී තිබුණා. ඒ කාලය අතරතුර ලාසරුස් කිසිම දෙයක් අද්දැක්ක බව බයිබලයේ සඳහන් වී නැහැ. එයට හේතුව මිය ගොස් සිටි ලාසරුස් කිසිම දෙයක් නොදන්නා අක්‍රියාශීලී තත්වයක සිටීමයි.—දේශනාකාරයා 9:5, 10; යොහන් 11:17-44.

මළවුන් ගැන ඇති බලාපොරොත්තුව කුමක්ද?

මළවුන්ට නැවතත් ජීවනය ලැබෙන අතර මේ පොළොව මත සදාකල් ජීවත් වීමේ අවස්ථාවත් හිමි වෙනවා. යේසුස් මෙසේ පැවසුවේ ඒ නිසයි. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය.” එවිට ඔවුන් “පිටතට එන්නෝය.”—යොහන් 5:28, 29.

ඇත්තෙන්ම මිය ගිය අයට නැවත මේ පොළොව මත සතුටින් ජීවත් වීමේ ප්‍රස්තාව උදා කර තිබෙන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසයි යේසුස් යෙහෝවා දෙවි ගැන මෙවැනි දෙයක් පැවසුවේ. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16; එළිදරව් 21:4, 5.

වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 6වන පරිච්ඡේදය බලන්න.a

[පාදසටහන]

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න