ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 7/1 6-8 පි.
  • 3. අන් අයගෙන් උපකාර පතන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3. අන් අයගෙන් උපකාර පතන්න
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උපකාර ලබාගත හැක්කේ කාගෙන්ද?
  • “මගේ ප්‍රශ්න විසඳුණා”
  • කියවා තේරුම්ගත හැකි පොතක්ද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය තේරුම්ගැනීමට අත්වැලක්
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය—තේරුම් ගැනීමට අදහස් කළ පොතකි
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 7/1 6-8 පි.

බයිබලය හොඳින් තේරුම්ගැනීමට

3. අන් අයගෙන් උපකාර පතන්න

දේශ ගවේෂකයෙක් වූ එඩ්වර්ඩ් ජෝන්, ඕස්ට්‍රේලියාවේ නුලාබර් නම් ශුෂ්ක ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඒ ගමනේදී ආදිවාසීන් පිරිසක් වැලි කඳුවලින් හා යුකැලිප්ටස් ගස්වලින් වතුර ලබාගත හැකි ආකාරය ඔහුට කියා දුන්නා. අද්දැකීම් ලත් අයගෙන් උපකාර පිළිගත් එඩ්වර්ඩ් ඔහුගේ ගමන සාර්ථකව නිම කළා.

ඉහත විස්තර කළ උදාහරණයෙන් පැහැදිලි වන්නේ අභියෝගාත්මක කාර්යයක් සාර්ථකව ඉටු කිරීමට නම් පළපුරුදු අයගෙන් උපකාර පැතීම වඩාත් සුදුසු බවයි. බයිබලය තේරුම්ගැනීම සම්බන්ධයෙන්ද එය සත්‍යයක් වෙනවා.

බයිබලයේ සඳහන් දේවල් තේරුම්ගැනීමට තම අනුගාමිකයන්ට උපකාර අවශ්‍ය බව යේසුස් තේරුම්ගත්තා. ඒ නිසා එක් අවස්ථාවකදී ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් දේවල අර්ථය අවබෝධ කරගැනීම සඳහා ඔහු තම අනුගාමිකයන්ට උපකාර කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—ලූක් 24:45.

උපකාර ලබාගත හැක්කේ කාගෙන්ද?

ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් අන් අයට තේරුම් කර දීම සඳහා යේසුස් තම අනුගාමිකයන්ව පත් කළ අතර ඔහු ඔවුන්ට මෙවැනි ආඥාවක්ද දුන්නා. ‘ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) එම ඉගැන්වීමේ කාර්යයට මූලිකවම ඇතුළත් වන්නේ බයිබලයේ ඇති ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයේදී අදාළ කරගන්නා ආකාරය මිනිසුන්ට පැහැදිලි කර දීමයි. ඒ ආකාරයට බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමට යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් අන් අයට උපකාර කරනවා.

යේසුස් එම ආඥාව දී වැඩි කල් යෑමට පෙර සිදු වූ දෙයක් ගැන අපි සලකා බලමු. දිනක් දෙවිට නමස්කාර කිරීම සඳහා යෙරුසලමට ගොස් පැමිණෙමින් සිටි ඉතියෝපියානු නිලධාරියෙක් අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලේ සඳහන් මෙම කොටස කියවමින් සිටියා. “මරණයට ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුව ගෙන යන ලදි. බැටළු පැටවෙකු උගේ ලෝම කපන්නා ඉදිරියෙහි ගොළුව සිටින්නාක් මෙන් ඔහු තම මුඛය අරින්නේ නැත. ඔහු අවමානයට ලක්ව සිටි අවස්ථාවේදී, යුක්තිය ඔහුගෙන් පැහැරගනු ලැබීය. ඔහුගේ පරම්පරාව ගැන විස්තර පවසන්නේ කවුද? මන්ද, ඔහුගේ ජීවිතය පොළොවෙන් පැහැරගෙන තිබේ.”—ක්‍රියා 8:32, 33; යෙසායා 53:7, 8.

නමුත් එහි සඳහන් වූ දේවල් ඔහුට තේරුණේ නැහැ. ඒ නිසා ශුද්ධ ලියවිල්ල ගැන හොඳ අවබෝධයක් තිබූ ෆිලිප්ගෙන් එය තේරුම්ගැනීමට ඔහු උපකාර පැතුවා. “අනාගතවක්තෘ මෙසේ පවසන්නේ කා ගැනද? තමා ගැනද නැත්නම් වෙන කෙනෙකු ගැනද” කියා ඔහු ෆිලිප්ගෙන් ඇසුවා. (ක්‍රියා 8:34) සමහරවිට මෙම නිලධාරියා දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා යාච්ඤා කරන්න ඇති. කෙසේනමුත් ඔහුට තේරුම්ගැනීමට නොහැකි වූ එම කොටස ෆිලිප් තේරුම් කර දුන් පසු එම නිලධාරියා මහත් සේ ප්‍රීති වී ක්‍රිස්තියානියෙක් බවට පත් වුණා.—ක්‍රියා 8:35-39.

