ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 12/1 3 පි.
  • දේවශාපයක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවශාපයක්ද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?
    බයිබලයෙන් උත්තර
  • මෙතරම් ස්වාභාවික විපත් සිදු වෙන්නේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාභාවික විපත්වලින් දෙවි දඬුවම් කරනවාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වභාවික විපත් දෙවියන්ගේ දඬුවමක්ද?
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 12/1 3 පි.

දේවශාපයක්ද?

වර්ෂ 2011 මාර්තු මාසයේ ජපානයේ සිදු වූ රික්ටර් මාපක 9.0ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවෙන් හා ඉන් ඇති වූ සුනාමි තත්වයෙන් පසු ජපානයේ දේශපාලනඥයෙක් මෙවැනි අදහසක් ප්‍රකාශ කළා. “කරදරයේ වැටුණු අය ගැන නම් මට දුකයි, හැබැයි මම නම් හිතන්නේ ඒක දෙවියන්ගෙන් එයාලට ලැබුණු දඬුවමක් කියලයි.”

මිනිසුන් 2,20,000ක් මරණයට පත් කරමින් 2010 ජනවාරි මාසයේ හයිටිවල සිදු වූ භූමිකම්පාවෙන් පසු ප්‍රසිද්ධ පූජකවරයෙක් මෙවැනි අදහසක් පළ කළා. “ඒකට මුහුණ දුන්නේ ගොඩක් දුෂ්ට වැඩ කළ අයයි.”

පිලිපීනයේ මැනිලාවල සිදු වූ කලබලයකදී ඇති වූ තෙරපීමක් නිසා පුද්ගලයන් 79දෙනෙක් මිය ගිය අවස්ථාවේදී කතෝලික පූජකවරයෙක් පැවසුවේ “දෙවිට ඕන වුණේ එයාලට පාඩමක් උගන්වන්න” කියායි. එම රටේ පුවත්පතක මෙසේ වාර්තා වුණා. “නාය යෑම්, සුළිසුළං සහ වෙනත් ස්වාභාවික විපත් මගින් දෙවි ඔහුගේ කෝපය ප්‍රකාශ කරන බව වැඩිහිටියන්ගෙන් සියයට 21ක් පිළිගන්නවා.”

ස්වාභාවික විපත් ඇති වන්නේ දේවශාපයක් නිසයි යන අදහස අලුත් එකක් නොවෙයි. වර්ෂ 1755දී පෘතුගාලයේ ලිස්බන් නුවරට බලපෑ භූමිකම්පාව සහ ඒ නිසා ඇති වූ ගිනි ගැනීම් මෙන්ම සුනාමි තත්වය නිසා 60,000ක් පමණ මිය ගිය විට ‘ලිස්බන්වල මේ තරම් දුෂ්ට මිනිසුන් ඉන්නවාද’ කියා ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් ඇසුවා. එවැනි සිද්ධීන් නිසා මිනිසුන්ට දඬුවම් කරන්න දෙවි ස්වාභාවික විපත් යොදාගන්නවාද යන ප්‍රශ්නය ගැන බොහෝදෙනා කල්පනා කරනවා. බොහෝ රටවල සිටින අය එවැනි විපත් හඳුන්වන්නේ දේවශාපයන් ලෙසයි.

දෙවි ස්වාභාවික විපත් යොදාගෙන මිනිසුන්ට දඬුවම් කරනවාද? මෑතකදී සිදු වූ ස්වාභාවික විපත් දෙවිගෙන් ලැබුණු දඬුවම්ද? එවැනි ප්‍රශ්න ගැන සලකා බැලීම වැදගත්.

ස්වාභාවික විපත් දෙවිගේ දඬුවමක් ලෙස විශ්වාස කරන අය ඊට සාක්ෂි ලෙස බයිබලයේ සඳහන් සිද්ධීන්ද සඳහන් කරනවා. (උත්පත්ති 7:17-22; 18:20; 19:24, 25; ගණන් කතාව 16:31-35) නමුත් බයිබලයේ සඳහන් එම සිද්ධීන් සහ වර්තමානයේ සිදු වන ස්වාභාවික විපත් අතර කැපීපෙනෙන වෙනස්කම් තුනක් තිබෙනවා. 1. බයිබලයේ සඳහන් විනාශයන් ඇති වීමට පෙර ඒ ගැන අනතුරු ඇඟෙව්වා. 2. බයිබලයේ සඳහන් සිදුවීම්වලදී විනාශ වුණේ නරක මිනිසුන් පමණයි. 3. අහිංසක මිනිසුන්ට ඉන් බේරීමට යම් ක්‍රම දෙවි සලසා දුන්නා.—උත්පත්ති 7:1, 23; 19:15-17; ගණන් කතාව 16:23-27.

විශාල දේපළ හානි හා ජීවිත හානි සිදු කරමින් එක පිට එක සිදු වන ස්වාභාවික විපත් නිසා මිනිසුන්ගේ ජීවිතවල විශාල වෙනස්කම් සිදු වෙනවා. නමුත් එම ව්‍යසන සිදු කරන්නේ දෙවි බව පැවසීමට කිසිම සාක්ෂියක් නැහැ. එසේනම් වර්තමානයේ මෙතරම් ස්වාභාවික විපත් සිදු වෙන්නේ ඇයි? එවැනි තත්වයකට අපට මුහුණ දෙන්න පුළුවන් කොහොමද? ස්වාභාවික විපත් ඇති නොවන කාලයක් පැමිණේවිද? ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඊළඟ ලිපිවල සාකච්ඡා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න