ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 1/1 12 පි.
  • පොරොන්දු ඉටු කරන දෙවි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොරොන්දු ඉටු කරන දෙවි
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෝෂුවාගේ මතක සටහන්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොෂුවා 1:9 - “ධෛර්යවත්ව, එඩිතරව සිටින්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • අපි සාර්ථක ජීවිතයක් ගත කරනවාට දෙවි කැමතියි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ පොරොන්දු කෙදිනකවත් බොරු නොවෙයි!
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 1/1 12 පි.

දෙවිට ළං වෙන්න

පොරොන්දු ඉටු කරන දෙවි

යොෂුවා 23:14

ඔබට අන් අයව විශ්වාස කළ හැකිද? අපි අද ජීවත් වන්නේ විශ්වාසය නිතර පලුදු වන සමාජයකයි. ඔබ විශ්වාස කරන කෙනෙකු ඔබට බොරු කිව්වොත් එසේත් නැත්නම් දුන් පොරොන්දුවක් කඩ කළොත් ඔබ ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පලුදු වෙයි. කොහොමවුණත් අප සියලුදෙනාටම විශ්වාසය තැබිය හැකි කෙනෙකු සිටිනවා. ඔහු කිසිදාක අපේ විශ්වාසය කඩ කරන්නේ නැහැ. ඒ කවුද? ඒ යෙහෝවා දෙවියි. ඒ නිසා බයිබලයේ අපට දිරිගන්වන්නේ, “මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න” කියායි. (හිතෝපදේශ 3:5) අප එසේ කළ යුත්තේ ඇයි? ඒ ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීමට යෙහෝවා දෙවිව විශ්වාස කළ අතීතයේ සිටි යොෂුවා නම් මිනිසා පැවසූ දේවල් ගැන සලකා බලමු.

මෝසෙස්ගෙන් පසුව ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා ලෙස කටයුතු කළේ යොෂුවායි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව රතු මුහුද හරහා ගෙන ඒම වැනි ඔහුගේ බලවත් ක්‍රියා බොහොමයක් යොෂුවා දැක තිබුණා. ඔහු ඒ දේවල් ගැන නිතර නිතර කල්පනා කරන්න ඇති. මේ සියල්ල සිතේ තබාගනිමින් අවුරුදු 110ක්ව සිටි මහලු යොෂුවා, ඊශ්‍රායෙල්වරුන් අතර සිටි “වැඩිමහල්ලන්, නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන්” කැඳවා ඔවුන්ට වටිනා උපදෙස් ලබා දුන්නා. (යොෂුවා 23:2) ඒ උපදෙස් ඉතා ප්‍රබල ඒවා වුණේ ඔහු මහලු කෙනෙකු වූ නිසාම නොව ඔහු යෙහෝවා දෙවිගේ පුදුමාකාර ක්‍රියා දැක දෙවිව දැඩි සේ විශ්වාස කළ නිසයි.

යොෂුවා මෙවැනි දෙයක්ද පැවසුවා. “මම තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ.” තමා වැඩි කාලයක් ජීවත් නොවන බව දැන සිටි යොෂුවා බොහෝ අවස්ථාවලදී කාලය වැය කරමින් තමන්ගේ අතීතය ගැන කල්පනා කරන්න ඇති.

යොෂුවා තවදුරටත් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.” යොෂුවා පවසන මේ දේවලින් පැහැදිලි වන්නේ ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබුණාද යන්නයි. ඔහුට එවැනි විශ්වාසයක් ඇති වුණේ කෙසේද? යෙහෝවා දෙවි කිසිදාක තමා දුන් පොරොන්දු කඩ නොකරන බව ඔහු තමාගේ ජීවිතයෙන්ම අද්දැක තිබුණා.a එමනිසා ඔහු සෙසු ඊශ්‍රායෙල්වරුන්ට කියන්න උත්සාහ කළේ යෙහෝවා දෙවි දී තිබෙන පොරොන්දු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න කියායි.

යොෂුවා 23:14හි සඳහන් දේ ගැන අදහස් දක්වන එක් පොතක මෙසේ සඳහන් වුණා. “දෙවි ඔහුගේ එක් පොරොන්දුවක් හෝ කඩ කර තිබෙනවාද කියා දැනගැනීමට බයිබලයේ තියෙන සෑම පොරොන්දුවක් ගැනම සිතන්න. ඒවා ලෝක සිදුවීම් සමඟ සසඳන්න. ඒ සිදුවීම්වලට සම්බන්ධ අයගෙන් ඒ ගැන අසන්න.” ඔබට එවැනි දෙයක් කළ හැකි වුණොත් යොෂුවා මෙන් ඔබටත් යෙහෝවා දෙවි දුන් සෑම පොරොන්දුවක්ම ඔහු ඉටු කළා කියා පැවසිය හැකි වෙයි.—1 රාජාවලිය 8:56; යෙසායා 55:10, 11.

යෙහෝවා දෙවි දී තිබෙන පොරොන්දු සියල්ලක්ම බයිබලයේ සඳහන් වෙනවා. ඉන් සමහර ඒවා මේ වන විටත් ඉටු වී අවසන්. තවත් ඒවා මේ කාලයේදී ඉටු වෙනවා. එමෙන්ම අනාගතයේදී ඉටු වීමට නියමිත පොරොන්දුද තිබෙනවා.b ඒ නිසා මේ ගැන දැනගැනීමට ඔබ බයිබලය අධ්‍යයනය කිරීම හොඳ අදහසක් නොවේද? ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි පොරොන්දු ඉටු කරන විශ්වාසවන්ත දෙවි කෙනෙකු බව ඔබට හොඳින්ම වැටහෙයි.

[පාදසටහන්වල]

a යෙහෝවා දෙවි දුන් පොරොන්දු අතරින් ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ටම කියා දේශයක් ලබා දීම, (උත්පත්ති 12:7 සහ යොෂුවා 11:23 කියවන්න.) ඊජිප්තු දේශයෙන් ඔවුන්ව ගලවාගැනීම (නික්මයාම 3:8 සහ 12:29-32 කියවන්න.) සහ ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගැනීම සඳහන් කළ හැකියි. (නික්මයාම 16:4, 13-15 සහ ද්විතීය කතාව 8:3, 4 කියවන්න.) ඒවායේ ඉටු වීම යොෂුවා සියැසින්ම දුටුවා.

b අනාගතය ගැන දෙවි දී තිබෙන පොරොන්දු මොනවාද කියා දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3, 7 සහ 8 යන පරිච්ඡේද බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න