රටවල් 235ක විසිරී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද ෆිලිප් හා සමානව බයිබලයේ සඳහන් ඉගැන්වීම් තේරුම්ගැනීමට මිනිසුන්ට උපකාර කරනවා. ඔවුන් එය කරන්නේ විවිධ විෂයන් ගැන බයිබලයේ සඳහන් දේවල් සැලැස්මකට අනුව සාකච්ඡා කිරීමෙනුයි.a ඒ සඳහා ඔවුන් කිසිම අය කිරීමක් කරන්නේ නැහැ.—“බයිබලයෙන් පිළිතුරක්” නමැති කොටුව බලන්න.

“මගේ ප්‍රශ්න විසඳුණා”

මේ ලිපි පෙළේ මුල්ම ලිපියේ ස්ටීවන්, බාල්බානේරා හා ජොඈන් ගැන අපි සඳහන් කළා ඔබට මතකද? ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. ඒ ගැන ස්ටීවන් පැවසුවේ මෙයයි. “මට තිබුණු ප්‍රශ්නවලට සාක්ෂිකරුවන් බයිබල් පද යොදාගෙන පැහැදිලි පිළිතුරු ලබා දුන්නා. ඊට කලින් කවුරුත් මට ඒ විදිහට පිළිතුරු දීලා තිබුණේ නැහැ. බයිබලය අධ්‍යයනය කරද්දී ඕනෑම විෂයක් ගැන සෑහීමට පත් විය හැකි පිළිතුරු ලබාගන්න පුළුවන්.”

බාල්බානේරාද මෙසේ පැවසුවා. “සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන දේවල් ඉගැන්නුවේ හරිම තර්කානුකූල විදිහටයි. පල්ලියෙන් කියන නිසාම දේවල් විශ්වාස කරනවා වෙනුවට ඒ ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙනවාද කියලා හොයලා බලන එක වැදගත් බව මම තේරුම්ගත්තා.” ජොඈන්ද මෙසේ පැවසුවා. “මගේ හැම ප්‍රශ්නයකටම බයිබලයෙන් පිළිතුරු ලැබුණාම බයිබලයේ කර්තෘ ගැන මට ලොකු ගෞරවයක් ඇති වුණා. අපිට මොන විදිහේ ප්‍රශ්න මතු වෙයිද කියලා ඔහු කලින්ම දැනගෙන හිටියා. ඒ නිසා ඔහු ඒ ප්‍රශ්නවලට තියෙන විසඳුම් බයිබලයට ඇතුළත් කිරීමට පියවර ගත්තා.”

ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පෞද්ගලිකව හඳුනනවාද? එසේනම් බයිබලයේ ඇති තොරතුරු ඔවුන්ගෙන් අසා දැනගැනීම හොඳ අදහසක් නෙවෙයිද? ඔබ සාක්ෂිකරුවන්ව පෞද්ගලිකව හඳුනන්නේ නැත්නම් මෙම සඟරාවේ හතරවන පිටුවේ සඳහන් කර ඇති සුදුසු ලිපිනයකට ලියන්න ඔබට හැකියි. දෙවිගේ බලයේ උපකාරය ඇතුව විවෘත මනසකින් බයිබලය කියවීමෙන් හා එහි සඳහන් ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් තිබෙන කෙනෙකුගෙන් උපකාරය පැතීමෙන් ඔබටත් බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගැනීමට හැකියි.

[පාදසටහන]

a සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත අධ්‍යයනය කිරීම බයිබලයේ සඳහන් තොරතුරු තේරුම්ගැනීමට මහඟු රුකුලක් වී තිබෙනවා.

[8වන පිටුවේ කොටුව/පින්තූරය]

බයිබලයෙන් පිළිතුරක්

සාක්ෂිකරුවන් සාකච්ඡා කරන බයිබල් විෂයන් කිහිපයක්

• පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

• මරණයේදී සිදු වන්නේ කුමක්ද?

• අපි ජීවත් වන්නේ ‘අන්තිම දවස්වලද?’

• දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

• සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද?

[7වන පිටුවේ පින්තූර]

බයිබලයේ ඇති තොරතුරු තේරුම්ගැනීමට . . . දෙවිගෙන් උපකාර පතන්න, විවෘත මනසකින් කියවන්න, අන් අයගෙන් උපකාර පතන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න