ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 7/1 4 පි.
  • අරුත්බර නාමයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අරුත්බර නාමයක්
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නාමය පිටුපස ඇති අරුත
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට දෙවිව නමින් හඳුනාගත හැකි අයුරු
    2004 පිබිදෙව්!
  • දෙවිගේ නාමය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 7/1 4 පි.

අරුත්බර නාමයක්

ඔබේ නමට අර්ථයක් තිබෙනවාද? දරුවන්ට යම් අර්ථයක් ඇති නම් දැමීම බොහෝ රටවල සිරිතක්ව පවතිනවා. සමහරවිට දරුවා ගැන දෙමාපියන් තුළ තිබෙන බලාපොරොත්තු සහ ඔහුගේ අනාගතය මොන වගේ එකක් වෙනවාට ඔවුන් කැමතිද කියා දරුවාගේ නමේ අර්ථයෙන් තේරුම්ගත හැකියි.

විශේෂ අර්ථ ඇති නම් දැමීමේ සිරිත අතීතයේදීත් පැවතුණා. එවැනි නම්වලින් අදාළ පුද්ගලයා ගැන විශේෂ කාරණයක් හෙළි වුණා. උදාහරණයකට දාවිත් රජුගේ පුතාට “සාමය” යන අර්ථය ඇති “සාලමොන්” කියන නම තබන්න කියා දෙවි පැවසුවා. ඊට හේතුව දෙවි මෙසේ පැහැදිලි කළා. “ඔහු [එනම් සාලමොන්] පාලනය කරන කාලයේදී මම ඊශ්‍රායෙල් දේශයට සාමයෙන් පිරුණු කාලයක් උදා කර දෙන්නෙමි.”—1 ලේකම් 22:9.

සමහර අවස්ථාවලදී පුද්ගලයෙකුට යම් වරප්‍රසාද හෝ වගකීම් පවරන විටත් දෙවි ඔවුන්ට අලුත් නම් ලබා දුන්නා. උදාහරණයකට දරුවන් නොලබා මහලු වියේ පසු වූ ආබ්‍රහම්ගේ බිරිඳට “කුමාරිකාව” යන අර්ථය ඇති “සාරා” යන නම තබන්න කියා දෙවි පැවසුවා. ඊට හේතුව දෙවි පැහැදිලි කළේ මෙසේයි. “මම ඇයට ආශීර්වාද කර ඇගෙන් ඔබට පුතෙක් දෙන්නෙමි. මම ඇයට ආශීර්වාද කරන්නෙමි. ඇය විවිධ ජාතීන්ගේද රජවරුන්ගේද මව් වීමට සලස්වන්නෙමි.” (උත්පත්ති 17:16) “සාරා” යන නමේ අර්ථය දැනගැනීමෙන් ඇයට හිමි වූ වරප්‍රසාදය කුමක්ද කියා තේරුම්ගත හැකියි.

සියලුම නාමවලට වඩා උසස් “යෙහෝවා” යන දෙවිගේ නාමයේ අර්ථය කුමක්ද? එක් අවස්ථාවකදී මෝසෙස් දෙවිගේ නම පිළිබඳව දෙවිගෙන්ම විමසූ විට දෙවි ඔහුට තම නාමයේ අර්ථය මෙසේ පැහැදිලි කළා. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.” (නික්මයාම 3:14) එය රොදහම්ගේ පරිවර්තනයේ සඳහන් වෙන්නේ මෙසේයි. “මා කැමති ඕනෑම දෙයක් ඉටු කරන්නෙමි.” ඒ අනුව දෙවිගේ නාමයේ අර්ථයෙන් පැහැදිලි වෙන්නේ දෙවිට තම අරමුණු හෝ ඕනෑම පොරොන්දුවක් ඉටු කිරීමට හැකි බවයි. උදාහරණයකට මවක් තම දරුවන්ව රැකබලා ගැනීම වෙනුවෙන් කටයුතු කරන ආකාරය ගැන මදකට සිතන්න. ඇය තම දරුවන් වෙනුවෙන් ඇතැම් අවස්ථාවල හෙදියක්, කෝකියෙක් සහ ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඒ හා සමානව මිනිස් වර්ගයාට දී ඇති පොරොන්දු ඉටු කිරීම සඳහා යෙහෝවා දෙවිටත් ඕනෑම දෙයක් කළ හැකියි. දෙවිගේ නාමයේ අර්ථය අවබෝධ කරගෙන සිටින කෙනෙක් පොරොන්දු ඉටු කිරීම සඳහා දෙවි විවිධ තත්වයන්ට අනුව හැඩගැසෙන ආකාරය තේරුම්ගන්නවා. එමෙන්ම ඔහු එය අගය කරන්නත් පෙලඹෙනවා.

නමුත් කනගාටුවට කරුණක් වන්නේ අද සිටින බොහෝදෙනා දෙවිගේ නමේ අර්ථය වටහාගෙන නොතිබීමයි. ඒ නිසා දෙවි මොන වගේ කෙනෙක්ද කියා තේරුම්ගන්න ඔවුන්ට හැකි වී නැහැ. කොහොමවුණත් බයිබලය අධ්‍යයනය කිරීමෙන් යෙහෝවා දෙවි උපදේශකයෙකු, ගැලවුම්කරුවෙකු, යහපත් දේවල් සපයන්නෙකු සහ තවත් විවිධ ආකාරවලින් කටයුතු කරන දෙවි කෙනෙකු බව අවබෝධ කරගැනීමට හැකියි. ඇත්තෙන්ම දෙවිගේ නාමයේ අර්ථය අවබෝධ කරගැනීමෙන් ඔහු කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇති වෙනවා.

නමුත් දෙවිගේ නාමයේ අර්ථය අවබෝධ කරගෙන ඒ තුළින් දෙවිව වඩාත් හොඳින් හඳුනාගැනීම අද අභියෝගයක් වී තිබෙනවා. එයට හේතුව අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න