ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 12/1 5-7 පි.
  • දුක් වේදනා නිමා වන අයුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුක් වේදනා නිමා වන අයුරු
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුක් වේදනා තුරන් කරන ආණ්ඩුවක්
  • බයිබලයේ කියන්නේ මොනවාද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • විඳදරාගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි දුක් වේදනා නිම කරන කාලය ආසන්නයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුක් වේදනාවල නිමාව අත ළඟයි!
    දුක් වේදනාවල නිමාව අත ළඟයි!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 12/1 5-7 පි.

දුක් වේදනා නිමා වන අයුරු

දුක් වේදනා නැති තැනක් නැහැ. ඒ නිසා මිනිසුන් විඳින දුක් වේදනාවලට පිළිසරණක් වීමට ඇතැමුන් දැඩි වෙහෙසක් දරනවා. උදාහරණයකට රෝහල්වල සිටින සෞඛ්‍ය සේවකයින් දිවා රෑ දෙකේම වෙහෙසෙන්නේ දුක් විඳින රෝගීන්ට යම් සහනයක් ලබා දීමටයි. එමෙන්ම ගිනි නිවන භටයින්, ආරක්ෂක නිලධාරීන් සහ සහන සේවා කණ්ඩායම්වල සේවය කරන අයත් උත්සාහ කරන්නේ මිනිසුන්ට යම් සහනයක් දීමටයි. එවැනි සේවාවන් නිසා අද බොහෝදෙනෙක් ප්‍රයෝජන ලබනවා. නමුත් පොළොව පුරා තිබෙන දුක් වේදනා සම්පූර්ණයෙන්ම නැති කිරීමට එවැනි සංවිධානවලටවත් කිසිම මිනිසෙකුටවත් හැකියාවක් නැහැ. එය කළ හැක්කේ යෙහෝවා දෙවිට පමණයි.

ඒ සම්බන්ධයෙන් දෙවි මෙවැනි පොරොන්දුවක් දී තිබෙනවා. ‘ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.’ (එළිදරව් 21:4) සියලුම දුක් වේදනා අවසන් කිරීමට දෙවිට ඇති ආශාව ඉන් මනාව පැහැදිලි වෙනවා. එම පොරොන්දුව ඉටු වන දාට මිනිසුන් කොතරම් සතුටු වෙයිද! ඔහු එය කරන්නේ යුද්ධ, සාගත, ලෙඩ රෝග සහ අයුක්තිය නැති කර දමා දුෂ්ට මිනිසුන්ව විනාශ කිරීමත් සමඟයි. මිනිසෙකුට නම් එවැනි දෙයක් කිසිසේත් කළ නොහැකියි.

දුක් වේදනා තුරන් කරන ආණ්ඩුවක්

දුක් වේදනා අවසන් කිරීමට වූ තම පොරොන්දුව දෙවි ඉටු කරන්නේ තම පුත්‍රයා වන යේසුස් මාර්ගයෙනුයි. ඔහුගේ බලය දෙවැනි වන්නේ යෙහෝවා දෙවිට පමණයි. නුදුරු අනාගතයේදී ඔහු මේ මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි. එදාට අද මෙන් මිනිසුන්ව පාලනය කිරීමට රජවරුන්, ජනාධිපතිවරුන් හෝ දේශපාලන නායකයින් සිටින්නේ නැහැ.

යේසුස් මේ පොළොව පාලනය කිරීම ආරම්භ කිරීමත් සමඟම ඔහු මිනිස් ආණ්ඩු සියල්ල ඔහු නැති කර දමනවා. බයිබලයේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙසේයි. “ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.” (දානියෙල් 2:44, නව ලොව පරිවර්තනය, NW) ඉන්පසු සියලුම මිනිසුන් එක් ධර්මිෂ්ඨ ආණ්ඩුවක් යටතට පැමිණෙනවා. එනම් දේවරාජ්‍යය යටතට පැමිණෙනවා.

යේසුස් මේ පොළොව මත සිටි කාලයේදී ඔහු දේවරාජ්‍යය ගැන කතා කළා. උදාහරණයකට ඔහු තම ගෝලයන්ට කියා දුන් ආදර්ශ යාච්ඤාව ගැන සලකා බලන්න. එහි ඔහු දේවරාජ්‍යය ගැන සඳහන් කළේ මේ ආකාරයටයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙව් 6:10) යේසුස් ඉන් පෙන්නුම් කළේ දෙවිගේ කැමැත්ත මේ පොළොව මත ඉටු වන්නේ දේවරාජ්‍යය තුළින් බවයි. ඇත්තෙන්ම දුක් වේදනා නැති කර දැමීමට වූ දෙවිගේ අරමුණ ඉටු වන්නේ දේවරාජ්‍යය මාර්ගයෙනුයි.

දේවරාජ්‍යය තුළින් ලැබෙන ආශීර්වාද වෙන කිසිම ආණ්ඩුවකින් ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම යෙහෝවා දෙවි තම පුත්‍රයාගේ ජීවිත පූජාව මිනිසුන්ට සැපයුවේ ඔවුන්ට සදාකාල ජීවනය ලබා දීමටයි. ඒ නිසා යේසුස්ගේ පාලනය යටතේ සිටින සියලුදෙනාටම පරිපූර්ණ ජීවිතයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඉන්පසු සිදු වීමට නියමිත දෙය බයිබලයේ වාර්තා කර තිබෙන්නේ මෙසේයි. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.”—යෙසායා 25:8, NW.

