ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 7/1 27-29 පි.
  • සත්‍යය යටපත් වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සත්‍යය යටපත් වෙයි
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සභා පියවරුන් කියන්නේ කාටද?
  • වෙනස් ඉගැන්වීම්
  • නොමඟ ගිය තරම
  • ද්විතීය සම්මත ග්‍රන්ථ
  • බොරු ඉගැන්වීම් දසත පැතිරී
  • යොහන්ගේ අනතුරු ඇඟවීම
  • 2 කොටස අපොස්තලික පියවරු ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වූවෝ ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සභා පියවරු—බයිබල් සත්‍යයට පක්ෂ වූවෝද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ගැන දැනගත යුතු සියල්ල බයිබලයට ඇතුළත්ද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය—එය සැමරිය යුත්තේ කොපමණ වතාවක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 7/1 27-29 පි.

සත්‍යය යටපත් වෙයි

ක්‍රිස්තු වර්ෂ දෙවන සියවස ආරම්භ වීමත් සමඟම අසත්‍ය ක්‍රිස්තියානි ඉගැන්වීම් පැතිරෙන්න පටන්ගත්තා. යේසුස්ගේ මුල් අනුගාමිකයන් මිය ගියායින් පසු සමහර අය සත්‍ය ඉගැන්වීම් අතහැර බොරුව පසුපස ගියා. (2 තිමෝති 4:3, 4) මේ දේ අනිවාර්යයෙන්ම සිදු වෙන බව බයිබලයේ සඳහන් වී තිබුණා. ක්‍රිස්තු වර්ෂ 98 පමණ වන විට යේසුස්ගේ මුල් ගෝලයන්ගෙන් ජීවතුන් අතර සිටියේ යොහන් පමණයි. ඔහු ඒ ගැන අනතුරු අඟවමින් ඉල්ලා සිටියේ ක්‍රිස්තියානීන්ව “මුළා කිරීමට උත්සාහ දරන” අයගෙන් සහ බොරු ඉගැන්වීම්වලින් ප්‍රවේසම් වන්න කියායි.—1 යොහන් 2:26; 4:1, 6.

සභා පියවරුන් ලෙස හඳුන්වන අය නැඟී සිටියේ මේ අතරතුර කාලයේදීයි. නමුත් ඔවුන් එවකට පැතිරුණු අසත්‍ය ඉගැන්වීම්වලට එරෙහි වුණාද? ක්‍රිස්තියානීන්ව මුළා කිරීමට උත්සාහ දරන අයගෙන් ප්‍රවේසම් වන ලෙසට යොහන් කළ අනතුරු ඇඟවීම ඔවුන් පිළිගත්තාද?

සභා පියවරුන් කියන්නේ කාටද?

සභා පියවරුන් ලෙස හඳුන්වන්නේ ක්‍රිස්තු වර්ෂ මුල් සියවසේ අගභාගයත් දෙවන සියවසේ මැදභාගයත් අතර ජීවත් වූ ආගමික ලේඛන කටයුතුවල නියැලුණු අයවයි.a මොවුන් යේසුස්ගේ ගෝලයන්ගෙන් හෝ ඒ ගෝලයන්ව ළඟින් ඇසුරු කළ අයගෙන් යම් දේවල් ඉගෙනගන්න ඇති. ඒ සභා පියවරුන් අතරට රෝමයේ ක්ලෙමන්ට්, අන්තියෝකියේ ඉග්නේෂස්, හියරපොලිස්හි පේපියස් සහ ස්මර්ණාවේ පොලිකාප් වැනි අය ඇතුළත් වෙනවා. ඒ කාලපරිච්ඡේදයේම ලේඛන කටයුතුවල නිරත වූ එවැනිම තවත් පිරිසක්ද සිටියා. පහත සඳහන් නිර්නාමික පිටපත් ලියනු ලැබුවේ ඔවුන් විසිනුයි. ද ඩිඩාහි, එපිස්ට්ල් ඔෆ් බානබස්, මාටිඩම් ඔෆ් පොලිකාප් සහ ක්ලෙමන්ට්ගේ දෙවන ලිපිය.

