ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 1/1 11 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • රෝමයේ මහ මාර්ග පැරණි තාක්ෂණයේ විශිෂ්ටත්වය කියාපායි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාවුල් “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙයි
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • වියා එග්නාටියා ව්‍යාප්තියට තුඩු දුන් මහාමාර්ගයක්
    1997 පිබිදෙව්!
  • බයිබලයේ වාර්තා නිවැරදි බවට තවත් සාක්ෂියක්
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 1/1 11 පි.

ඔබ දැන සිටියාද?

පාවුල් මුලින්ම රෝමයට ගියේ කුමන මාර්ගය ඔස්සේද?

▪ පාවුල් ඉතාලිය බලා ගමන්ගත් නැව නේපල්ස් බොක්කේ පිහිටි පුටෙයෝලිය නම් වරායට පැමිණි බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 28:13-16) එතැන් සිට ඔහු ඇපියන් මහාමාර්ගය ඔස්සේ රෝමය බලා පිටත් වුණා.

ක්‍රිස්තු පූර්ව 312දී ඇපියන් මහාමාර්ගය ඉදි කළේ ඇපියස් ක්ලෞදියස් නම් රෝම නිලධාරියායි. එමනිසා එය ඇපියන් කියා නම් කළා. මේ මාර්ගයේ පළල අඩි 18ත් 20ත් අතර වෙනවා. මෙය ඉදි කර තිබෙන්නේ ගල් අතුරායි. රෝමය සහ බ්‍රින්ඩිසි වරාය යා කර ඉදි කර ඇති මෙම මාර්ගය කිලෝමීටර් 583ක් දිගයි. නැඟෙනහිර මුහුදු තීරයට ඇතුළු වීමට බ්‍රින්ඩිසි වරාය මහත් මෙහෙවරක් ඉටු කළා. ඇපියන් මහාමාර්ගය පුරා කිලෝමීටර් 24න් 24ට නැවතුම්පොළවල්ද ඉදි කර තිබුණා. එමනිසා මඟීන්ට විඩා නිවාගැනීමට, අවශ්‍ය දේවල් මිල දී ගැනීමට, අශ්වයන්ව සහ කරත්ත මාරු කරගැනීමටද පහසුකම් තිබුණා.

පාවුල් බොහෝවිට මේ මාර්ගය ඔස්සේ පා ගමනින් යන්න ඇති. ඔහුට එම මාර්ගය ඔස්සේ රෝමයට යෑමට කිලෝමීටර් 212ක් ගමන් කිරීමට සිදු වුණා. මෙම මාර්ගය මඩවගුරු සහිත ප්‍රදේශයක් හරහාද වැටී තිබුණ අතර එක් රෝම ලේඛකයෙක් පැවසුවේ එය මදුරුවන් පිරුණු අපිරිසිදු ප්‍රදේශයක් කියායි. මෙම මාර්ගය ඔස්සේ රෝමය දෙසට යන විට අප්පියස්ගේ වෙළඳපොළ හමු වෙනවා. එහි සිට රෝමයට තිබෙන්නේ කිලෝමීටර් 65ක් පමණ දුරක්. තවත් ඉදිරියට ගමන් කළ විට තුන් තානායම නම් නැවතුම්පොළ පිහිටා තිබෙනවා. එතැන් සිට රෝමයට කිලෝමීටර් 50ක පමණ දුරක් තිබෙනවා. මෙම මාර්ගය ඔස්සේ පාවුල් පැමිණෙන බව දැනගත් ක්‍රිස්තියානීන් මෙම ස්ථාන දෙකට පැමිණ ඔහු එන තෙක් බලා සිටියා. ‘ඔවුන්ව දැකීමෙන් ඔහු මහත් ධෛර්යයක් ලැබූ’ අතර ඒ වෙනුවෙන් ඔහු “දෙවිට ස්තුති” කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 28:15.

ලූක් 1:63හි සඳහන් කර තිබෙන “ලෑල්ල” කුමක්ද?

▪ ගොළුව සිටි සෙකරියා තම පුතාට දැමිය යුතු නම කුමක්ද කියා ලියා පෙන්වීමට ‘ලෑල්ලක් ඉල්ලූ’ බවත් “දරුවාගේ නම යොහන්” කියා එහි ලියූ බවත් ලූක් පොතේ සඳහන් වෙනවා. (ලූක් 1:63) එක් කෘතියක සඳහන් වූ ආකාරයට එම “ලෑල්ල” සඳහා යොදාගෙන තිබූ ග්‍රීක වචනය යොමු දැක්වූයේ එදා ලේඛන කටයුතු සඳහා භාවිත කළ ඉටි තැවරූ කුඩා ලෑල්ලකටයි. එම ලෑල්ල වටා සියුම් රාමුවක් සාදා තිබුණු අතර පසුව එය මී ඉටිවලින් පුරවා තිබුණා. ඒ මත ලිවීමට භාවිත කළේ පන්හිදක්. මේ ඉටි තැවරූ පුවරුව මත යමක් ලියූ පසු එය මකා දමා නැවත භාවිත කිරීමේ හැකියාව තිබුණා.

එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “අතීතයේදී මෙම පුවරු භාවිත වූ බවට තිබෙන සාක්ෂියක් වන්නේ මෙම පුවරු සහිත සිතුවම් සහ මූර්ති පොම්පෙයි ප්‍රදේශයෙන් සහ රෝමයෙන් සොයාගෙන තිබීමයි. එමෙන්ම ඊජිප්තුවේ සහ උතුරු එංගලන්තයේ කැණීම්වලින්ද මෙවැනි පුවරු බොහොමයක් සොයාගෙන තිබෙනවා.” ඒ අනුව අතීතයේ සිටි වෙළෙඳුන්, රජයේ නිලධාරීන් සහ මුල් ක්‍රිස්තියානීන් නිතරම පාහේ මෙවැනි පුවරු අතැතිව සිටින්න ඇති.—එම පොත Reading and Writing in the Time of Jesus.

[11වන පිටුවේ පින්තූරය]

ඇපියන් මහාමාර්ගය

[11වන පිටුවේ පින්තූරය]

පාසැල් ශිෂ්‍යයන් භාවිත කළ ඉටි තැවරූ ලෑල්ලක් (ක්‍රි.ව. 2වන සියවස)

[හිමිකම් විස්තර]

By permission of the British Library

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න