ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/13 2 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්ත්‍රියක් හිස වසාගත යුතු අවස්ථා හා හේතු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • දුරකථනයෙන් හෝ කෙටියෙන් කරන බයිබල් පාඩම් වැඩි දියුණු කරන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ගෙයි දොරකොඩ සිට සහ දුරකථනයෙන් බයිබල් පාඩම් පටන්ගැනීම
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 11/13 2 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ ප්‍රචාරිකාවක් දොරකඩ අසල සිට බයිබල් පාඩමක් කරද්දී ඇය සමඟ ප්‍රචාරකයෙක් සිටිනවා නම් ඇය හිස වසාගත යුතුද?

ප්‍රචාරිකාවක් බයිබල් පාඩමක් කරද්දී ප්‍රචාරකයෙක් ඇය සමඟ සිටිනවා නම් ඇය හිස වසාගත යුතුයි. (1 කොරි. 11:3-10) ‘“දෙවිගේ ප්‍රේමය”’ පොතේ 240වෙනි පිටුවේ 3වෙනි ඡේදයේ මෙසේ සඳහන් වෙනවා. “බව්තීස්ම වූ සහෝදරයෙකු සමඟ බයිබල් පාඩමකට යෑමට සහෝදරියකට අවස්ථාවක් උදා විය හැකියි. ඒ සෑම අවස්ථාවක්ම ක්‍රිස්තියානි සභාවේ සැලැස්ම යටතේ සිදු වන දේවල් නිසා සහෝදරිය ඇගේ හිස වසාගත යුතුයි. තමන් ඉටු කරන්නේ සාමාන්‍යයෙන් සහෝදරයෙකු විසින් ඉටු කළ යුතු වගකීමක් බව ඇය පිළිගන්නා බවට එය සංකේතයක්.” පාඩම පවත්වන්නේ දොරකඩ අසලදී නිවස තුළදී හෝ වෙනත් තැනකදී වුණත් මෙම මඟ පෙන්වීම පිළිපැදිය යුතුයි.

සහෝදරියක් ප්‍රචාරකයෙක් සමඟ දොරකඩ අසල සිට නැවත බැලීම් කරද්දී හිස වසාගැනීම අවශ්‍ය නැහැ. නැවත බැලීමකදී කරන්නේ බයිබල් පාඩමක් කරන විදිහ පෙන්වීම හෝ බයිබල් පාඩම සඳහා යොදාගන්නා ප්‍රකාශනයක තොරතුරු සාකච්ඡා කිරීම වැනි දෙයක් වුණත් හිස වසාගත යුතු නැහැ. සාමාන්‍යයෙන් දොරකඩ අසල සිට කරන සාකච්ඡාවක් බයිබල් පාඩමක් බවට පත් වෙන්නේ නැවත බැලීම් කිහිපයක් කළාට පසුවයි. ඒ නිසා කොයි අවස්ථාවේදීද හිස වසාගත යුත්තේ කියා සහෝදරිය තීරණය කළ යුතුයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න