මෙම සභා පියවරුන් ඉගැන්වූ දේවල් කොතරම් දුරට යේසුස්ගේ ඉගැන්වීම්වලට එකඟද කියා කිව නොහැකියි. කෙසේවෙතත් මොවුන්ගේ අරමුණ වූයේක්‍රිස්තියානියැයි කියාගන්නා ආගම් පැතිරවීමයි. බොහෝවිට ඔවුන් පිළිම නමස්කාරය හා නරක ක්‍රියා හෙළාදැක තිබෙනවා. එමෙන්ම යේසුස් කියන්නේ සැබෑ දෙවිගේ පුත්‍රයා බවත් ඔහුව මරණයෙන් නැවත නැඟිටෙවූ බවත් ඔවුන් විශ්වාස කළා. නමුත් එවකට පැතිරෙමින් තිබූ අසත්‍ය ක්‍රිස්තියානි ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සමත් වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගෙන් ඇතමෙක් සත්‍ය ඉගැන්වීම් තව තවත් යටපත් කළා.

වෙනස් ඉගැන්වීම්

සමහරුන් ක්‍රිස්තියානීන් ලෙස පෙනී සිටියත් ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට එකඟව ක්‍රියා කළේ නැහැ. උදාහරණයකට ස්වාමීන්ගේ අවසන් සන්ධ්‍යා භෝජනය සමරන විට මුලින්ම අතිනත යැවිය යුත්තේ රොටි බව යේසුස් පෙන්නුම් කළා. නමුත් ඊට වෙනස්ව ද ඩිඩාහි නම් ලියවිල්ලේ ලේඛකයා පැවසුවේ මුලින්ම වයින් අතිනත යැවිය යුතු බවයි. (මතෙව් 26:26, 27) එමෙන්ම බව්තීස්ම කිරීමේදී කෙනෙකුව ගිල්වීම සඳහා ප්‍රමාණවත් ජලය නැතිනම් වතුර ස්වල්පයක් ඔහු මත වත් කිරීම ප්‍රමාණවත් බවත් එම ලේඛකයා පැවසුවා. (මාක් 1:9, 10; ක්‍රියා 8:36, 38) ඊට අමතරව ක්‍රිස්තියානීන් සතියට දෙවරක්ම නිරාහාරව සිටීමත් දිනකට තුන් වතාවක් පරමණ්ඩල යාච්ඤාව කටපාඩමින් කීමත් වැදගත් බව එම ලේඛකයා සඳහන් කළා.—මතෙව් 6:5-13; ලූක් 18:12.

ක්‍රිස්තියානි සභාව සංවිධානය විය යුතු ආකාරය ගැන ඉග්නේෂස් නමැත්තා දැරුවේ වෙනස් අදහසක්. “දෙවි වෙනුවෙන්” මුළු ක්‍රිස්තියානි සභාවේම මූලිකත්වය දැරිය යුත්තේ එක් බිෂොප්වරයෙක් බවත් සියලුම පූජකයන් ඔහු යටතේ සිටිය යුතු බවත් ඔහු පැවසුවා. බයිබලයට පටහැනි තවත් ඉගැන්වීම් පතළ වීමට එය රුකුලක් වුණා.—මතෙව් 23:8, 9.

නොමඟ ගිය තරම

අසත්‍ය ඉගැන්වීම් විශ්වාස කිරීම නිසා ඇතැම් සභා පියවරුන් නොමඟ ගියා. ඉන් කෙනෙකු වූ පේපියස් නමැත්තාට සත්‍යය ගැන දැනගැනීමට දැඩි ආශාවක් තිබුණු නිසා ඔහු අලුත් ගිවිසුම අධ්‍යයනය කළා. එමෙන්ම යේසුස් අනාගතයේදී මේ පොළොව අවුරුදු 1,000කට පාලනය කිරීමට නියමිත බවත් ඔහු දැන සිටියා. නමුත් ඒ කාලයේදී සිදු වන දේවල් ගැන ඔහුට නිවැරදි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ අවුරුදු දහස තුළ මිදි වැල්වල අතු දසදහසක් එන බවත් ඒ එක් එක් අතුවලින් අංකුර දසදහසක් එන බවත් ඒ අංකුරවලින් රිකිලි දසදහසක් එන බවත් ඒ රිකිලිවලින් මිදි පොකුරු දසදහසක් එන බවත් ඒ මිදි පොකුරුවල මිදි ගෙඩි දසදහසක් තිබෙන බවත් ඒ එක් මිදි ගෙඩියක් වයින් ලීටර් 1,000කට සමාන බවත් පේපියස් විශ්වාස කළා.

