ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 11/1 7 පි.
  • හොඳ මිතුරන්ව තෝරාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ මිතුරන්ව තෝරාගන්න
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හොඳ මිතුරන්ව තෝරාගන්න පුළුවන් කොහොමද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ට ආදරේ කරන අයව යාළුවන් කරගන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ඔහු පණට මෙන් තම මිතුරාට ආදරය කළා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • දෙවිගේ මිතුරන් අපගෙත් මිතුරන් කරගනිමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 11/1 7 පි.

4

හොඳ මිතුරන්ව තෝරාගන්න

බයිබලයේ සඳහන් දෙය. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.”—හිතෝපදේශ 13:20.

අභියෝගය. අපි ඇසුරු කරන මිතුරන්ගේ ආකල්ප සහ ඔවුන් අපි සමඟ කතා කරන දේවල් අපේ සිතුවිලිවලට බලපානවා. (1 කොරින්ති 15:33) එමනිසා අපට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වීමට හෝ නොවීමට මිතුරන් හේතුවක් වෙනවා කියා පැවසිය හැකියි.

එය තේරුම්ගැනීමට පුරාණයේ සිදු වූ දෙයක් සලකා බලන්න. එක් අවස්ථාවකදී කානාන් දේශයේ ඔත්තු බැලීම සඳහා ඊශ්‍රායෙල්වරු 12දෙනෙක් පිටත්ව ගියා. ඔවුන්ගෙන් දසදෙනෙක්ම නැවත පැමිණ පැවසුවේ කානාන් දේශය ගැන නරක තොරතුරුයි. නමුත් ඉන් දෙදෙනෙක් “අපි බලන්න ගිය දේශය ඉතා සාරවත් දේශයක්” කියා පැවසුවා. කොහොමවුණත් කානාන් දේශය ගැන නරක තොරතුරු පැවසූ අයගේ ආකල්ප ඊශ්‍රායෙල්වරුන්ට කොතරම් බලපෑවාද කියනවා නම් ඔවුන් ‘මහා හයියෙන් හඬන්නත් මැසිවිලි නඟන්නත්’ පෙලඹුණා.—ගණන් කතාව 13:30–14:9.

අද සිටින බොහෝ අයත් ‘තම ජීවිතය ගැන සෑහීමට පත් නොවී නිතරම කොඳුරමින් සිටිනවා.’ (යූද් 16) අපිත් මිතුරන් ලෙස තෝරාගෙන තිබෙන්නේ එවැනි අයව නම් සෑහීමට පත් වීම අපිටත් අභියෝගයක් විය හැකියි.

කළ හැකි දෙය. ඔබේ මිතුරන් නිතරම කතා කරන්නේ කුමන දේවල් ගැනද? ඔවුන් සතුව තිබෙන දේවල් ගැන ඔවුන් පුරසාරම් දොඩනවාද? නැත්නම් තමන්ට නැති දේවල් ගැන ඔවුන් කොඳුරනවාද? ඔබත් ඔබ සතුව ඇති දේවල් ගැන පුරසාරම් දොඩනවාද? නැත්නම් ඔබේ මිතුරන්ට ඔවුන් සතුව තිබෙන දේවලින් සෑහීමට පත් වෙන්න උපකාර කරනවාද?

පුරාණයේ සිටි දාවිත් සහ සාවුල් රජුගේ පුත් යොනාතාන් අතර තිබූ මිත්‍රත්වය ගැන සලකා බලන්න. සාවුල් රජගේ මරණ තර්ජන නිසා දාවිත්ට යම් කාලයක් පාළුකරයේ ජීවත් වීමට සිදු වුණා. යොනාතාන්, සාවුල්ගෙන් පසුව රජ බවට පත් වීමට නියමිතව සිටියත් යෙහෝවා දෙවි ඊළඟ රජු ලෙස තෝරාගෙන තිබෙන්නේ දාවිත්ව බව ඔහු තේරුම්ගත්තා. ඒ නිසා යොනාතාන් දාවිත්ට උපරිමයෙන් සහයෝගය දීමෙන් සෑහීමට පත් වුණා.—1 සාමුවෙල් 19:1, 2; 20:30-33; 23:14-18.

ඔබත් තෝරාගත යුත්තේ තිබෙන දෙයින් සෑහීමට පත්ව සිටින්න උත්සාහ කරමින් ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වන මිතුරන්වයි. (හිතෝපදේශ 17:17) එවැනි අයව ඔබේ මිතුරන් කරගැනීමට නම් ඔබත් යහපත් ගතිගුණ විදහාපෙන්වීමට උත්සාහ කළ යුතුයි.—ෆිලිප්පි 2:3, 4.

[7වන පිටුවේ පින්තූරය]

සෑහීමට පත් වෙන්න උපකාර කරන මිතුරන්ව ඇසුරු කරන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න