ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 12/1 24-25 පි.
  • යෙරෙමියා සේවය අත්හැරියේ නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙරෙමියා සේවය අත්හැරියේ නැහැ
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ දිනපතා “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්” පතනවාද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • යෙරෙමියා දිගටම දෙවි ගැන කතා කළා
    දූපුතුන්ට කියා දෙන්න
  • යෙරෙමියා මෙන් ධෛර්යවත් වන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙරෙමියා දිගටම දේශනා කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 12/1 24-25 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

යෙරෙමියා සේවය අත්හැරියේ නැහැ

පීඩා කරදර නිසා දෙවිට සේවය කරන එක නතර කරන්න ඕනේ කියලා ඔයාට කවදා හරි හිතිලා තියෙනවාද?—a සමහර අයට ඒ විදිහට හිතෙනවා. යෙරෙමියාටත් එහෙම හිතුණා. ඒ ඇයි කියලා අපි බලමුද?

අනාගතවක්තෘ කෙනෙක් හැටියට සේවය කරන්න යෙහෝවා දෙවි යෙරෙමියාව තෝරාගෙන තිබුණේ එයා ඉපදෙන්නත් කලින්මයි. ඒත් යෙහෝවා දෙවි එයාට ඒ ගැන කිව්වාට පස්සේ යෙරෙමියා මොන වගේ උත්තරයක්ද දුන්නේ කියලා ඔයා දන්නවාද?— එයා කිව්වා “මම තවම තරුණයෙක්. අනික මම කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි” කියලා.

යෙහෝවා දෙවි ඒ වෙලාවේ යෙරෙමියාට මෙහෙම කිව්වා. “‘මම තවම තරුණයෙක්’ කියා නොකියන්න. මා ඔබව යවන සෑම තැනකටම ඔබ යා යුතුයි. මා ඔබට අණ කරන සෑම දෙයක්ම ඔබ පැවසිය යුතුයි. ඔවුන්ට භය නොවන්න.” ඔවුන්ට භය වෙන්න එපා කියලා යෙහෝවා දෙවි යෙරෙමියාට කිව්වේ ඇයි? ඒකට හේතුව යෙහෝවා දෙවි යෙරෙමියාත් එක්ක සිටි නිසයි.—යෙරෙමියා 1:4-8, නව ලොව පරිවර්තනය, NW.

යෙහෝවා දෙවි යෙරෙමියාව ඒ විදිහට ශක්තිමත් කළත් එයා අධෛර්යයට පත් වුණා. යෙරෙමියාට එහෙම වුණේ මිනිස්සු එයාට නින්දා කරලා විහිළු කළ නිසයි. ඊටපස්සේ යෙරෙමියා මෙහෙම හිතුවා. “මින්පසු මම දෙවි ගැන කතා කරන්නේ නැහැ. ඔහුගේ නාමයෙන් මම කිසි දෙයක් ප්‍රකාශ කරන්නෙත් නැහැ.” ඒත් ඇත්තටම යෙරෙමියා එහෙම කළාද? නැහැ.

ඒ ගැන යෙරෙමියා මෙහෙම කියනවා. “ඔබේ වදන් මගේ හදවතට තදින් කාවැදී තිබූ නිසා එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය. මට එය තවදුරටත් සිතේ තද කරගත නොහැකි විය.” (යෙරෙමියා 20:7-9, NW) අනික් අය කරදර කළ නිසා යෙරෙමියා භය වුණා. ඒත් එයා යෙහෝවා දෙවිට ආදරය කළ නිසා දෙවිට සේවය කරන එක නතර කළේ නැහැ. යෙරෙමියා දිගටම දෙවිට සේවය කළ නිසා යෙහෝවා දෙවි එයාගේ ජීවිතය ආරක්ෂා කළා. ඒ කොහොමද කියලා දැන් අපි බලමු.

