ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 8/1 26 පි.
  • දෙවි නිහතමානිකම අගය කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි නිහතමානිකම අගය කරයි
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයමු’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • නොමියෙන ප්‍රේමයක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිහතමානී අය ගැන යෙහෝවා දෙවියන් සතුටු වෙනවා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ගණන් කථාව පොතෙන් විශේෂාංග
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 8/1 26 පි.

දෙවිට ළං වෙන්න

දෙවි නිහතමානිකම අගය කරයි

ගණන් කතාව 12:1-15

අහංකාරකම, ඊර්ෂ්‍යාව හා ආත්මාර්ථකාමීත්වය වැනි ගුණාංග මේ සමාජයේ සාර්ථකයැයි පිළිගැනෙන පුද්ගලයන් තුළ දකින්න ලැබෙනවා. නමුත් එවැනි අයට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගත හැකිද? ඇත්තෙන්ම යෙහෝවා දෙවි ප්‍රිය කරන්නේ නිහතමානී අයටයි. බයිබලයේ ගණන් කතාව 12වන පරිච්ඡේදයේ සඳහන් සිද්ධියෙන් එය පැහැදිලි වෙනවා. එය සිදු වුණේ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වී සීනයි පාළුකරයේ කඳවුරු බැඳගෙන සිටි විටයි.

මිරියම් සහ ආරොන් තම බාල සහෝදරයා වූ මෝසෙස් ගැන ‘විවේචනාත්මක ලෙස කතා කළා.’ (ගණන් කතාව 12:1, නව ලොව පරිවර්තනය, NW) සමහරවිට ඔවුන් කඳවුරේ සිටි අනික් අය ඉදිරියේ මෝසෙස්ව විවේචනය කරන්න ඇති. බොහෝවිට මිරියම් මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කළා විය හැකියි. එලෙස මෝසෙස්ව විවේචනය කිරීමට බලපෑ එක් හේතුවක් නම් ඔහු කූෂ් ජාතික ස්ත්‍රියක්ව විවාහ කරගැනීමයි. මිරියම් එලෙස ක්‍රියා කළේ වෙනත් ජාතියක ස්ත්‍රියකට තමන්ට වඩා පිළිගැනීමක් ලැබෙයි කියා ඊර්ෂ්‍යාවක් ඇති වූ නිසාද?

මිරියම් සහ ආරොන් මෝසෙස්ව විවේචනය කරමින් “යෙහෝවා දෙවි කතා කරන්නේ මෝසෙස් මාර්ගයෙන් විතරද? අපි මාර්ගයෙනුත් දෙවි කතා කරන්නේ නැද්ද” කියා දොස් නැඟුවා. (ගණන් කතාව 12:2, NW) ඔවුන් මෙලෙස දොස් නැඟුවේ යම් බලතල ලබාගෙන ඒ තුළින් අන් අයගේ පිළිගැනීම ලබාගැනීමට තිබුණු ආශාව නිසාද?

කෙසේවෙතත් තමාට කළ චෝදනාවලට මෝසෙස් පිළිතුරු දුන්නේ නැහැ. ඔහු ඒ සියල්ල ඉවසාගෙන සිටියා. මෝසෙස්ව ‘පොළොවේ ජීවත් වූ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා මෘදු ගුණැති කෙනෙක්’ ලෙස බයිබලයේ හඳුන්වා තිබීම කොතරම් යෝග්‍යද කියා එයින් පැහැදිලි වෙනවා.a (ගණන් කතාව 12:3, NW) යෙහෝවා දෙවි සිදු වූ සියල්ල දුටු නිසා ඔහු මෝසෙස් වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වුණා. ඒ නිසා මෝසෙස්ට කතා කිරීමට අවශ්‍ය වුණේ නැහැ.

මෝසෙස්ව තෝරාගත්තේ යෙහෝවා දෙවි නිසා මිරියම් හා ආරොන් මෝසෙස්ට විරුද්ධව කතා කිරීම දෙවි සැලකුවේ තමන්ට විරුද්ධව කතා කිරීමක් ලෙසයි. ඒ නිසා ‘මම මෝසෙස් සමඟ කෙළින්ම කතා කරමි. ඔහු ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?’ කියා දෙවි ඔවුන්ගෙන් ඇසුවා. (ගණන් කතාව 12:8, NW) යෙහෝවා දෙවි සහ මෝසෙස් අතර මොන තරම් කිට්ටු බැඳීමක් තිබුණාද කියා ඉන් පැහැදිලියි.

මිරියම්, මෝසෙස්ට විරුද්ධව කතා කළ නිසා ඇයට කුෂ්ඨ රෝගයක් වැළඳුණා. ඒ නිසා ආරොන්, මෝසෙස් වෙතට ගොස් ඇයව සුව කරන්න කියා ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී මෝසෙස් ඉතා නිහතමානීව මිරියම්ව සුව කරන්න කියා දෙවිට කන්නලව් කළා. ඇයට සුවය ලැබුණත් දින හතක් පුරා සෙසු ඊශ්‍රායෙල්වරුන්ගෙන් වෙන් වී සිටීමට ඇයට සිදු වුණා. ඒ කාලය තුළ ඇය මොන තරම් ලැජ්ජාවකින් පසු වෙන්න ඇද්ද කියා සිතා බලන්න.

යෙහෝවා දෙවි කැමති සහ අකමැති ගුණාංග මොනවාද කියා මෙම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් අහංකාරකම, ඊර්ෂ්‍යාව සහ ආත්මාර්ථකාමීත්වය වැනි ගුණාංග අපේ ජීවිතයෙන් ඉවත් කළ යුතුයි. ඊට හේතුව යෙහෝවා දෙවි නිහතමානී අයට ප්‍රේම කිරීමයි. එවැනි අයට දෙවි මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11, NW; යාකොබ් 4:6.

[පාදසටහන]

a නිහතමානී කෙනෙකුට අයුක්තිය අසාධාරණය හමුවේ පවා ඉවසිලිවන්තව කටයුතු කළ හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න