පොලිකාප් නමැත්තා ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පාවා නොදී මරණය අද්දැකීමට කැමති වුණා. ඔහු යේසුස්ගේ ගෝලයන්ගෙන් හා යේසුස්ව දැන සිටි වෙනත් අය මාර්ගයෙන් යම් දේවල් ඉගෙනගෙන තිබුණු බව සඳහන් වෙනවා. ඔහු ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වීම් කළ අතර ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වූ බවත් පෙනෙන්න තිබෙනවා.

නමුත් පසු කාලයකදී සමහර ක්‍රිස්තියානීන් පොලිකාප්ට නමස්කාර කිරීමට තරම් නොමඟ ගියා. ඔවුන් පොලිකාප්ගේ ඇටකටු සැලකුවේ අනර්ඝ ආභරණ හා පිරිසිදු රත්තරන්වලටත් වඩා වටිනා දෙයක් ලෙසයි කියා මාටිඩම් ඔෆ් පොලිකාප් නමැති ලියවිල්ලේ සඳහන් වෙනවා. අසත්‍ය ඉගැන්වීම් සහ චාරිත්‍ර කොතරම් දුරට පැතිරී තිබුණාද කියා ඉන් පැහැදිලියි.

ද්විතීය සම්මත ග්‍රන්ථ

සමහර සභා පියවරුන් බයිබලයේ පිළිගත් ග්‍රන්ථවලට අයිති නැති ද්විතීය සම්මත ග්‍රන්ථ සැලකුවේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු ඒවා ලෙසයි. “ජුදිත්” සහ “සලමොන්ගේ ප්‍රඥාව” වැනි ද්විතීය සම්මත ග්‍රන්ථවලට අයත් ලියවිලි දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බව රෝමයේ විසූ ක්ලෙමන්ට් නමැත්තා විශ්වාස කළා. එමෙන්ම ද එපිස්ට්ල් ඔෆ් පොලිකාප් යන ලියවිල්ලේ ලේඛකයාද “තෝබිත්” නමැති ලියවිල්ලට යොමු දක්වමින් පැවසුවේ දානමාන දීමෙන් කෙනෙකුට තමාගේ ජීවිතය මරණයෙන් ගලවාගත හැකි බවයි.

දෙවන සියවසේදී යේසුස් ගැන වැරදි තොරතුරු ඇතුළත් ලියවිලි ප්‍රචලිතව තිබුණා. සභා පියවරුන්ද මේ ලියවිලි පිළිගත් අතර ඒවායින් උපුටා දැක්වීම්ද කළා. ඉග්නේෂස් නමැත්තා යේසුස් ගැන වැරදි තොරතුරු ඇතුළත් ගොස්පල් ඔෆ් ද හීබෲස් නමැති ලියවිල්ලෙන් එසේ තොරතුරු උපුටා දැක්වූවා. රෝමයේ සිටි ක්ලෙමන්ට්ද “යේසුස් ගැන යම් අවබෝධයක් ලබාගෙන තිබුණේ දෙවිගේ මඟ පෙන්වීම් නොමැතිව ලියැවුණු ලියවිලි ඇසුරෙන්” කියා එක් පොතක සඳහන් වුණා.

බොරු ඉගැන්වීම් දසත පැතිරී

සභා පියවරුන් කිසිම පදනමක් නැති දර්ශනවාදී අදහස් සහ ජනප්‍රවාද ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට එක් කිරීමෙන් සත්‍ය ඉගැන්වීම් තවත් විකෘති කළා. උදාහරණයකට ඊජිප්තුවරුන්ගේ හිරු නමස්කාරයට සම්බන්ධ ෆීනික්ස් නමැති පක්ෂියාගෙන් සංකේතවත් වන්නේ මළවුන්ට නැවත ජීවිතය ලැබීම බව ක්ලෙමන්ට් පැවසුවා. පැරණි ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට ෆීනික්ස් නමැති පක්ෂියා ගින්නෙන් පිලිස්සී යන අතර එම අළුවලින්ම ඒ පක්ෂියා නැවතත් බිහි වෙනවා.