යෙරුසලමේ සිටි අයට ඔවුන්ගේ වැරදි වැඩ නතර කරන්න කියලාත් එහෙම කළේ නැත්නම් යෙරුසලම විනාශ වෙයි කියලාත් යෙරෙමියා අනතුරු ඇඟෙව්වා. එහෙම කියන්න කියලා යෙරෙමියාට කිව්වේ යෙහෝවා දෙවියි. ඒත් ඒ දේවල් අහලා මිනිසුන්ට කේන්ති ගියා. ඒ නිසා “ඔහුට මරණ දණ්ඩනය හිමි විය යුතුයි” කියලා ඒ අය කිව්වා. ඒත් යෙරෙමියා නැවත නැවතත් ඒ අයට කිව්වේ ‘ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වෙන්න’ කියලයි. ඒත් එක්කම එයා මෙහෙමත් කිව්වා. “ඔබ මාව මරා දැමුවොත් අහිංසකයෙකුගේ ලේ වැගිරවීම ගැන ඔබටත් මේ නගරයටත් එහි වැසියන්ටත් වග කියන්න සිදු වෙයි. මන්ද ඔබට මේ සියල්ල පවසන්න කියා මාව එව්වේ යෙහෝවා දෙවියි.” ඊටපස්සේ මොනවාද වුණේ කියලා ඔයා දන්නවාද?—

යෙරෙමියාව මරන්න ඕනේ කියලා කිව්ව පූජකයන්ටත් අනාගතවක්තෘවරුන්ටත් අධිපතියෝ සහ සෙනඟ මෙහෙම කිව්වා. “මේ මිනිසා මරණ දණ්ඩනය ලබන්න තරම් වරදක් කර නැහැ. මන්ද මොහු අපට කතා කළේ අපේ දෙවි වන යෙහෝවාගේ නාමයෙනුයි.” මිනිසුන්ගේ පීඩාවලට භය වෙලා යෙරෙමියා දෙවිට සේවය කරන එක නතර කළේ නැහැ. ඒ නිසා දෙවි එයාව ආරක්ෂා කළා. ඒත් යෙරෙමියාට වඩා වෙනස් විදිහට කටයුතු කළ අනාගතවක්තෘ කෙනෙකුත් සිටියා. එයාගේ නම උරියාහ්. එයාට සිදු වුණේ මොකක්ද කියලා අපි බලමු.

යෙරෙමියා වගේම උරියාහ්ත් යෙරුසලමේ අයට විරුද්ධව අනාවැකි කිව්වා. එයා කිව්ව අනාවැකි නිසා යෙහෝයාකිම් රජට කේන්ති ගියා. ඒ නිසා උරියාහ් මොනවාද කළේ කියලා ඔයා දන්නවාද?— එයා රජතුමාට භය වෙලා ඊජිප්තුවට පැනලා ගියා. ඊටපස්සේ යෙහෝයාකිම් රජ මිනිසුන්ව යවලා උරියාහ්ව අල්ලාගෙන ආවා. රජතුමා උරියාහ්ට මොනවාද කළේ කියලා ඔයා දන්නවාද?— එයා උරියාහ්ව මැරුවා.—යෙරෙමියා 26:8-24.

යෙහෝවා දෙවි යෙරෙමියාව ආරක්ෂා කළත් උරියාහ්ට මිය යන්න ඉඩහැරියේ ඇයි?— උරියාහ් වගේම යෙරෙමියාත් මිනිසුන්ගේ පීඩාවලට භය වුණා. ඒත් එයා උරියාහ් වගේ දෙවිට සේවය කරන එක නතර කළේ නැහැ. යෙරෙමියාගෙන් ඔයාට ඉගෙනගන්න තියෙන පාඩම මොකක්ද?— සමහර වෙලාවට යෙහෝවා දෙවි කියන දේවල් කරන එක අමාරුයි කියලා අපට හිතෙන්න පුළුවන්. ඒ වුණත් අපි හැමවිටම යෙහෝවා දෙවිව විශ්වාස කරලා දෙවි අපට කියන දේවල් කරමු.

a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් ඉරක් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.

ප්‍රශ්න

  • යෙහෝවා දෙවි යෙරෙමියාව තෝරාගෙන තිබුණේ කුමන පැවරුමක් සඳහාද?

  • දෙවිට සේවය කරන එක නතර කරන්න යෙරෙමියාට හිතුණේ ඇයි?

  • උරියාහ් මිය ගියේ ඇයි?

  • යෙරෙමියාගෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න