ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 8/15 23 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔවුන් දෙවිගේ වචනයට ඇලුම් කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවමාන භාෂාවලින් “කතා කරන” පොතක්
    සියලුම ජනයා සඳහා පොතක්
  • සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගිමත් වන්න!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මතකද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 8/15 23 පි.

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• මව්කුසේදීම මිය යන ළදරුවන්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?

දරුවෙකුගේ ජීවිතය ආරම්භ වන්නේ මව්කුසේ පිළිසිඳගත් මොහොතේ සිටයි. “දෙවිට සියල්ල කළ හැකි” නිසා පුද්ගලයෙක් කුමන වයස් සීමාවක පසු වුණත් ඔහුව නැවත නැඟිටුවන්න යෙහෝවා දෙවිට හැකියි. (මාක් 10:27) කෙසේවෙතත් මව්කුසේදී මිය යන ළදරුවෙකුව දෙවි නැවත නැඟිටුවයිද නැද්ද කියා බයිබලයේ ඍජුව පවසා නැහැ.—4/15, 12, 13 පිටු.

• අපට කුහුඹුවාගෙන්, බෙන් හාවාගෙන්, පළඟැටියාගෙන් සහ හූණාගෙන් ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

ඒ සතුන් හතරදෙනා සහජයෙන්ම ප්‍රඥාවන්තයි. ඉන් අපට දෙවිගේ ප්‍රඥාව පිළිබඳව ඉගෙනගත හැකියි. (හිතෝ. 30:24-28)—4/15,16-19 පිටු.

• වර්ෂ 2009 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විශේෂ වසරක් වුණේ කුමන හේතුවක් නිසාද?

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි යන නමින් ලියාපදිංචි වී සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය 1909දී පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් නගරයේ සිට නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් වෙත ගෙන ගියා. එදා සිට අද දක්වාම සංවිධානයේ කටයුතු සිදු කරන්නේ එම ස්ථානයේ සිටයි.—5/1, 22-24 පිටු.

• නිහඬව සිටීම ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

අන් අයට ගෞරවය පෙන්වීමක් ලෙස නිහඬව සිටිය හැකියි. එය බුද්ධිමත්ව හා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙකුගේ ලක්ෂණයක්. එමෙන්ම ගැඹුරින් කල්පනා කිරීම සඳහාද නිහඬව සිටීම උපකාරයක්. (ගීතා 37:7; 63:6; හිතෝ. 11:12)—5/15, 3-5 පිටු.

• ජෝන් වයික්ලිෆ්, විලියම් ටින්ඩේල්, රොබට් මොරිසන් හා ඇඩනයිරම් ජඩිසන් යන අය විශේෂ වන්නේ කුමන හේතුව නිසාද?

ඔවුන් සියලුදෙනාම දෙවිගේ වචනයට ඇලුම් කළා. සාමාන්‍ය ජනයාට පවා කියවිය හැකි භාෂාවට ඔවුන් බයිබලය පරිවර්තනය කළා. ජෝන් වයික්ලිෆ් හා විලියම් ටින්ඩේල් ඉංග්‍රීසි භාෂාවටත් රොබට් මොරිසන් චීන භාෂාවටත් ඇඩනයිරම් ජඩිසන් මියන්මාර්හි ජනයාගේ භාෂාවටත් බයිබලය පරිවර්තනය කළා.—6/1, 8-11 පිටු.

• සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කළ රජවරු කීදෙනෙක් යූදාහි සිටියාද?

යූදා රාජ්‍යය රජවරු 19ක් පාලනය කළා. ඉන් හතරදෙනෙක් සැබෑ නමස්කාරය වෙනුවෙන් දැඩි උද්‍යෝගයකින් ක්‍රියා කළා. ඒ ආසා, යෙහෝෂපාට්, හෙසකියා හා යොෂියා යන රජවරුනුයි.—6/15, 7-11 පිටු.

• අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාම නියමිත වේලාවට ආහාර ලබා දීමේ කාර්යයට හවුල් වෙනවාද?

නැහැ. ඒ සියලුදෙනාම විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට අයත් වුණත් නියමිත වේලාවට ආහාර ලබා දීමේ කාර්යයට හවුල් වන්නේ පාලක මණ්ඩලයේ සාමාජිකයනුයි.—6/15, 22-24 පිටු.

• රෝම හේවායන් යේසුස්ගේ ඇතුල් වස්ත්‍රය ඉතා වටිනා එකක් ලෙස සැලකුවේ ඇයි?

හේවායන් යේසුස්ගේ ඇතුල් වස්ත්‍රය බෙදාගත්තේ නැහැ. එය මූට්ටුවක් නොමැතිව ඉහළ සිට පහළ දක්වා සම්පූර්ණයෙන්ම වියා තිබුණා. ඒ නිසා එවැනි වස්ත්‍ර වටිනාකමින් ඉහළයි.—7/1, 22වන පිටුව.

• එදා සිටි ආගමික නායකයන්ට වඩා යේසුස් ජනයාට ප්‍රේමය පෙන්වූ බව පැවසිය හැක්කේ ඇයි?

එම ආගමික නායකයන් සාමාන්‍ය ජනයාට ප්‍රේම කරනවා වෙනුවට ඔවුන්ව හෙළා දැක්කා. එමෙන්ම ඔවුන්ට දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබුණේද නැහැ. ඊට වෙනස්ව යේසුස් තම පියාට ප්‍රේම කළ අතර සාමාන්‍ය ජනයාට අනුකම්පාවෙන් සැලකුවා. (මතෙ. 9:36) ඔහු කාරුණික සහ අනුකම්පාසහගත කෙනෙක් වුණා.—7/15, 15වන පිටුව.

• මුදල් සම්බන්ධ කාරණා විවාහ ජීවිතයට බලපාන්නේ කෙසේද? එමෙන්ම යුවළකට එවැනි ගැටලු විසඳාගත හැක්කේ කෙසේද?

මුදල් සම්බන්ධ කාරණා ගැන විවාහ යුවළක් තුළ ප්‍රශ්න ගැටලු ඇති වීමට අවිශ්වාසය සහ බිය යන සාධක බලපානවා. එමෙන්ම ඔවුන්ගේ විවිධ පවුල් පසුබිම්ද ඊට බලපෑ හැකියි. එය විසඳාගත හැක්කේ කෙසේද? සන්සුන්ව කතාබහ කිරීමෙන්, ආදායම සැලකිල්ලට ගැනීමෙන්, වියදම් සටහන් කරගැනීමෙන් සහ එකිනෙකාගේ වගකීම් කොටස තීරණය කරගැනීමෙනුයි.—8/1, 10-12 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න