ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 12/1 21 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ලුණු වටිනා වෙළඳ ද්‍රව්‍යයක්
    2002 පිබිදෙව්!
  • ‘හිරු හා සයුරෙන්’ බිහි වන දරුවෙක්
    2006 පිබිදෙව්!
  • සයුරෙන් ලුණු සූර්යයා සහ සුළං උපකාරයෙන්
    2003 පිබිදෙව්!
  • තවත් ලුණු ජාතියක්
    2005 පිබිදෙව්!
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 12/1 21 පි.

ඔබ දැන සිටියාද?

ලුණුවල ලුණු රසය නැති වෙන්න පුළුවන් කියා යේසුස් කියූ දේ ඇත්තක්ද?

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “ඔබ පොළොවෙහි ලුණු හා සමානයි. නමුත් ලුණුවල ලුණු රසය නැති වුණොත් එය නැවත ඇති කරන්නේ කොහොමද? පිටතට විසි කරනු ලැබීමට මිස එය වෙන කිසිම දෙයකට ප්‍රයෝජනවත් වන්නේ නැහැ. අන්තිමේදී එය මිනිසුන්ගේ පයට පෑගී යයි.” (මතෙව් 5:13) කෑම නරක් නොවී ආරක්ෂා කරගැනීමට සාමාන්‍යයෙන් ලුණු භාවිත කරනවා. ඒ නිසා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඒ උදාහරණය කියන්න ඇත්තේ අනික් අයව නරක බලපෑම්වලින් ආරක්ෂා කර දෙවිට දිගටම ළං වී සිටීමට ඔවුන්ට උදව් කිරීමේ වගකීම ඔහුගේ අනුගාමිකයන්ට තිබෙනවා කියා පෙන්වීමට විය හැකියි.

මළ මුහුදු වෙරළේ තිබෙන ලුණු

එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “මළ මුහුදෙන් ලබාගන්නා ලුණුවල සාමාන්‍යයෙන් වෙනත් ඛනිජ ලවණ මිශ්‍ර වී තිබෙනවා. ඒ නිසා ලුණු දිය වී ගිය පසු කිසිම රසක් නැති ද්‍රව්‍යයක් ඉතුරු වෙනවා. වෙනත් ඛනිජ ලවණ මිශ්‍ර වී තිබෙන නිසා මළ මුහුදෙන් ලබාගන්නා ලුණු අනික් මුහුදුවලින් ලබාගන්නා ලුණුවලට වඩා තත්වයෙන් බාලයි. නමුත් ඒ ලුණු සොයාගන්න හරිම ලේසියි. වෙරළෙන් වුණත් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා පලස්තීනයේ අය වැඩියෙන් පාවිච්චි කළේ මළ මුහුදේ ලුණුයි.” (The International Standard Bible Encyclopedia) ඒ අනුව ලුණුවල ලුණු රසය නැති වෙන එක ගැන යේසුස් කියපු දේ ඇත්තක්.

යේසුස් කියූ උපමාවේ සඳහන් කාන්තාව නැති වුණු රිදී කාසිය හොයන්න මහන්සි වුණේ ඇයි?

රිදී කාසියක්

ඒ උපමාවේ සඳහන් කාන්තාව ඇයට තිබුණු රිදී කාසි දහයෙන් එකක් නැති වූ විට පහනක් දල්වාගෙන ගොඩක් පරෙස්සමින් ගේ අතුගා ඒක ලැබෙන තෙක්ම හෙව්වා. (ලූක් 15:8-10) ඒ කාලයේ හැටියට රිදී කාසියක වටිනාකම සාමාන්‍යයෙන් කුලීකරුවෙක් දවසකට උපයන වැටුපට බොහෝදුරට සමාන වුණා. ඒ නිසා මේ කාන්තාවට නැති වුණේ එක කාසියක් වුණත් ඒකේ සෑහෙන වටිනාකමක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ඒ කාන්තාව මහන්සි වී කාසිය හොයන්න තව හේතුත් බලපාන්න ඇති.

සමහර පොත්වලට අනුව, ඒ කාලයේ කාන්තාවන් ළඟ තිබුණු කාසි ඔවුන්ට පරම්පරාවෙන් උරුමයක් හැටියට ලැබුණු ඒවායි. නැත්නම් දෑවැද්දට ලැබුණු ඒවායි. සමහරවිට යේසුස් කියූ උපමාවේ කාන්තාව ළඟ තිබුණු කාසි දහයත් ඒ විදිහට ලැබුණු ඒවා වෙන්න පුළුවන්. එහෙමනම් නැති වුණු කාසිය හොයන්න ඇය එච්චර වෙහෙසක් දැරීම පුදුමයක් නෙමෙයි.

ඒ වගේම අතීතයේදී පලස්තීනයේ ගෙවල්වල ජනෙල් තිබුණේ හරිම අඩුවෙන්. ඊට හේතුව ආලෝකය හා උණුසුම නිවස තුළට පැමිණීම අවම කිරීමටයි. එවැනි නිවෙස්වල පිදුරු හෝ ගස්වල වේළුණු ඉති පොළොවේ අතුරා තිබුණා. ඒ නිසා කාසියක් වැටුණොත් ඒක හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා. එක විචාරකයෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “සාමාන්‍යයෙන් ගෙයක් ඇතුළේ කාසියක් වගේ පොඩි දෙයක් වැටුණොත් ඒක හොයාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. පහනක් පත්තු කරගෙන මුළු ගේම අතුගාලා තමයි ඒක හොයාගත්තේ.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න