සත්‍ය ඉගැන්වීම් විකෘති කිරීමට හවුල් වූ තවත් අයෙක් වූයේ එපිස්ට්ල් ඔෆ් බානබස් නම් කෘතියේ ලේඛකයායි. මෝසෙස් මාර්ගයෙන් දෙවි ලබා දුන් නීතියේ සඳහන් දේවල් සැබෑ ඒවා නොව සංකේත බව ඔහු පැවසුවා. එම නීතියේ සඳහන් වමාරා කන කුර බෙදුණු සතුන්ගෙන් අදහස් වන්නේ සැබෑ සතුන් නොවන බව ඔහු විශ්වාස කළා. එම සතුන්ගෙන් සංකේතවත් වන්නේ දෙවිගේ වදන් ගැඹුරින් තේරුම්ගැනීමට උත්සාහ දරන අයව බවත් බෙදුණු කුර යන්නෙන් අදහස් වන්නේ මේ පොළොවේ ජීවත් වුණත් ස්වර්ගයේ ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයව බවත් ඔහු විශ්වාස කළා. නමුත් එවැනි අර්ථ දැක්වීම් ශුද්ධ බයිබලයේ ඇති ඉගැන්වීම්වලට කොහෙත්ම එකඟ නැහැ.—ලෙවී කතාව 11:1-3.

යොහන්ගේ අනතුරු ඇඟවීම

මුල් සියවස අවසානයේ සිටි යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන් එදා සිටි ක්‍රිස්තියානීන්ට දුන් මේ උපදෙස ඇත්තෙන්ම කාලෝචිතයි. “ප්‍රේමණීය තැනැත්තෙනි, ආනුභාව ලත් සෑම ප්‍රකාශයක්ම විශ්වාස නොකර, ඒ ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බලන්න. මන්ද, බොරු අනාගතවක්තෘවරු බොහෝදෙනෙක් ලෝකයට පැමිණ සිටිති.”—1 යොහන් 4:1.

පළමු සියවසේ අවසානයත් සමඟම බොහෝ ක්‍රිස්තියානීන් යේසුස් හා ඔහුගේ ගෝලයන් ඉගැන්වූ දේවල් නොසලකාහැර බොරුව පසුපස ගියා. මේ තත්වය හමුවේ එවකට සිටි සභා පියවරුන් සත්‍යය වෙනුවෙන් නැඟී සිටියාද? නැහැ. ඒ වෙනුවට ඔවුන් සත්‍යය තව තවත් විකෘති කළා. එවැනි අය ගැන යොහන් පැවසුවේ මෙයයි. “ක්‍රිස්තුස්ගේ ඉගැන්වීමෙහි නොපැවතී, එහි සීමා ඉක්මවා යන කිසිවෙකුට දෙවි නැත.” (2 යොහන් 9) දෙවිගේ මඟ පෙන්වීමෙන් යොහන් ලියූ ඒ දේ සියලුම ක්‍රිස්තියානීන්ට පැහැදිලි අනතුරු ඇඟවීමක් වුණා. එය අද දිනටත් ඒ ආකාරයෙන්ම අදාළයි.

[පාදසටහන]

a සභා පියවරුන් ලෙස හඳුන්වන දාර්ශනිකයන්, ලේඛකයන් සහ ආගම් පිළිබඳව අධ්‍යයනය කළ අය ජීවත් වූයේ දෙවන සහ පස්වන සියවස අතරයි.

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ක්ලෙමන්ට් වැනි සභා පියවරුන් ජනප්‍රවාද හා බොරු දර්ශනවාදී අදහස් තම ලියවිලිවලට ඇතුළත් කළා

[28වන පිටුවේ පින්තූරය]

තම විශ්වාසයන් පාවා නොදුන් පොලිකාප් කුරිරු මරණයක් අද්දැක්කා

[හිමිකම් විස්තර]

The Granger Collection, New York

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න