ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 2/1 6 පි.
  • නොමියෙන ප්‍රේමයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොමියෙන ප්‍රේමයක්!
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු
    2004 පිබිදෙව්!
  • යෙහෝවා ක්‍රියා කරන අන්දම තේරුම්ගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස්ගේ විශ්වාසය ආදර්ශයට ගමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගිනි ගනිමින් තිබුණු පඳුරක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 2/1 6 පි.

නොමියෙන ප්‍රේමයක්!

ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක්

තමන්ට පාඩුවක් වුණත් තමන් ආදරේ කරන අයගේ යහපත වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒ ආදරේ හැඟීමකට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි.

මෝසෙස් ප්‍රේමයෙන් ක්‍රියා කළා කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

“දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය” කියලා බයිබලේ කියනවා. (1 යොහන් 5:3) මෝසෙස් යෙහෝවා දෙවියන්ට ප්‍රේම කරපු නිසා දෙවිගේ හැම ආඥාවකටම කීකරු වුණා. ඊජිප්තුවේ බලවත් රජු ඉදිරියට ගිහින් දෙවිගේ පණිවිඩය කියන්න කියලා දෙවියන් කිව්වම මෝසෙස් ඒක කළා. රතු මුහුද ළඟදී සැරයටිය මුහුදට දික් කරන්න කියලා කිව්වම එයා ඒකත් කළා. ඒකෙන් තේරෙන්නේ යෙහෝවා දෙවියන් කිව්ව දේවල් අමාරු වුණත් ලේසි වුණත් ‘දෙවි අණ කළ සියල්ල මෝසෙස් ඒ විදිහටම කළා’ කියලයි.—නික්මයාම 40:16.

මෝසෙස්ට එයාගේ සෙනඟ ගැනත් ආදරයක් තිබුණා. සෙනඟ එයාලගේ ප්‍රශ්න ගැටලු ගැන කියන්න ‘උදෑසන සිට සවස දක්වාම මෝසෙස් ළඟට ආවා’ කියලා බයිබලේ කියනවා. (නික්මයාම 18:13-16) ටිකකට හිතන්න උදේ ඉඳන් හවස් වෙනකම් මිනිසුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙද්දී මෝසෙස්ට කොච්චර මහන්සියක් දැනෙන්න ඇද්ද! හැබැයි මෝසෙස් ඒක කරදරයක් කියලා හිතුවේ නැහැ. සෙනඟ ගැන ආදරයක් තිබුණු නිසා එයා ඒක කළේ සතුටින්.

මෝසෙස් සෙනඟ වෙනුවෙන් යාච්ඤාත් කළා. එයාට හතුරුකම් කරපු අය වෙනුවෙනුත් යාච්ඤා කළා. එක අවස්ථාවක මෝසෙස්ගෙම අක්කා එයාට විරුද්ධව කතා කරපු නිසා දෙවියන් ඇයට දඬුවම් කළාම ඇයට ලාදුරු රෝගය හැදුණා. ඒ වෙලාවේ මෝසෙස් කොච්චර දුක් වුණාද කියනවා නම් “අනේ දෙවියනි, ඇයට සුවය ලබා දෙන්න” කියලා කන්නලව් කළා. (ගණන් කතාව 12:13) තමන්ට හතුරුකම් කරපු කෙනෙක් වෙනුවෙන් ඒ විදිහට දෙවිට කන්නලව් කරන්න නම් මෝසෙස්ට එයා ගැන කොච්චර ආදරයක් තියෙන්න ඇද්ද!

අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

මෝසෙස්ට වගේ අපිටත් යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් තියෙනවා නම් අපි දෙවිගේ නීතිවලට ‘හදවතින්ම කීකරු වෙනවා.’ (රෝම 6:17) එහෙම කරද්දී දෙවිගේ සිත සතුටු කරන්නත් අපිට පුළුවන්. (හිතෝපදේශ 27:11) අපි යෙහෝවා දෙවිට ආදරේ නම් නිතරම උත්සාහ කරන්නේ දෙවියන් හරියි කියලා හිතන දේ කරන්නයි. එහෙම කරන එකෙන් අපිට ප්‍රයෝජන වගේම ලොකු සතුටකුත් ලැබෙනවා.—ගීතාවලිය 100:2.

මෝසෙස් වගේ අපිත් අනිත් අයට ආදරේ කරනවා නම් පවුලේ කෙනෙක් හරි මිතුරෙක් හරි හිතේ තියෙන ප්‍රශ්නයක් ගැන අපි එකක් කතා කරන්න ආවොත් අපි ඒක කරදරයක් හැටියට සලකන්නේ නැහැ. එයාට තියෙන ආදරේ නිසා අපි මුලින්ම එයා කියන දේට ඇහුම්කන් දෙනවා. එයාගේ දුක තේරුම්ගන්නත් උත්සාහ කරනවා. ඒ වගේම එයා ගැන සැලකිලිමත් කියලත් පෙන්නනවා.

මෝසෙස් වගේ අපිටත් පුළුවන් අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්න. සමහර වෙලාවට කෙනෙක් අපිත් එක්ක එයාගේ ප්‍රශ්නයක් ගැන කතා කරද්දී ඒක විසඳන්න අපිට මුකුත් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට එයා වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන්. බයිබලයේ කියන්නේ “ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක” කියලයි. (යාකොබ් 5:16) අපි කරන යාච්ඤාවට සවන් දීලා එයා වෙනුවෙන් යමක් කරන්න දෙවියන් පෙලඹෙන්න පුළුවන්. එහෙම බලද්දී ඒ වගේ කෙනෙක් වෙනුවෙන් යාච්ඤා කරනවට වඩා කරන්න පුළුවන් වෙන හොඳ දෙයක් තියෙනවාද?a

මෝසෙස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොන තරම්ද! එයාත් අපි වගේ සාමාන්‍ය කෙනෙක්. හැබැයි විශ්වාසය, නිහතමානිකම හා ප්‍රේමය අතින් එයා කදිම ආදර්ශයක්! මෝසෙස්ව ආදර්ශයට ගත්තොත් අපිටත් අන් අයටත් ප්‍රයෝජන ලැබෙනවා නිසැකයි.—රෝම 15:4.

a දෙවියන් අපේ යාච්ඤාවලට සවන් දෙන්න නම් අපි කරන්න ඕන දේවල් ගැන දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොතේ 17වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න