ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 10/1 16-17 පි.
  • හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
    බයිබලයෙන් උත්තර
  • සදහටම ජීවත් වෙන්න අපිට පුළුවන්
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඇත්තටම සදාකල් ජීවත් විය හැකිද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාටත් පුළුවන් පාරාදීසයේ ජීවත් වෙන්න
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 10/1 16-17 පි.

බයිබලයෙන් පිළිතුරු සොයමු

හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පදද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. අපේ ජීවිතය මේ තරම් කෙටියි කියලා අපිට හිතෙන්නේ ඇයි?

ඉබ්බෙක්

සමහර කැස්බෑවන් අවුරුදු 150ක් ජීවත් වෙනවා. සමහර ගස් අවුරුදු 3,000ක් පවතිනවා. ඒත් ඒ දේවලට වඩා වටින අපේ ජීවිතය හරිම කෙටියි. සංගීතය, ක්‍රීඩා, කෑම, සංචාරය කිරීම, අධ්‍යාපනය, එකිනෙකාව ආශ්‍රය කිරීම වගේ දේවලින් ලොකු සතුටක් ලබන ගමන් හැමදාම ජීවත් වෙන්නත් අපි ආසයි. ඒ ආසාව ඇතුව තමයි යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ.—දේශනාකාරයා 3:11 කියවන්න.

2. අපිට හැමදාම ජීවත් වෙන්න පුළුවන්ද?

යේසුස් මිනිසෙක්ව නැවත නැඟිටෙව්වා

ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවිට අවසානයක් නැහැ. අපිට හැමදාම ජීවත් වීමේ අවස්ථාව දෙන්න පුළුවන් දෙවිට විතරයි. (ගීතාවලිය 36:9; හබක්කුක් 1:12) දෙවිට කීකරු වෙන අයට ඒ අවස්ථාව දෙන්න දෙවිම පොරොන්දු වෙලා තියෙනවා. දුකට හේතු වෙන හැම දෙයක්ම එදාට දෙවි අයින් කරනවා.—යෝබ් 33:24, 25; යෙසායා 25:8; 33:24 කියවන්න.

දෙවිට ඒ දේවල් කරන්න බලය තියෙනවා කියලා යේසුස් පොළොවේ ඉද්දී කරපු දේවලින් ඔප්පු වුණා. අසනීපවලින් දුක් වින්ද හුඟක් අයව සුව කළ යේසුස් මැරුණු අයටත් නැවත ජීවිතය දුන්නා.—ලූක් 7:11-15, 18, 19, 22 කියවන්න.

3. අපිට හැමදාම ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කවදාද?

අපි ප්‍රශ්න ගැටලු නිසා දුක් විඳිනවා වෙනුවට පාරාදීස පොළොවක හැමදාමත් සතුටින් ජීවත් වෙනවාටයි යෙහෝවා දෙවි කැමති. (ගීතාවලිය 37:9, 29; යෙසායා 65:21,22) ඒ නිසා දෙවි ළඟදීම මේ පොළොව පාරාදීසයක් කරනවා. මැරුණු අයටත් ඒ කාලෙදී ආයෙත් ජීවිතය ලැබෙනවා. ඒ කාලෙදී තමයි දෙවිට කීකරු වෙන අයට හැමදාමත් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.—ලූක් 23:42, 43; යොහන් 5:28, 29 කියවන්න.

4. සදාකාල ජීවිතය ලබාගන්න අපි මොනවද කරන්න ඕනේ?

බයිබලය කියවන කෙනෙක්

දෙවිව දැන හඳුනා ගැනීමට දරන වෙහෙස අපතේ යන්නේ නැහැ

අපි දෙවිව හොඳින් දැන හඳුනාගන්න ඕනේ. ඒ දේ කරන්න අපිට බයිබලය උදව් වෙනවා. අපේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත නෙවෙයි, දෙවි පවසන දේවල් මත කියලා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 4:4) කෑම කන එක ලේසි දෙයක් වුණත් ඒවා හදන්න මහන්සි වෙන්න ඕනේ. ඒ වගේ තමයි දෙවි කියලා තියෙන දේවල් තේරුම් අරගෙන ඒවා ජීවිතයට අදාළ කරගන්නත් අපි මහන්සි වෙන්න ඕනේ. සදාකාල ජීවිතය තරම් වටිනා වෙන කිසිම දෙයක් නැති නිසා ඒ මහන්සිය කවදාවත් අපතේ යන්නේ නැහැ.—ලූක් 13:23, 24; යොහන් 6:27; 17:3 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වන පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න