ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 11/1 22-23 පි.
  • ලාදුරු රෝගියෙක් සුවය ලබයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලාදුරු රෝගියෙක් සුවය ලබයි!
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 11/1 22-23 පි.

යොවුන් ඔබට

ලාදුරු රෝගියෙක් සුවය ලබයි!

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ කොටස කියවන විට ඔබත් එම ස්ථානයේ සිටිනවා කියා සිතන්න.

ප්‍රධාන චරිත: නාමන්, එලිෂා සහ ඊශ්‍රායෙල් දැරිය

සාරාංශය: ඊශ්‍රායෙල් දැරිය පැවසූ දේට සවන් දී එලිෂා වෙත ගිය සිරියාවේ හමුදාපති වූ නාමන්ගේ ලාදුරු රෝගය සුව වෙයි.

1 සිතින් මවාගන්න.—2 රාජාවලිය 5:1-19 දක්වා කියවන්න.

සිරියාවේ කොල්ලකරුවන් විසින් රැගෙන ආ ඊශ්‍රායෙල් දේශයේ දැරියට දෙවිට නමස්කාර කළ තම පවුලේ අයගෙන් ඈත්ව ජීවත් වීමට සිදු වීම ගැන කෙසේ හැඟෙන්න ඇද්ද?

․․․․․

නාමන් ඉතා එඩිතර හමුදාපතියෙකු වුණත් ඔහුට ලාදුරු රෝගය වැලඳී තිබුණ නිසා ඔහුට කෙසේ හැඟෙන්න ඇද්ද?

․․․․․

නාමන් කතා කළ ආකාරය සහ ඔහුගේ සේවකයන් ඔහු සමඟ කතා කළ ආකාරය ගැන පැවසිය හැක්කේ කුමක්ද? (2 රාජාවලිය 5:11-13 දක්වා කියවන්න)

․․․․․

නාමන්ගේ සිතුවිලි වෙනස් වූ ආකාරය ගැන පැවසිය හැක්කේ කුමක්ද? (2 රාජාවලිය 5:15-19 දක්වා කියවන්න)

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

නාමන් උඩඟු ලෙස කටයුතු කරන්න ඇත්තේ කුමන හේතු නිසා විය හැකිද? (2 රාජාවලිය 5:1 නැවත කියවන්න.)

․․․․․

අමතර පර්යේෂණයක් කරමින් ලාදුරු රෝගය අතීතයේදී කොතරම් භයානක රෝගයක්ව තිබුණාද කියාත් එය බෝ වන රෝගයක්ද කියාත් ඊට ප්‍රතිකාර කළේ කෙසේද කියාත් සොයන්න.a

․․․․․

නාමන්ගේ ලාදුරු රෝගය සුව වීම ඊශ්‍රායෙල් දැරියට කෙසේ බලපාන්න ඇද්ද?

․․․․․

එලිෂා මුලින් ක්‍රියා කළ ආකාරය නිසා නාමන් අසතුටු වන්න ඇත්තේ ඇයි? (2 රාජාවලිය 5:10 කියවන්න.)

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත් දේ ලියන්න.

උඩඟු ලෙස කටයුතු කිරීමේ භයානකකම.

․․․․․

යෙහෝවා දෙවි කෙරෙහි ඔබ තුළ තිබෙන විශ්වාසය ගැන නිර්භීතව කතා කිරීම.

․․․․․

රෝගීන්ව සුව කිරීමට යෙහෝවා දෙවිට ඇති හැකියාව.

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ බයිබලය කියවීමට පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න www.watchtower.org

[පාදසටහන]

a අතීතයේදී පැවති ලාදුරු රෝගය වර්තමානයේ හඳුන්වන්නේ හැන්සන්ගේ රෝගය ලෙසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න