‘යෙහෝවා දෙවි දුක් වේදනා තුරන් කිරීමට මෙතෙක් කල් බලා සිටියේ ඇයි’ කියා ඇතැමෙක් ප්‍රශ්න කළ හැකියි. ඇත්තටම බොහෝ කාලයකට ඉහතදී එම ප්‍රශ්නය විසඳීමට යෙහෝවා දෙවිට හැකියාව තිබුණා. නමුත් ඔහු එසේ නොකළේ අපේම ප්‍රයෝජනය උදෙසායි. එය තේරුම්ගැනීමට මේ උදාහරණය සලකා බලන්න. ඔබේ දරුවාට යම් සැත්කමක් කරන්න අවශ්‍ය වූවායැයි සිතන්න. සැත්කම වේදනාකාරී එකක් වුණත් ඔබ ඊට ඉඩහරින්නේ නැද්ද? ඔබ එසේ කරන්නේ එය දරුවාගේ අනාගතයට බෙහෙවින් දායක වන නිසයි. ඒ හා සමානව යම් කාලයකට දුක් වේදනාවලට යෙහෝවා දෙවි ඉඩහැර තිබෙන්නේ ඉතා හොඳ හේතු ඇතුවයි. ඒ හේතු මොනවාද කියා බයිබලයේ සඳහන් කර තිබෙනවා. ඊට තීරණ ගැනීමට මිනිසුන්ට තිබෙන අයිතිය, මිනිසුන්ට උරුම වී තිබෙන පව්කාර තත්වය සහ විශ්වය පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය යන කාරණා කිහිපය සම්බන්ධයි. ඊට අමතරව මේ පොළොව යක්ෂයාගේ පාලනයට නතු වී තිබීමත් දුක් වේදනා ඇති වීමට හේතු වී තිබෙනවා.a

දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන සියලුම හේතු මෙම පිටු කිහිපය තුළ සඳහන් කරන්න බැහැ. නමුත් යම් කාලයකට අපට දුක් විඳීමට සිදු වුණත් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට උපකාරවත් වන කරුණු දෙකක් සඳහන් කළ හැකියි. පළමු කරුණ නම් දෙවි අපට ලබා දෙන ආශීර්වාද හා සසඳන විට අප මෙතෙක් අද්දැක තිබෙන සියලුම දුක් වේදනා ඉතා අල්ප වීමයි. දෙවි අපට මෙසේද පොරොන්දු වෙනවා. “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.” (යෙසායා 65:17, NW) මිනිසුන් අද්දුටු සියලුම දුක් වේදනාවන් දෙවි සම්පූර්ණයෙන්ම නැති කර දමන බව ස්ථිරයි.

දෙවන කරුණ නම් දුක් වේදනා නැති කර දැමීමට දෙවි නියමිත කාලයක් වෙන් කර තිබීමයි. දුෂ්ට ක්‍රියාවලට දෙවි කොපමණ කාලයක් ඉඩහරිනවාද කියා ඇසූ අනාගතවක්තෘ හබක්කුක්ට දෙවි මෙසේ පිළිතුරු දුන්නා. ‘දර්ශනය ඉටු වීමට නියමිත කාලයක් තිබේ. එය ප්‍රමාද නොවන්නේය.’ (හබක්කුක් 2:3, NW) දුක් වේදනා නැති කර දමන “නියමිත කාලය” ඉතා ආසන්න බවට තිබෙන සාක්ෂි මොනවාද කියා අප ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

a දුක් වේදනාවලට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි කියා දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[7වන පිටුවේ කොටුව]

ඉදිරියේදී ඉටු වීමට නියමිත අනාවැකි

යුද්ධ තවත් නැහැ

“ජනයෙනි, පැමිණ යෙහෝවා දෙවිගේ ක්‍රියා දෙස බලන්න. ඔහු පොළොවේ කර තිබෙන පුදුමාකාර දේවල් දෙසට ඔබේ නෙත් යොමු කරන්න. පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.”—ගීතාවලිය 46:8, 9, නව ලොව පරිවර්තනය, NW.

මිය ගිය අයට නැවත ජීවිතය

‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා.’—ක්‍රියා 24:15.

සියලුදෙනාටම ආහාර

“පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16, NW.

සියලු රෝග තුරන් වෙයි

“කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24, NW.

දුෂ්ටයන් නැති වී යයි

“දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.”—හිතෝපදේශ 2:22, NW.

යුක්තිය රජයයි

“ඒ කාලයේදී, ධර්මිෂ්ඨකමින් පාලනය කිරීමට රජෙකුවද [යේසුස් ක්‍රිස්තුස්වද] යුක්තිය ඉටු කිරීමට පාලකයන්වද පත් කරනු ලබයි.”—යෙසායා 32:1, NW.

[7වන පිටුවේ පින්තූර]

දේවරාජ්‍යය මගින් සියලුම දුක් වේදනා සදහටම තුරන් කර දමයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න