ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 12/1 9 පි.
  • වැඩි සතුටක් අද්දැක්කා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩි සතුටක් අද්දැක්කා!
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • හරය ගිලිහිලාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • නත්තලෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නවීන නත්තලේ මූලාරම්භයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 12/1 9 පි.

වැඩි සතුටක් අද්දැක්කා!

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් පිළිපදින මිලියන ගණනක් නත්තල සමරන්නේ නැහැ. ඒ කියන්නේ සතුටු වෙන්න තියෙන හොඳ අවස්ථාවක් එයාලා නැති කරගෙන කියන එකද? ඒ ගැන එයාලම කියන්නේ මොකක්ද කියලා බලමු.

ඊව්

යේසුස්ව සිහි කරනවාද? “ඉස්සර මං පල්ලි ගියේ එක්කෝ නත්තලට නැත්නම් පාස්කුවට. ඒ ගියත් මං යේසුස් ගැන හිතුවේ නැහැ. දැන් මං නත්තල සමරන්නේ නෑ. ඒ වුණාට දැන් මම සතියට දෙපාරක්ම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන නිසාත් අනිත් අයට යේසුස් ගැන කියලා දෙන නිසාත් මට නිතරම වගේ යේසුස්ව සිහි වෙනවා.”—ඊව්, ඕස්ට්‍රේලියාව.

රූබන්

තෑගිබෝග දෙනවාද? “හිතපු නැති වෙලාවක කවුරු හරි තෑග්ගක් දුන්නම මට පුදුම සතුටක් දැනෙනවා. පොඩි පොඩි කාඩ් හදලා, පින්තූර ඇඳලා අනිත් අයට දෙන්න මාත් හරි කැමතියි. ඒකෙන් එයාලා වගේම මාත් සතුටු වෙනවා.”—රූබන්, උතුරු අයර්ලන්තය.

එමලි

අන් අයට උදව් කරනවාද? “කෑමක් හදාගෙන අසනීපෙන් ඉන්න අයව අපි බලන්න යන්නේ හරිම සතුටින්. එහෙම යද්දී සමහර වෙලාවට අපි මල් පොකුරක්, කේක් එකක්, පොඩි තෑග්ගක් අරගෙන යනවා. අනිත් අයට උදව් කරන්න විශේෂ දවසක් එනකම් බලන් ඉන්න ඕනෙ නැති එක කොච්චර හොඳ දෙයක්ද!”—එමලි, ඕස්ට්‍රේලියාව.

වෙන්ඩි

පවුලේ අය එකතු වෙනවාද? “පවුලක් හැටියට එකතු වෙන්න අපි විශේෂ දවසක් එනකම් බලාගෙන ඉන්නේ නෑ. අපි නිතරම පවුලේ අයව, නෑදෑයන්ව බලන්න යන හින්දා එයාලා දන්නවා අපි එයාලට ආදරෙයි කියලා. අපේ දරුවන්ටත් පුළුවන් වෙලා තියෙනවා ආච්චිලා සීයලා, නැන්දලා මාමලා, ඥාති සහෝදර සහෝදරියන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න.”—වෙන්ඩි, කේමන් දූපත්.

සාන්ඩ්‍රා

සාමය තියෙනවාද? “නත්තල් කාලේ කරන්න ගොඩක් වැඩ තියෙන නිසා හුඟක් අයට සාමය ගැන හිතන්න වෙලාවක් නෑ. ඒත් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගද්දී මම දැනගත්තා අනාගතේදී අපිට සාමය ඇත්තටම උදා වෙනවා කියලා. ඒ නිසා මගේ දරුවන්ගේ අනාගතේ ගැන මට භයක් නෑ.”—සාන්ඩ්‍රා, ස්පාඤ්ඤය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න