ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 7/1 30-31 පි.
  • වරදට පෙලඹෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වරදට පෙලඹෙන්න එපා
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බොරු චෝදනාවලට භය වෙන්න එපා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 7/1 30-31 පි.

යොවුන් ඔබට

වරදට පෙලඹෙන්න එපා

යෝසෙප්—1වෙනි කොටස

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අතීතයේ සිදු වූ සැබෑ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: යෝසෙප් සහ පොතිෆර්ගේ බිරිඳ

සාරාංශය: පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ව වැරදි හැසිරීමකට පොලඹවාගන්න උත්සාහ කළත් යෝසෙප් එය ප්‍රතික්ෂේප කරයි.

1 සිතින් මවාගන්න.—උත්පත්ති 39:1-12 දක්වා කියවන්න.

පොතිෆර්ගේ සුවිසල් නිවස කොයි වගේ එකක් වෙන්න ඇද්ද?

․․․․․

යෝසෙප්ට මොන වගේ පෙනුමක් තිබෙන්න ඇද්ද? (උත්පත්ති 39:6 කියවන්න.)

․․․․․

යෝසෙප් පොතිෆර්ගේ බිරිඳට කතා කළ ආකාරයෙන් ඔබ දකින්නේ ඒ අවස්ථාවේ ඔහු තුළ මොන වගේ හැඟීම් තිබුණු බවද? (උත්පත්ති 39:8, 9 කියවන්න.)

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

යෝසෙප්ට පොතිෆර්ගේ බිරිඳ සමඟ වැරදි හැසිරීමක යෙදෙන්න ඕනෑ තරම් අවස්ථාව තිබුණා කියා පැවසිය හැක්කේ ඇයි? (ෆිලිප්පි 2:12 කියවා යෝසෙප් සිටි පරිසරය ගැන සිතන්න. උදාහරණයකට ඒ අවස්ථාවේ යෝසෙප්ගේ පවුලේ අය සහ දෙවිට නමස්කාර කළ සෙනඟ සිටියේ කොහෙද?)

․․․․․

අනාචාරයේ හැසිරීම වැරදි බව පවසමින් යෝසෙප්ගේ කාලයේදී යෙහෝවා දෙවි පැහැදිලි නීතියක් දී නොතිබුණත් වෙන කෙනෙකුගේ බිරිඳක් සමඟ අනාචාරයේ හැසිරීම දෙවිට විරුද්ධව කරන වරදක් කියා ඔහු දැනගෙන සිටියේ කෙසේද? (උත්පත්ති 2:24; 12:17, 18; රෝම 2:14, 15; හෙබ්‍රෙව් 5:14 කියවා ගැඹුරින් සිතන්න.)

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

තමාව පාලනය කරගැනීම හා ගෞරවය රැකගැනීම අතර තිබෙන සම්බන්ධය.

․․․․․

දෙවිගේ ප්‍රතිපත්ති රකිමින් ජීවත් වෙන අයට ලැබෙන ප්‍රයෝජන.

․․․․․

“වටහාගැනීමේ හැකියාව” පුහුණු කිරීමේ ඇති වැදගත්කම (හෙබ්‍රෙව් 5:14)

․․․․․

මේ ගැනත් සිතන්න.

නුසුදුසු ලිංගික ක්‍රියාවලින් වැළකී සිටීම සඳහා කුමන දේවල් පිළිබඳව සැලකිලිමත් විය යුතුද? (යෝබ් 31:1; ගීතාවලිය 119:37; එෆීස 5:3, 4 කියවා ගැඹුරින් සිතන්න.)

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න. එසේත් නැත්නම් www.watchtower.org වෙබ් අඩවියට පිවිසෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න