ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 5/1 18 පි.
  • යෙහෝවා දෙවියනි ඔබ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියනි ඔබ කවුද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සැබෑ දෙවි කවුද?
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 5/1 18 පි.

දෙවිට ළං වෙන්න

යෙහෝවා දෙවියනි ඔබ කවුද?

නික්මයාම 34:6, 7

ඔබ දෙවිගෙන් ඒ ප්‍රශ්නය ඇසුවා නම් දෙවි ඔබට මොන වගේ පිළිතුරක් දෙයිද? මෝසෙස් නමැති මිනිසාට ඒ අවස්ථාව ලැබුණා. ඒ ප්‍රශ්නයට දෙවිම දුන් පිළිතුර මෝසෙස් බයිබලයේ වාර්තා කළා.

සීනයි කියන කන්දේදී මෝසෙස් දෙවිට මෙසේ පැවසුවා. “ඔබේ තේජස මට දකින්න සලස්වන්න.” (නික්මයාම 33:18, නව ලොව පරිවර්තනය, NW) ඊළඟ දවසේදී දෙවිගේ තේජස මොන වගේද කියා තේරුම්ගන්න අවස්ථාව ලැබුණා.a මෝසෙස් වාර්තා කරන්නේ දුටු දෙයට වඩා වැදගත් දෙයක්. ඒ තමයි දෙවි තමන් ගැන පැවසූ දෙය. නික්මයාම 34:6, 7හි [NW] වාර්තා වී ඇති එම සිද්ධිය දැන් අපි සලකා බලමු.

යෙහෝවා දෙවි තමන් ගැනම මුලින් පවසන්නේ මෙයයි. “මා දයාන්විතය. කරුණාවන්තය.” (නික්මයාම 34:6) බයිබලය ලියූ මුල් භාෂාවට අනුව ‘දයාව’ යන වචනයෙන් විස්තර කරන්නේ “දරුවන්ට අනුකම්පාව දක්වන පියෙක්වයි.” එමෙන්ම “කරුණාවන්ත” යන වචනයෙන් විස්තර කරන්නේ “යම් අවශ්‍යතාවක් තිබෙන කෙනෙකුට උපකාර කිරීමට හදවතින්ම පෙලඹෙන කෙනෙකුවයි.” මෙලෙස දෙවි තමන්ට නමස්කාර කරන අයව දරුවන් මෙන් ආදරයෙන් රැක බලාගෙන ඔවුන්ගේ සෑම අවශ්‍යතාවක් ගැනම සැලකිලිමත් වන ආකාරය එයින් පැහැදිලි වෙනවා.—ගීතාවලිය 103:8, 13.

ඊළඟට දෙවි තමන් ගැන පවසන්නේ මෙසේයි. “කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.” (නික්මයාම 34:6) මිනිසුන් කරන සෑම දෙයකටම දෙවි කෝප වෙන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවි මිනිසුන්ගේ අඩුපාඩු ගැන ඉවසන අතර ඔවුන්ගේ වැරදි හදාගන්න අවස්ථාව ලබා දෙනවා.—2 පේතෘස් 3:9.

යෙහෝවා දෙවි තමන් ගැන තවදුරටත් මෙසේ පවසනවා. “ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි.” (නික්මයාම 34:6) දෙවි මිනිසුන් සමඟ බැඳීමක් ඇති කරගන්නේ ඔහු ප්‍රේමණීය දෙවි කෙනෙකු නිසයි. ඔහු සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන නිසා ඔහුව “සත්‍යතාවේ දෙවි” කියාද හඳුන්වනවා. ඒ හේතුවෙන් ඔහු මිනිසුන්ව රවටන්නේවත් මිනිසුන්ට රැවටෙන්නේවත් නැහැ. එමනිසා දෙවි අනාගතය සඳහා දී ඇති සෑම පොරොන්දුවක්ම ඉටු කරනවා කියන විශ්වාසය ඇතුව සිටින්න අපට පුළුවන්.—ද්විතීය කතාව 7:9; ගීතාවලිය 31:5.

දෙවි තමන් ගැන තවත් වැදගත් දෙයක් පවසන්නේ මෙසේයි. “අයුතුකම්වලටද වැරදිවලටද පාපවලටද සමාව දෙන්නෙමි.” (නික්මයාම 34:7) කෙනෙක් තමන් කරන වැරදිවලට ඇත්තටම පසුතැවිලි වෙනවා නම් දෙවි ඔහුට ‘සමාව දීමට කැමතියි.’ (ගීතාවලිය 86:5) නමුත් හිතාමතා පව් කරන ‘වරදකරුවන්ට දිය යුතු දඬුවමින් කිසිවිටෙක ඔවුන්ව නිදහස් කරන්නේ නැහැ.’ (නික්මයාම 34:7) ඔවුන් කරන වැරදිවලට යම් දිනක දඬුවම් විඳින්න ඔවුන්ට සිදු වෙනවා.

යෙහෝවා දෙවි ඔහු ගැනම පවසන දෙයින් අපට පැහැදිලි වන්නේ අප ඔහුව දැන හඳුනා ගෙන ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්නවාට ඔහු ඉතා කැමති බවයි. එසේ කරන්න ඔබ කැමති නැද්ද?

[පාදසටහන]

a කිසිම මිනිසෙකුට දෙවිව දැක ජීවත් විය නොහැකියි. (නික්මයාම 33:20) එමනිසා මෝසෙස් ඒ අවස්ථාවේදී දුටුවේ දේවදූතයෙක් මගින් දෙවි ඔහුට දුන් දර්ශනයක් පමණයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න