ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 10/1 12-13 පි.
  • ජීවිත වෙනස් කළ පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිත වෙනස් කළ පොතක්
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ජීවිත වෙනස් කළ පොතක්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 10/1 12-13 පි.

ජීවිත වෙනස් කළ පොතක්

කුඩා කාලයේ සිට ඉගෙනගත් ආගමික ප්‍රතිපත්ති අත්හැරිය යෞවනියක් නැවත ඒවා පිළිපදින්න පෙලඹුණේ ඇයි? ඒ ගැන ඇය පැවසූ දේ අපි බලමු.

“මම දැන් සැබෑ සතුට භුක්ති විඳිනවා”—ලීසා ආන්ඩ්‍රේ

උපත ලැබූ වසර: 1986

රට: ලක්සෙම්බර්ග්

අතීතයේදී: දඩබ්බර ළමයෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ ලක්සෙම්බර්ග් නගරයේ පිරිසිදු, සාමකාමී සහ ධනවත් ගම්මානයක් වන බාර්ට්රෙන්ජ්වලයි. මට, වැඩිමල් සහෝදර සහෝදරියන් හතරදෙනෙක් ඉන්නවා. මගේ දෙමාපියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඒ නිසා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්නේ කොහොමද කියලා පොඩි කාලේදීම අපිට කියලා දෙන්න අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වුණා.

මට අවුරුදු 13ක් 14ක් වෙද්දී සාක්ෂිකරුවන් උගන්වන දේවල් ඇත්තද කියලා මට සැක හිතුණා. ඒත් ඒ ගැන ඇත්ත නැත්ත හොයන්න මම උත්සාහ කළේ නැහැ. ඒ නිසා දෙවියන් ගැන මට තිබුණු විශ්වාසය ටිකෙන් ටික අඩු වුණා. මට උදව් කරන්න අම්මයි තාත්තයි උත්සාහ කළත් මම ඒ අය කියන දේ ඇහුවේ නැහැ. ඒ දෙන්නට හොරෙන් මම මගේ යාළුවන්ව හුඟක් කිට්ටුවෙන් ආශ්‍රය කළා. එයාලට නම් කිසිම හැදියාවක් තිබුණේ නැහැ. ඒත් ඒ අය හරිම නිදහසේ ඉන්නවා කියලා හිතුණ නිසා ඒ අය වගේ වෙන්න මටත් ඕන වුණා. අපි හැමතිස්සේම වගේ විනෝද වුණා. ඉවක්බවක් නැතුව ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. මත් වෙන්න තිබුණු ආසාව නිසා මත් වෙන බෙහෙත් බිව්වා. මත්පැන් බිව්වා. මේ තරම් විනෝදයෙන් ඉන්න අයත් එක්ක ආශ්‍රය කරන්න ලැබුණු එක ගැන මම හුඟක් සතුටු වුණා.

ඒත් මගේ ජීවිතයේ ලොකු අඩුවක් තියෙනවා කියලා මට දැනුණා. ඒ වගේම මේ ලෝකයේ මෙච්චර අසාධාරණකම් වෙන්නේ ඇයි කියන එක ගැන මම නිතරම හිතුවා. කල් ගත වෙන්න ගත වෙන්න මට දැනුණු අසහනය වැඩි වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: එක දවසක් මම හොඳටම කලකිරිලා හිටියා. ඒ වෙනකොට මට වයස 17යි. එදා අම්මා මට කිව්වා ආපහු බයිබලය ඉගෙනගන්න කියලා. ඊටපස්සේ ඒකෙ තියෙන විදිහට ජීවත් වෙනවද නැද්ද කියලා ඔයාම තීරණය කරන්න කියලා අම්මා මට කිව්වා. එදා අම්මයි මායි කරපු ඒ සාකච්ඡාව නිසා මගේ ජීවිතයේ ලොකු වෙනසක් වෙන්න පටන්ගත්තා. මගේ අක්කා කාලීන් සහ එයාගේ මහත්තයා ආකිෆ් එක්ක බයිබලය පාඩම් කරන්න මම කැමති වුණා. ආකිෆ් සාක්ෂිකරුවෙක් වුණේ එයා වැඩිහිටියෙක් වුණාට පස්සෙයි. ඒ නිසා මගේ තත්වය එයා තේරුම්ගනියි කියලා මට හිතුණා. මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න මට ලොකු උවමනාවක් තිබුණ නිසා එයත් එක්ක පාඩම් කරන්න මම කැමති වුණා.

