ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 11/15 12-13 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්ත්‍රියක් හිස වසාගත යුතු අවස්ථා හා හේතු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • සභාවේ මූලිකත්වය ගැන ඇති කරලා තියෙන සැලැස්ම තේරුම්ගමු
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ප්‍රශ්න පෙට්ටිය
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 11/15 12-13 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

රැස්වීම්වල, එක්රැස්වීම්වල හා සමුළුවල ඉදිරිපත් කරන කතා සංඥා භාෂාවට පරිවර්තනය කරන සහෝදරියක් ඒ අවස්ථාවේදී තම හිස ආවරණය කරගත යුතුද?

සාමාන්‍යයෙන් සභාවේදී පුරුෂයෙකුට පැවරෙන ඉගැන්වීමේ වගකීම් සහෝදරියක් විසින් ඉටු කරන අවස්ථාවලදී ඇය තම හිස ආවරණය කරගත යුතුයි. එය පාවුල් පැවසූ මේ දෙයට එකඟයි. ‘ස්ත්‍රියකගේ හිස පුරුෂයා නිසා තම හිස නොවසා යාච්ඤා කරන හෝ අනාවැකි කියන සෑම ස්ත්‍රියක්ම ඇගේ හිස ලැජ්ජාවට පත් කරන්නීය.’ (1 කොරි. 11:3-10) එවැනි අවස්ථාවකදී සහෝදරියක් හිස් ආවරණයක් පැළඳ සිටීමෙන් ඇය ක්‍රිස්තියානි සභාව සඳහා දෙවි ඇති කර තිබෙන සැලැස්මට යටත් වන බව පෙන්වනවා.—1 තිමෝ. 2:11, 12.a

සහෝදරයෙක් ඉදිරිපත් කරන කතාවක් සහෝදරියක් සංඥා භාෂාවට පරිවර්තනය කරන විට ඇය ඉගැන්වීමක් සිදු කරන්නේ නැහැ. නමුත් එවැනි අවස්ථාවක සබයේ මූලික අවධානය සහෝදරිය වෙත යොමු වන නිසා ඇය හිස් අවරණයක් පැළදීම සුදුසුයි. කෙසේවෙතත් සංඥා භාෂාවකට පරිවර්තනය කිරීම හා වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම අතර විශාල වෙනසක් තිබෙනවා. සහෝදරියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කරන විට සබයේ මුළු අවධානයම ඇය වෙතට යොමු වන්නේ නැහැ. එවැනි සමහර අවස්ථාවලදී ඇයට හිඳගෙන වුණත් පරිවර්තනය කළ හැකියි. ඇය එම පරිවර්තනය සිටගෙන කරනවා නම් සබයට නොව කථිකයාට මුහුණ ලා එය කළ හැකියි. ඒ නිසා ඇයට හිස් අවරණයක් පැළදීම අවශ්‍ය වන්නේ නැහැ.

සංඥා භාෂාවට පරිවර්තනය කිරීම සඳහා රූපවාහිනී තිරයක් භාවිත කරනවා නම් එවැනි අවස්ථාවකදීත් සබය දකින්නේ පරිවර්තකයාව පමණයි. පරිවර්තකයා සහෝදරියක් නම් ඇය හිස් අවරණයක් පැළඳ සිටීම යොග්‍යයි.

මෙම අලුත් මඟ පෙන්වීමට අනුව සහෝදරියක් සංඥා භාෂාවට කොටස් පරිවර්තනය කරන විට හිස් ආවරණයක් පැළඳ සිටීමට අවශ්‍ය වන හා අවශ්‍ය නොවන අවස්ථා මොනවාද? සහෝදරයන් ඉදිරිපත් කරන කතා, සභා බයිබල් පාඩම, මුරටැඹ පාඩම හා ගීතිකා සංඥා භාෂාවට පරිවර්තනය කරන විට සහෝදරියක් හිස් ආවරණයක් පැළඳ සිටිය යුතුයි. නමුත් සබයෙන් ඉදිරිපත් කරන අදහස්, නිරූපණ හා සහෝදරියන් ඉදිරිපත් කරන කතා සංඥා භාෂාවට පරිවර්තනය කරන විට ඇය හිස් අවරණයක් පැළඳ සිටීම අවශ්‍ය නොවෙයි. සහෝදරියකට වැඩිමහල්ලන්ගේ, දරුවන්ගේ, සහෝදරයන්ගේ හා සහෝදරියන්ගේ කතා නිතර නිතර සංඥා භාෂාවට පරිවර්තනය කරන්න සිදු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදි සමහරවිට ඇයට රැස්වීම අවසන් වන තුරුම හිස් ආවරණයක් පැළඳ සිටීම වඩාත් පහසු විය හැකියි.

[පාදසටහන]

a ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීම සඳහා 2002 ජූලි 15 මුරටැඹ කලාපයේ 26-27 පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න