මම ජීවත් වුණේ සාක්ෂිකරුවන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව නෙවෙයි. මම ජීවත් වෙන්න ඕනේ මට ඕන විදිහට කියලයි මම හිතුවේ. හැබැයි බයිබලය ඉගෙනගනිද්දී මට තේරුණා මම ජීවත් වෙන ආකාරයෙන් යෙහෝවා දෙවි සතුටට හෝ දුකට පත් වෙනවා කියලා. (ගීතාවලිය 78:40, 41; හිතෝපදේශ 27:11) ඒ වගේම මගේ හැසිරීම අනිත් අයටත් බලපානවා කියලා මම තේරුම්ගත්තා.

බයිබලය දෙවිගේ වචනය කියලා විශ්වාස කරන්න තියෙන පැහැදිලි සාක්ෂි බයිබලය අධ්‍යයනය කරද්දී මම තේරුම්ගත්තා. බයිබලයේ සඳහන් වෙලා තියෙන අනාවැකි ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා කියලා මම ඉගෙනගත්තා. බයිබලය ගැන මට තිබුණු ප්‍රශ්නවලට මට පිළිතුරු ලැබුණා.

බයිබලය පාඩම් කරන්න අරන් අවුරුද්දකට විතර පස්සේ මමයි මගේ දෙමාපියනුයි ජර්මනියේ තියෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය බලන්න ගියා. මගේ වැඩිමල් සහෝදරයා සේවය කළෙත් ඒ ශාඛා කාර්යාලයේයි. එයා කොච්චර සන්තෝෂයෙන්ද ඉන්නේ කියලා මම දැක්කා. මුල ඉඳලාම මටත් ඕන වුණේ ඒ වගේ සන්තෝෂයෙන් ඉන්න. එතන ඉන්න අනිත් අයත් ගොඩක් සන්තෝෂයෙන් ඉන්නවා කියලා මම දැක්කා. මගේ යාළුවන්ට වඩා මේ අය ගොඩක් වෙනස්. ටික දවසකට පස්සේ මම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා මගේ ජීවිතයේ ඉතුරු කාලයේ දෙවිට සේවය කරනවා කියලා පොරොන්දු වුණා. ඒ පොරොන්දුවට අනුව අවුරුදු 19දී මම දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම දැන් සැබෑ සතුට භුක්ති විඳිනවා. යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් මම දැන් අනිත් අයට කියලා දෙනවා. ඒකෙන් මම ලොකු සතුටක් ලබනවා. මම දැන් වෙනස් කෙනෙක් නිසා මගේ පවුලේ අය මං ගැන දුක් වෙන්නේ නැහැ.

මං ගොඩක් වැරදි කළා. හැබැයි මම දැන් ඒවා ගැන හිත හිත ඉන්නේ නැහැ. යෙහෝවා දෙවි සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න දෙවි කෙනෙක් නිසාත් මං ගැන ගොඩක් සැලකිලිමත් නිසාත් මම හිතන්නේ ඒ ගැන විතරයි. හිතෝපදේශ 10:22හි කියන මේ වචන කොයි තරම් ඇත්තද කියලා මම දන්නවා. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.”

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘අපි හුඟක් වෙලාවට විනෝද වුණා. ඉවක්බවක් නැතුව ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. මත්පැන් බිව්වා’

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මං ගොඩක් වැරදි කළා. හැබැයි මම දැන් ඒවා ගැන හිත හිත ඉන්නේ නැහැ”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න